1හෙසකියා රජ ඒ අසා ශෝකයෙන් තමාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිවිසියේ ය.
2ඔහු ගෝණි රෙදි ඇඳගෙන සිටි රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම් ද ලේකම් වන ෂෙබ්නා ද ජ්‍යෙෂ්ඨ පූජකයන් ද ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා වෙත යැව්වේ ය.
3ඔවුන් අතේ රජතුමා යෙසායා වෙත යැවූ පණිවුඩය මෙසේ ය: “අද දුක ද තර්ජනය ද අපහාසය ද ඇති දවසක් ය. අපි දරුවකු බිහි කරන්න සිටින නමුත්, එසේ කිරීමට නොහැකි තරමට දුර්වල වන ස්ත්‍රියක හා සමාන ය.
4අසිරියාවේ අධිරාජයා ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස ඔහුගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ ලවා කියවූ වචන අපේ දෙවි වන සමිඳාණන් වහන්සේට ඇසෙන්න ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ අපහාසයන් අසා ඒවා කී අයට දඬුවම් කරන සේක්වා. එබැවින් ඉතිරි ව සිටින සෙනඟ උදෙසා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න.”
5යෙසායා හෙසකියා රජුගේ පණිවුඩය ලැබූ විට
6ඔහු වෙත මේ පිළිතුර යැවී ය: “අසිරියාවේ රජුගේ සේවකයන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කිවූ මේ අපහාස වචන ඇසූ විට ඒ ගැන බිය නොවන්න.
7මම, තම දේශයට හැරී යාමට ආරංචියක් ඇසෙන පිණිස අධිරාජයා පිට ආත්මයක් පමුණුවන්නෙමි. ඔහු තම දේශයේ දී කඩුවෙන් වැටී යාමට සලස්වන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
8අසිරියාවේ අධිරාජයා ලාකීෂ් හැර ගොස් ලිබ්නා නුවරට විරුද්ධ ව සටන් කරන බව අසා ඔහු හමුවන පිණිස ප්‍රධාන නිලධාරියා එතැනට ගියේ ය.
9එතියෝපියාවේ රජ වූ තිර්හාකා මිසරයේ හමුදාවන් සමඟ අසිරියන්වරුන්ට පහර දෙන පිණිස එති යි ඔවුන්ට ආරංචියක් ලැබිණ. අධිරාජයා මෙය ඇසූ විට හෙසකියා රජු වෙත පණිවුඩකාරයන් යවමින්,
10ජුදාවේ රජ වූ හෙසකියාට මෙසේ කියන්න කීවේ ය: “මාගේ අතට ජෙරුසලම අසු නොවන්නේ යයි කියන, ඔබ විශ්වාසය තබන දෙවියන් වහන්සේගේ වචනයට නොරැවටෙන්න.
11අසිරියාවේ රජවරුන් සියලු දේශයන් සහමුලින් ම විනාශ කළ හැටි ඔබ අසා ඇත. එසේනම්, ඔබට ගැළවෙන්න පුළුවන් යයි ඔබ සිතන්නෙහි ද?
12මගේ මුතුන්මිත්තෝ ගෝෂාන්, හාරාන් හා රෙශෙප් යන නගර විනාශකර තෙලෙස්සාර්හි සිටි බෙතෙදාන් ජාතිකයන් මරා දැමුවෝ ය. ඒ ජාතීන්ගේ දෙවිවරුන්ගෙන් කිසිවෙකුට ඔවුන් ගළවාගත නොහැකි විය.
13හමාත්, අර්පාද්, සෙපර්වායිම්, හේනා, ඉච්චා යන නුවරවල සිටි රජවරු දැන් කොහේ ද?”
14හෙසකියා පණිවුඩකාරයන්ගේ අතින් ලියුම ගෙන එය කියවා දේව මාලිගාවට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියේ ලියුම තබමින්,
15මෙසේ යාච්ඤා කෙළේ ය.
16
17දැන් සමිඳාණන් වහන්ස, කන් යොමා අපට සවන් දුන මැනව. නෙත් යොමා අප දෙස බැලුව මැනව. ජීවමාන දෙවියන් වන ඔබට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියන සියලු දේට සවන් දුන මැනව.
18සමිඳාණන් වහන්ස, අසිරියාවේ අධිරාජවරුන් බොහෝ රාජ්‍යයන් විනාශකර, ඒ දේශයන් පාළුකර
19ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි දවා ලූ බව අපි දනිමු. ඒ දෙවිවරුන් ඇත්ත වශයෙන් දෙවිවරුන් නොව, මිනිසුන්ගේ අත්වලින් සාදන ලද ලී හා ගල් පිළිම පමණකි. එබැවින් ඒවා විනාශ විය.
20දැන් ඉතින් අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ පමණක් දෙවියන් වහන්සේ වන බව ලෝකයේ සියලු ජාතීන් දැනගන්න පිණිස අසිරියන්වරුන්ගේ අතින් අප ගැළෙව්ව මැනව!”
21එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිළිබඳ ව කළ යාච්ඤාවට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද පිළිතුර මේ යැයි ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා තෙමේ හෙසකියා රජ වෙත පණිවුඩයක් යැව්වේ ය.
22ඔහු ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචනය මෙසේ ය;
23
24
25
26
27
28
29
30එවිට යෙසායා හෙසකියා රජුට මෙසේ කී ය: “සිදු වන්න යන දේ පිළිබඳ ව මෙන්න ඔබට ලකුණක්: මේ අවුරුද්දේ ඉබේ හටගත් දෙයින් ඔබ කන්නෙහි ය; දෙ වන අවුරුද්දේ ඔබට කන්න ලැබෙන්නේ එයින් ඇති වන දෙයයි. තුන් වන අවුරුද්දේ දී ඔබට ධාන්‍ය වපුරා අස්වැන්න කපාගන්නත්, මිදි වතු වවා මිදි පල කන්නත් හැකි වන්නේ ය.
31ජුදා දේශයේ නොමැරී ඉතිරි වන අය ගැඹුරට මුල් ඇදගෙන පල දරන ගස් මෙන් සමෘද්ධිමත් වන්නෝ ය.
32සියලු බලැති සමිඳාණන් වහන්සේ අධිෂ්ඨානකර ඇති පරිදි ජෙරුසලමේ හා සියොන් කන්දේ නොමැරී ඉතිරි වන කොටසක් වන්නෝ ය.
33“අසිරියාවේ අධිරාජයා ගැන සමිඳාණන් වහන්සේ වදාරා ඇති දේ මෙසේ ය: ‘ඔහු මේ නුවරට ඇතුළු වන්නේ වත්, ඊගසක් ඊට විදින්නේ වත්, ඒ ඉදිරිපිට පලිහක් රැගෙන එන්නේ වත්, එය වටලෑම සඳහා පවුරු බඳින්නේ වත් නැත.
34ඔහු පැමිණි පාරෙන් ම ආපසු යනවා ඇත. ඔහු නුවරට ඇතුළු වන්නේ නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
35මාගේ ගෞරවය සඳහාත්, මාගේ සේවක දාවිත්ට කළ පොරොන්දුව නිසාත් මේ නගරය රැක බලා ගළවාගන්නෙමි.”
36ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.
37එවිට අසිරියාවේ අධිරාජයා වූ සෙනකෙරිබ් තෙමේ පසු බැස නිනිවයට ආපසු ගියේ ය.
38දිනක් ඔහු තමාගේ දෙවි වූ නිස්රොක්ගේ දේවාලයේ නමස්කාර කරමින් සිටිය දී, ඔහුගේ පුත්‍රයන් වූ අදුම්මෙලෙක් හා ෂරෙශෙර් ඔහු කඩුවෙන් මරාදමා අරාරාත් රටට පලා ගියෝ ය. ඒසර්-හද්දොන් නම් ඔහුගේ තවත් පුත්‍රයෙක් ඔහු වෙනුවට අධිරාජයා වශයෙන් පත් විය.