1සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
2“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “ස්ත්‍රියක ගැබ්ගෙන පිරිමි දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් ව සිටිය දිනවල දී මෙන් ම හත් දවසක් අපවිත්‍ර ව සිටින්නී ය.
3
4ඉන්පසු ඈ සම්මත චාරිත්‍ර අනුව ඇගේ ලේ යාමෙන් පවිත්‍ර වීම පිණිස දවස් තිස්තුනක් සිටිය යුතු ය. ඇගේ පවිත්‍ර වීමේ දවස් සම්පූර්ණ වන තෙක් ඈ කිසි ශුද්ධ දෙයක් ස්පර්ශ නොකළ යුතු ය. ශුද්ධස්ථානයට ඇතුළු නොවිය යුතු ය.
5එහෙත්, ඈ ගැහැණු දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් දිනවල දී මෙන් සති දෙකක් අපවිත්‍ර ව සිටින්නී ය. ඉන්පසු ඈ සම්මත චාරිත්‍ර අනුව ඇගේ ලේ යෑමෙන් පවිත්‍ර වීම පිණිස දවස් හැටහයක් සිටිය යුතු ය.
6“පුතෙකු හෝ දුවක හෝ සඳහා ඇගේ පවිත්‍ර වීමේ කාලය සම්පූර්ණ වූ පසු ඈ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළුවෙකු ද පාප පූජාවක් සඳහා පරෙවි පැටියෙකු හෝ කොබෙයියෙකු ද ගෙනා යුතු ය.
7පූජකවරයා එය සමිඳාණන් වහන්සේට පුදා ඇගේ පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිරිමි දරුවෙකු හෝ ගැහැණු දරුවෙකු හෝ ලැබූ පසු ස්ත්‍රියක ඉටු කළ යුතු පිළිවෙත මෙය වේ.
8