1ආරොන්ගේ පුත්‍රයන් දෙදෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නීති විරෝධි ගිනි ඔප්පු කොට මළ පසු, සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
2
3
4“ඔහු පූජක හණ කබාය හැඳ, හණ කලිසම් ලාගෙන, හණ පටිය ඉණ වටා බැඳ, හණ මකුටයෙන් සැරසී සිටිය යුතු ය. මේවා ශුද්ධ වස්ත්‍ර වන බැවින්, ඒවා ලාගත යුත්තේ ජලස්නානය කළ පසුව ය.
5මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට පාප පූජාවක් සඳහා එළුවන් දෙදෙනෙකු ද දවන යාග පූජාවක් සඳහා එක බැටළුවෙකු ද දිය යුතු ය.
6ආරොන් තමා උදෙසා පුදන පාප පූජාවේ ගොන් වස්සා ඔප්පු කොට, තමා උදෙසාත්, තමාගේ ගෘහයේ වැසියන් උදෙසාත් පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
7ඔහු එළුවන් දෙදෙනා ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්විය යුතු ය.
8ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේට එකෙකු ද අශාශෙල්ට හෙවත් කාන්තාර යක්ෂයාට එකෙකු ද වශයෙන් තෝරාගැනීම සඳහා, එළුවන් දෙදෙනාට දාදු දැමිය යුතු ය.
9ආරොන් සමිඳාණන් වහන්සේට පිදීමට දාදුව වැටුණ එළුවා ගෙන, පාප පූජාවක් සඳහා ඌ පිදිය යුතු ය.
10එහෙත්, අශාශෙල්ට දීමට දාදු වැටුණු එළුවා, පණපිටින් ම සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කොට, පව් කමාව ලබාගැනීම සඳහා ඌට පාළුකරයට යෑමට ඉඩ හැරිය යුතු ය.
11“ඉන්පසු ආරොන් තමා උදෙසා පුදන පාප පූජාවේ ගොන් වස්සා ගෙන තමා උදෙසා ද ගෙදර වැසියන් උදෙසා ද පව් කමාවේ පිළිවෙත ඉටු කර ඌ මැරිය යුතු ය.
12ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාසනයෙන් දැල්වෙන ගිනි අඟුරු ගෙන දුම් බඳුනක් පුරවා, හොඳට කුඩු කළ සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක් ද ගෙන, තිරය පිටුපසට පැමිණ
13උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් වලාකුළකින් ගිවිසුම් කරඬුව උඩ ඇති කරුණාසනය වැසෙන පිණිස ගිනි අඟුරු මත සුවඳ ද්‍රව්‍ය දැමිය යුතු ය. මෙසේ කළොත්, ඔහු මැරෙන්නේ නැත.
14ඉන්පසු ඔහු ගොන් වස්සාගේ ලෙය ඇඟිල්ලෙන් ගෙන, කරුණාසනයේ නැගෙනහිර පැත්තට ඉස, එහි ඉස්සරහ පැත්තට ද හත්වරක් ඉසිය යුතු ය.
15
16මෙසේ ඔහු ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකම් හා ඔවුන්ගේ පාප අපරාධයන් නිසා කළ යුතු ව ඇති ශුද්ධස්ථානයෙහි පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. තවද, ඔවුන්ගේ අපවිත්‍රකම් මධ්‍යයේ පිහිටා ඇති සම්මුඛ මණ්ඩපයට ද ඔහු එලෙස කළ යුතු ය.
17ආරොන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ශුද්ධස්ථානයට ඇතුළු වී, තමා උදෙසාත්, තමාගේ ගෘහ වාසීන් උදෙසාත්, මුළු ඉශ්රායෙල් ජනතාව උදෙසාත් පව් කමා වීමේ පිළිවෙත ඉටු කර, පිටතට එන තෙක් කිසිවෙකු සම්මුඛ මණ්ඩපයට ඇතුළු නොවිය යුතු ය.
18පසුව ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පුදන පූජාසනය වෙත ගොස් එය උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. ඔහු ගොන් වස්සාගේ ලේ මඳක් ද එළුවාගේ ලේ මඳක් ද ගෙන පූජාසනය වටේට ඇති අංවල තැවරිය යුතු ය.
19ඒවා මත සිය ඇඟිල්ලෙන් හත්වරක් ලේ ඉසිමින්, ඒවා පවිත්‍ර කළ යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකමින් ඒවා විශුද්ධ කළ යුතු ය.”
20“ආරොන් මෙසේ ශුද්ධස්ථානය ද සම්මුඛ මණ්ඩපය ද පූජාසනය ද පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කර හමාර කළ පසු, ඔහු පණපිටින් සිටින එළුවා ගෙන ආ යුතු ය.
21ඔහු උගේ හිස මත අත් දෙක තබා ඉශ්රායෙල් ජනයාගේ දුෂ්ටකම් සහ නපුරුකම් වන සියලු පාප ඌ මත උච්චාරණය කොට, ඒ සඳහා පත් කළ කෙනෙකුට බාර දී ඌ පාළුකරයට ගෙන යන්නට හැරිය යුතු ය.
22එළුවාට ද ඔවුන්ගේ සියලු දුෂ්ටකම් දරාගෙන, ජන වාසයක් නැති පාළුකරයට යන්නට හැරිය යුතු ය.
23
24මෙසේ තමා ශුද්ධස්ථානයෙහි ම ජලස්නානය කොට, තමාගේ ඇඳුම් ලාගෙන, පිටතට අවුත් තමා උදෙසා ද සෙනඟ උදෙසා ද තමාගේ දවන යාග පූජාවත්, සෙනඟගේ දවන යාග පූජාවත් පව් කමා කිරීමක් වශයෙන් ඔප්පු කළ යුතු ය.
25පසුව පාප පූජාවට ගත් සතාගේ තෙල පූජාසනය මත දැවිය යුතු ය.
26පාපයන් දරාගෙන අශාශෙල් වෙත පාළුකරයට ගිය එළුවා දක්කාගෙන ගිය තැනැත්තා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.
27
28එලෙස පුළුස්සන්නා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.”
29
30එදින පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ සියලු පාපවලින් නුඹලා පවිත්‍ර කරනු පිණිස, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
31එදින නුඹලාට මහා සබත් දිනයක් වනු ඇත. එදින නුඹලා වැඩ නොකළ යුතු ය. නුඹලා උපවාස කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි.
32තම පියා වෙනුවට පූජක නිලයේ සේවා කරනු පිණිස පූජකවරය ලබමින් ආලේප කරනු ලබන පූජකවරයා හණ පිළියෙන් සෑදූ ශුද්ධ වස්ත්‍ර ලාගෙන පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
33මෙසේ ඔහු අතිශුද්ධස්ථානය, සම්මුඛ මණ්ඩපය සහ පූජාසනය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ද පූජකවරුන් හා මුළු සෙනඟගේ පව් කමා කිරීමේ පිළිවෙත ද ඉටු කළ යුතු ය.
34මෙය වනාහි අවුරුද්දකට වරක් ඉශ්රායෙල් ජනයාගේ සියලු පාප කමා කිරීම පිණිස ඉටු කළ යුතු නුඹලා කෙරෙහි සදහට ම වලංගු නියෝගයකි.”