1ආබ්‍රහම්ගේ ද දාවිත්ගේ ද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේ ය.
2ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ.
3ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හශේරොන් ද, හශේරොන්ට දාව ආරාම් ද,
4ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද,
5සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද, ඕබෙද්ට දාව ජෙස්සේ ද,
6ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය.
7සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද,
8ආසප්ට දාව ජෙහොෂාපාත් ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම් ද, ජෝරාම්ට දාව උශ්ශියා ද,
9උශ්ශියාට දාව ජෝතාම් ද, ජෝතාම්ට දාව ආහස් ද, ආහස්ට දාව හෙසකියා ද,
10හෙසකියාට දාව මනස්සේ ද, මනස්සේට දාව ආමොස් ද, ආමොස්ට දාව ජෝසියා ද,
11
12බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙයල්තියෙල් ද, ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් ද,
13සෙරුබාබෙල්ට දාව අබියුද් ද, අබියුද්ට දාව එලියාකිම් ද, එලියාකිම්ට දාව ආශොර් ද,
14ආශොර්ට දාව සාදොක් ද, සාදොක්ට දාව ආකීම් ද, ආකීම්ට දාව එලියුද් ද,
15එලියුද්ට දාව එලෙයාසර් ද, එලෙයාසර්ට දාව මත්තාන් ද, මත්තාන්ට දාව ජාකොබ් ද,
16ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය; මරිය තුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන් සේක.
17මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා පරම්පරා සියල්ල දස සතරකි; දාවිත් පටන් බබිලෝනියේ විප්‍රවාසගතවීම දක්වා පරම්පරා දස සතරකි; බබිලෝනියේ විප්‍රවාසගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි.
18
19ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය.
20එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, “දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්.
21
22මේ සියල්ල සිදුවූයේ සමිඳාණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණිස ය. එනම්:
23
24ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය.
25