1එසේ නම්, අපේ ජාතියේ පියා වූ ආබ්‍රහම් ගැන අපි කුමක් කියමු ද? ඔහු දමිටු බවට පමුණුවනු ලැබුවේ කෙසේ ද?
2ආබ්‍රහම් සිය ක්‍රියා නිසා දමිටු බවට පමුණුවනු ලැබුවේ නම්, පාරට්ටු කරගැනීමට හේතුවක් ඔහුට ඇත. එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි එසේ කිරීමට ඉඩක් නැත.
3ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි: “ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේ ය; ඒ ඇදහිල්ල නිසා ඔහු දමිටු කෙනෙකු බව උන් වහන්සේ පිළිගත් සේක.”
4යම් වැඩක් කරන කෙනෙකුට දෙන වේතනය පාරිතෝෂික දීමනාවක් හැටියට නොව, ඔහුට ගෙවිය යුත්තක් හැටියට සලකනු ලැබේ.
5එහෙත් එවැනි යමක් නොකරන අභක්තිකයන් දමිටු බවට පමුණුවන දෙවියන් වහන්සේ අදහන තැනැත්තා, ඔහුගේ ඇදහිල්ල නිසා දමිටු ලෙස පිළිගනු ලැබේ.
6ඒ හැටියට, කෙනෙකුගේ පුණ්‍ය ක්‍රියා ගණන් නොගෙන දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලබන මිනිසාගේ භාග්‍යවන්තකම ගැන දාවිත් රජු මෙසේ කියයි:
7
8
9ඉතින්, මේ භාග්‍යවන්තකම දෙන ලද්දේ චර්මඡේදනය ලැබූ අයට පමණක් ද? නැතහොත් චර්මඡේදනය නොලැබූ අයටත් ද? “ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් සේකැ”යි අපි කීවෙමු.
10එසේ පිළිගනු ලැබුවේ චර්මඡේදනය ලබා සිටිය දී ද, නැතහොත් නොලබා සිටිය දී ද? ලබා සිටිය දී නොව, එය නොලබා සිටිය දී ය.
11
12අනෙක් අතට ඔහු චර්මඡේදනය ලැබූ අයගේ ද පියාණෝ ය. ඒ අය නම්, චර්මඡේදනය ලැබීමට පෙර ඔහුගේ ඇදහිල්ලේ ජීවිතය අනුගමනය කරන අය වේ.
13
14
15නීතිය දේව උදහස නිපදවයි; නීතිය නැති තැන නීතිය කඩ කිරීමකුත් නැත.
16
17
18
19
20ඔහු සිය අවිශ්වාසය නිසා කිසි විටෙක දේව පොරොන්දුව සැක නොකොට ඇදහිල්ලෙහි බලවත් ව, උන් වහන්සේට ගෞරව කෙළේ ය.
21පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ පොහොසත් බව ඔහු ඒකාන්තයෙන් ම විශ්වාස කෙළේ ය.
22එබැවින් දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු දමිටු බව පිළිගත් සේක.
23“දෙවියන් වහන්සේ ඔහු ධර්මිෂ්ඨ ලෙස පිළිගත් සේක” යන්න ලියන ලද්දේ ඔහු උදෙසා පමණක් නොව,
24අප උදෙසාත් ය; අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ අදහන අප ද එසේ ම පිළිගනු ලැබ ඇත.
25