1සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
2“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය පහත සඳහන් ඒවා ය කියා ප්‍රකාශ කළ යුතු ය.”
3
4තවද, ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු, පහත දක්වන සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය, නියමිත කාලවල දී නුඹ ප්‍රකාශ කළ යුතු ය.”
5
6
7පළමු වන දින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.
8දින හතක් තුළ නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජා ඔප්පු කළ යුතු ය. හත් වන දින ශුද්ධ නමස්කාරය සඳහා පවත්වන රැස්වීමකි. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.”
9සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
10“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘මා නුඹලාට දෙන්නට යන දේශයට නුඹලා පැමිණ, එහි අස්වැන්න නෙළාගත් විට, අස්වැන්නෙන් පළමුවෙන් ම කපාගත් ගොයම් මිටිය නුඹලා පූජකවරයා වෙත ගෙනා යුතු ය.
11නුඹලා උදෙසා එය පිළිගනු ලබන ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය පිදිය යුතු ය. ඔහු එය පිදිය යුත්තේ සබත් දවසට පසු දවසේ ය.
12ධාන්‍ය පූජාව ඔප්පු කරන දින ම අවුරුද්දක් වයසැති කැළැල් රහිත බැටළු පැටියෙකු දවන යාග පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
13ඒ සමඟ ම තෙලින් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වන ලෙස ගින්නෙන් දවා උන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, මුද්‍රික පානය ලීටර එකක් ගෙන එය ද පානීය පූජාවක් ලෙස ඔප්පු කළ යුතු ය.
14නුඹලාගේ නාඹුල් පල පඬුර දෙවියන් වහන්සේ වෙත ගෙනෙන දින වන තෙක් නුඹලා අලුත් ධාන්‍ය රොටි මෙන් සාදා හෝ අමුවෙන් හෝ විළඳ ලෙස හෝ අනුභව නොකළ යුතු ය. නුඹලා කොතැනක වාසය කළත්, නුඹලාගේ පෙළපත් තුළ මෙය සදහට ම වලංගු නියෝගයකි.”
15
16හත් වන සබත් දිනට පසු පැමිණෙන පණස් වන දිනේ දී නුඹලා නව ධාන්‍ය පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
17එක් එක් පවුල, සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ගෙන මුහුන් මිශ්‍ර කොට පුළුස්සන ලද රොටි දෙක බැගින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ගෙනා යුතු ය. ඒවා සමිඳාණන් වහන්සේට පුදන නාඹුල් පල වනු ඇත.
18තවද, නුඹලා රොටි සමඟ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් හත් දෙනෙකු ද එක ගොන් වස්සෙකු ද එළුවන් දෙදෙනකු ද ඔප්පු කළ යුතු ය. ඒවා දවන යාග පූජාවක් ලෙස ධාන්‍ය පූජාව සහ පානීය පූජාව සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. මෙලෙස ගින්නෙන් දවා පුදන පූජාව උන් වහන්සේට සුමිහිරි සුවඳක් වනු ඇත.
19ඉන්පසු පාප පූජාවක් සඳහා එක එළු පැටියෙකු ද සහභාගිකමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද පුද කළ යුතු ය.
20පූජකවරයා නාඹුල් පල වශයෙන් ගත් රොටි සමඟ බැටළු පැටියන් දෙදෙනෙකු පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් පුද කළ යුතු ය. උන් වහන්සේට ශුද්ධ පඬුරු වන ඒවා පූජකවරයාට හිමි වනු ඇත.
21එදින නුඹලා ශුද්ධ නමස්කාරය පිණිස රැස්වන ලෙස ද බර වැඩ නොකරන ලෙස ද ප්‍රකාශ කළ යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ නුඹලා කොතැනක විසුවත්, සදහට ම වලංගු නියෝගයකි.
22
23සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක.
24“හත් වන මාසයේ පළමු වන දින දී නුඹලා විශේෂ සබත් දවසක් පැවැත්විය යුතු ය. හොරණෑ නද දෙන විට ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය.
25එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය. එහෙත්, ආහාර පූජාවක් ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”
26සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක:
27“හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
28එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. එදින නුඹලා දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දිනයකි.
29එදින යමෙක් උපවාස නොකරන්නේ ද ඔහු තම සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.
30එදින යමෙක් වැඩ කරන්නේ ද, ඔහු ද තම සෙනඟ අතරෙන් මරණයට පත් කරනු ලබනු ඇත.
31එදින කිසි වැඩක් නොකළ යුතු ය. නුඹලා කොතැනක විසුවත් මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.
32එදින නුඹලා උපවාසය රකින මහා සබත් දවසක් විය යුතු ය. නව වන දින සවස සිට පසු දින සවස දක්වා මේ සබත් දිනය නුඹලා පැවැත්විය යුතු ය.”
33
34“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “සත් වන මාසයේ පසළොස් වන දින කූඩාරම් මංගල්‍යය අරඹනු ලැබේ. එය හත් දිනක් පැවැත්විය යුතු ය.
35පළමු වන දින ශුද්ධ වන්දනාමාන පිණිස රැස්වීම පැවැත්විය යුතු ය. එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය.
36හත් දිනක් ම සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා ආහාර පූජාවක් ඔප්පු කළ යුතු ය. අට වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පවත්වා ගින්නෙහි දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. එදින ශුද්ධ නමස්කාරය සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන බැවින් කිසි බර වැඩක් නොකළ යුතු ය.
37“ඒ ඒ දවසට නියමිත ලෙස කළ යුතු වූ, සමිඳාණන් වහන්සේට ගින්නෙන් කරන පූජාවන් නම්, දවන යාග පූජා, ධාන්‍ය පූජා, යාග පඬුරු සහ පානීය පූජාවන් ය. මෙම පූජා ඔප්පු කිරීම පිණිස ශුද්ධ සභා රැස්වීම කැඳවා ප්‍රකාශ කළ යුතු ය.
38මෙකී මංගල්‍ය, සමිඳාණන් වහන්සේගේ සබත් දින, උන් වහන්සේට දෙන නුඹලාගේ පඬුරුවලට, බාරවලට හා ස්වේච්ඡා පූජාවලට අමතර ව වේ.”
39
40පළමු වන දවසේ දී නුඹලා ඉස්තරම් පලතුරු ද තල් අතු ද කොළ පිරුණු අතු ද ගං තෙරින් ගත් විලෝ ද ගෙන, නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද වෙමින් හත් දිනක් මංගල්‍ය පැවැත්විය යුතු ය.
41මෙලෙස අවුරුද්දට හත් දිනක් තුළ සමිඳාණන් වහන්සේට මංගල්‍ය පැවැත්විය යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. නුඹලා මේ මංගල්‍ය පැවැත්විය යුත්තේ හත් වන මාසයේ දී ය.
42හත් දිනක් ම නුඹලා පැල්පත්වල වාසය කළ යුතු ය. ඉශ්රායෙල් ජාතිකයන් සියලු දෙන මෙසේ විසිය යුතු ය.
43මෙලෙස මා ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට ගෙනෙන විට මා ඔවුන්ට පැල්පත්වල වාසය කිරීමට සැලැසූ බව නුඹලාගේ අනාගත පරම්පරා දැනගන්නෝ ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය.”
44මෝසෙස් සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය ඉශ්රායෙල් ජනයාට ප්‍රකාශ කෙළේ ය.