1ඒ කාලයේ දී බලදාන්ගේ පුත්‍ර වූ බබිලෝනියේ රජ වූ මෙරොදක්බලදාන් තෙමේ හෙසකියා ලෙඩින් සිට සුවපත් වූ බව අසා ලියුමක් සහ තෑග්ගක් ඔහු වෙත එව්වේ ය.
2හෙසකියා රාජ දූතයන් පිළිගෙන තමන් සතුරන් රිදී ද සුවඳ ද්‍රව්‍ය ද අනර්ඝ තෙල් ද තමාගේ මුළු යුද්ධායුධ ද තම ගබඩාවේ තිබුණු සියල්ල ද ඔවුන්ට පෙන්නුවේ ය. හෙසකියා තමාගේ මාලිගාවේ වත්, මුළු රාජ්‍යයෙහි වත් ඔවුන්ට නොපෙන්වූ කිසිවක් නොතිබුණේ ය.
3එවිට දිවැසිවර යෙසායා, හෙසකියා වෙත ගොස්, “ඒ අය ආවේ කොහෙන් ද? ඔබට ඔවුන් කීවේ කුමක් දැ”යි ඇසී ය. “ඔව්හු දුර රටක් වන බබිලෝනියේ සිට ආවෝ ය”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.
4“ඔව්හු රජ මැදුරේ කුමක් දුටුවෝ දැ”යි යෙසායා ඇසී ය. “ඔව්හු සියල්ල ම දුටුවෝ ය. මාගේ ගබඩාවල ඔවුන්ට නොපෙන්වූ දෙයක් නැතැ”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.
5එවිට යෙසායාතුමා රජුට මෙසේ කී ය: සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මේ වචනය අසන්න.
6ඔබේ රජ මැදුරේ ඇති සියල්ලත්, මේ දවස දක්වා ඇති ඔබේ මුතුන්මිත්තන් රැස් කළ සියලු දේත් කිසිවක් ඉතිරි නොකොට, බබිලෝනියට ගෙනයනු ලබන කාලයක් පැමිණෙන්නේ ය.
7
8මේ කී දේ හෙසකියා තේරුම්ගත්තේ, තමාගේ ම ජීවිත කාලයේ දී සාමයත්, සුරක්ෂිතතාවත් ඇති වේ ය කියා ය. ඒ නිසා, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය යහපත් ය”යි ඔහු යෙසායාට කීවේ ය.