1අට වන දින මෝසෙස්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද කැඳවී ය.
2ඔහු ආරොන්ට කතා කොට, “පාප පූජාවක් සඳහා නොකැළැල් ගොන් වස්සෙකු ද දවන යාග පූජාවක් සඳහා නොකැළැල් බැටළුවෙකු ද ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කරන්න.
3තවද, ඔබ ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘පාප පූජාවක් සඳහා නොකැළැල් එළුවෙකු ද දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති නොකැළැල් වස්සෙකු හා බැටළුවෙකු ද
4සහභාගිකමේ පූජාවක් සඳහා ගවයෙකු හා බැටළුවෙකු ද ගන්න. මේ සියල්ල ම තෙල් මිශ්‍ර ධාන්‍ය පූජාවක් සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය’යි කියන්න. ඒ මන්ද, අද සමිඳාණන් වහන්සේ ඔබ හැමට දර්ශනය වන සේකැ”යි කීවේ ය.
5මෝසෙස් අණ කළ දේ ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට ගෙනා හ. මුළු ජනතාව ම ළං වී සමිඳාණන් වහන්සේ ඉදිරිපිට සිටගත්හ.
6එවිට මෝසෙස් කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඔබ ඉදිරියෙහි දර්ශනය වන පිණිස කරන්නට උන් වහන්සේ ඔබට අණ කළ දේ මේ ය”යි කී ය.
7
8ආරොන් ද එවිට පූජාසනයට ළඟා වී තමාගේ පාප උදෙසා පාප පූජාවේ වස්සා මැරී ය.
9ආරොන්ගේ පුත්‍රයන් ද වස්සාගේ ලෙය ඔහු වෙත ගෙනා විට, ඔහු එහි තම ඇඟිල්ල ගල්වා පූජාසනයේ අං පිට තවරා, ඉතිරි ලෙය පූජාසනයේ පාමුල වත් කෙළේ ය.
10එහෙත්, පාප පූජාවට පිදූ සතාගේ තෙල ද වකුගඩු ද අක්මාව මත තිබූ සිවිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු පූජාසනය මත දැවී ය.
11එහෙත්, වස්සාගේ මාංසය සහ හම කඳවුරෙන් පිටත ගින්නේ දැවී ය.
12ඉන්පසු ආරොන් දවන යාග පූජාවේ සතා ද මැරූ විට, ඔහුගේ පුත්‍රයන් ඔහුට උගේ ලේ දුන් පසු, ඔහු ද පූජාසනය වටා හාත්පසින් එය ඉස්සේ ය.
13එවිට ඔවුන් දවන යාග පූජාව හිසත් ඇතුළු ව කොටස් වශයෙන් දුන් කල, ඔහු ඒවා පූජාසනය මත දැවී ය.
14ඉන්පසු ඔහු ඒ සතාගේ අතුණු සහ කකුල් සෝදා පූජාසනයේ දවන යාග පූජාව මත ඒවා දැවී ය.
15ඉක්බිති ඔහු සෙනඟගේ පූජා පිළිගන්වමින්, සෙනඟගේ පාප පූජාව වන එළුවා ගෙන, ඌ මරා, කලින් කළ පාප පූජාව මෙන් එය පුද කෙළේ ය.
16එවිට දවන යාග පූජාව ද ගෙන, නියම පිළිවෙත අනුව ඔහු එය ද පුද කෙළේ ය.
17ඉන්පසු ඔහු ධාන්‍ය පූජාව පිළිගන්වමින් එයින් පුරා අහුරක් රැගෙන උදය කාලයේ පිදූ දවන යාග පූජාවට අමතර ව එය පූජාසනය මත දැවී ය.
18
19ගවයාගේ හා බැටළුවාගේ තෙල ද එනම්, වල්ගා ද අතුණු වැසි තෙල ද වකුගඩු ද අක්මාව පිට ඇති සිවිය ද ගෙන
20ඒ සියල්ල ළපැත්ත උඩ තබා පූජාසනය මත ඒ තෙල දැවී ය.
21පසුව මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ළපැත්ත සහ දකුණු ගාතය ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය.
22
23මෝසෙස් ද ආරොන් ද සම්මුඛ මණ්ඩපයට ඇතුළු වී පිටතට අවුත් සෙනඟට ආශීර්වාද කළහ. එවිට සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ද සියලු සෙනඟට දර්ශනය විය.
24සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් ගින්නක් නික්ම පූජාසනය මත වූ දවන යාග පූජාව සහ තෙල දවා හැරියේ ය. මෙය දුටු සියලු සෙනඟ හඬ නඟා මුණින්තළා වැටුණා හ.