1
2ඔහු බිම හාරා ගල් ඉවත්කර, ඉතා හොඳ මිදි වැල් පැළකර, ඒ මැද මුරකොටුවක් ගොඩ නඟා, මිදියුසට තටාකයක් සාදා, හොඳ මිදි පල ලබන්න බලා සිටියේ ය.
3ඒ නිසා මාගේ පෙම්වතා මෙසේ කියයි; “ජෙරුසලමේ හා ජුදාවේ වැසියෙනි, මා හා මාගේ මිදි වත්ත අතරේ විනිශ්චය කරන්න.
4මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද?
5මෙන්න, මාගේ මිදි වත්තට කරන්න යන දේ මම නුඹලාට කියමි.
6එය පාළු වන්න හරින්නෙමි.
7සව් බලැති සමිඳුන්ගේ මිදි වත්ත නම්, ඉශ්රායෙල් වංශය ය.
8තමන් පමණක් දේශයේ වාසය කරන පිණිස, අනුන්ට ඉඩකඩ නැති වන තරමට ගෙයකට ගෙයක් එකතු කරගන්න,
9සව් බලැති සමිඳුන් මෙසේ වදාරනු මා අසා ඇත.
10හෙක්ටාර් දහයක මිදි වත්තකින් ලැබෙන්නේ මිදියුස ලීටර් අටක් පමණකි.
11මත්පැන් බීමට පාන්දරින් ම නැඟිටින, වෙරිමත්කමින් රෑ වන තුරු පමා වන ඔබට වන විපතක මහත!
12ඔබේ උත්සවවල වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද මත්පැන් ද ඇත;
13ඔබ අනුවණයන් වන නිසා සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය.
14පාතාල ලෝකය ඔවුන් ගිලින්න කට අයාගෙන සිටියි.
15මෙසේ සියලු දෙන නින්දාවට පමුණුවනු ලබති;
16එහෙත්, සව් බලැති සමිඳාණෝ යුක්තිය ඉටු කරමින් තමන්ගේ ශ්‍රේෂ්ඨකම ද විනිශ්චයයේ සාධාරණත්වයෙන් තමන්ගේ ශුද්ධවන්තකම ද එළිදරව් කරන සේක.
17නගරවල නටබුන් අතරේ බැටළු පැටව් තණ කන්නෝ ය;
18වංචාවේ රැහැනින් වෙළී, අපරාධයට වැටෙමින්, පාප දිවියට පා තබන ඔබට වන විපතක මහත!
19එය සිදු වූ විට, සමිඳාණෝ, “තමන් වහන්සේ කරන සේකැ”යි කියන දේ ඉක්මනින් කරන සේක් වා!
20නපුරට යහපත කියා ද යහපතට නපුර කියා ද කියන, එළිය අඳුරු බවටත් අඳුර එළිය බවටත් හරවන මිහිර තිත්ත බවටත් තිත්ත මිහිර බවටත් හරවන ඔබට වන විපතක මහත!
21‘අපි ඥානවන්තයෝ ය’යි සිතාගෙන ‘අපි නුවණැත්තෝ ය’යි කල්පනා කරන ඔබට වන විපතක මහත!
22සුරාපානයට ශූර වූ, සුරා මිශ්‍ර කිරීමට සමත් වූ,
23අල්ලස් ගෙන දුෂ්ටයා නිදොස් කර, ධර්මිෂ්ඨයන්ගේ අයිතිවාසිකම් පැහැරගත් ඔබට වන විපතක මහත!
24ශුද්ධ දෙවිඳුන්ගේ වචනය හෙළා දුටු නිසාත්, සව් බලැති සමිඳුන්ගේ අණපණත් ප්‍රතික්ෂේප කළ නිසාත්, ගිනි දැල්ලට ඉපනැලි හා පිදුරු දැවී යන්නාක් මෙන් ඔබට සමාන ඒ ගස්වල
25සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත.
26සමිඳාණෝ දුර සිටින ජාතීන් පොළොවේ සීමාන්තයේ සිට පැමිණෙන පිණිස සංඥාවකින් කැඳවන සේක.
27ඔවුන්ගෙන් කිසිවෙකු විඩාවට පත් වන්නේ වත්, පැකිළෙන්නේ වත් නැත;
28ඔවුන්ගේ ඊතල තියුණු කර තිබේ;
29ඔවුන්ගේ හේවායෝ ගොදුර අල්ලා සුරැකි ව ගෙන යන සිංහයන් මෙන් ගර්ජනා කරන්නෝ ය.
30ඒ දවස පැමිණි විට ඔව්හු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව, මුහුද ගිගුරුම් දෙන්නාක් මෙන් ගිගුරුම් දෙන්නෝ ය.