1සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
2
3
4
5“නුඹලා සමිඳාණන් වහන්සේට සහභාගිවීමේ පූජාවක් ඔප්පු කරන්නහු නම්, නුඹලා පිළිගනු ලබනු පිණිස එය නිසි ලෙස පුදන්න.
6සතා මැරූ දවසේ ම නැතහොත් පසු දින උගේ මස් අනුභව කළ යුතු ය. තුන් වන දින දක්වා යමක් ඉතිරි වුවහොත්, එය ගින්නේ දැවිය යුතු ය.
7තුන් වන දින එයින් අනුභව කිරීම පිළිකුලකි. එම පූජාව ද පිළිගනු නොලැබේ.
8යමෙකු එයින් අනුභව කළොත්, සමිඳාණන් වහන්සේට කැප කළ දේ කෙලෙසූ බැවින් තම දුෂ්ටකම ගැන වගකිව යුතු ය. එවැන්නෙක් තම සෙනඟ අතරින් නෙරපාදමනු ලැබේ.
9
10එලෙස ම මිදි වත්තෙන් ඉතිරි වූ මිදි පල සියල්ල ම නෙළා නොගන්න. තවද, මිදි වත්තේ වැටී තිබෙන මිදි පල ද එකතු කර නොගත යුතු ය. ඒවා දුප්පතුන් සඳහා ද විදේශිකයන් සඳහා ද ඉතුරු කළ යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
11
12
13
14
15
16සෙනඟ අතර ගතු කේලාම් දොඩමින් ඔබමොබ නොයා යුතු ය. යමෙකු මරණයට තීන්දු විය හැකි නඩුවක දී, නුඹේ සාක්ෂියෙන් ඔහුගේ පණ බේරාගැනීමට ඉඩ තිබේ නම්, එය කියා පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
17
18
19
20“යමෙකු තම වහල් දාසිය යම් කෙනෙකුට අනියම් බිරිඳ වශයෙන් විකුණන්නට පොරොන්දු වූ නමුත්, මේ තැනැත්තා ඈ සඳහා වන්දි මුදල නොගෙවා ද, ඈ නිදහස නොලබා ද සිටිය දී ඇගේ හිමියා ඈ සමඟ සයනය කළහොත්, දෙදෙනා ම මරණයට පත් නොකළ යුතු ය. එහෙත්, ඈ තවමත් ඔහුට අයිති බැවින් දෙදෙනාට ම දඬුවම් කළ යුතු ය.
21ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාව වශයෙන් බැටළුවෙකු ගෙනා යුතු ය.
22පූජකවරයා ඒ තැනැත්තා කළ පාපය උදෙසා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා ඔප්පු කරමින් ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ පාපය ඔහුට කමා කරනු ලැබේ.
23“නුඹලා දේශයට පැමිණ, ආහාර සඳහා විවිධ ගස් වර්ග රෝපණය කළ පසු, පළමු අවුරුදු තුනේ දී ඒවායේ පල කෑම තහනම් ලෙස සැලකිය යුතු ය. ඒවා අනුභව නොකළ යුතු ය.
24සතර වන අවුරුද්දේ දී ද ප්‍රශංසාවක් පිණිස මුළු පලදාව සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.
25එහෙත්, පස් වන අවුරුද්දේ එහි පලදාව නුඹලාට කන්නට පුළුවන. මෙසේ කළොත්, එහි පලදාව ද වර්ධනය වනු ඇත. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.
26
27
28මළගිය ඇත්තන් නිසා නුඹලාගේ සිරුරෙහි කැපුමක් නොකළ යුතු ය. ඇඟේ හමේ රූප කොටා නොගත යුතුය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
29
30
31
32“වයස්ගත ඇත්තන් ඉදිරියෙහි නැඟිට සිට, මහල්ලන්ට ගරු කළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න, මම සමිඳාණන් වහන්සේ වෙමි.
33
34නුඹලා අතර වාසය කරන විදේශිකයා සැලකිය යුත්තේ, නුඹලා අතර උපන් කෙනෙකු මෙන් ය. නුඹලා නුඹලාට ප්‍රේම කරන ලෙස ම ඔහුට ද ප්‍රේම කළ යුතු ය. මිසර දේශයේ දී නුඹලා විදේශිකයන් මෙන් සිටි බව සිහි කරන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
35
36නුඹලා භාවිතා කළ යුත්තේ හරි තරාදි ද හරි පඩි ද නියම ද්‍රව, ද්‍රව්‍ය මිමි ද ආදිය ය. මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
37එබැවින් නුඹලා මාගේ නීති ද සියලු විනිශ්චයයන් ද පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.”