1එකල ජේසුස් වහන්සේ සමූහයාටත්, සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක:
2“විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති.
3එබැවින් ඔවුන් ඔබට අණ කරන සියල්ල නොපිරිහෙළා පිළිපදින්න. එහෙත්, ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති, අනිකක් කරති.
4ඔව්හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත්, ඒ බර පොදි ඉසිලීමට සුළැඟිල්ලක තරම වත් ආධාරයක් දීමට කැමැති නොවෙති.
5
6මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද,
7වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති.
8එහෙත්, ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය.
9මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය.
10ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය.
11
12
13“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.
14විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයෙනි ඔබට වන විපතක මහත! මන්ද, ඔබ බොරු පෙනුමට දිගින් දිගට යාච්ඤා කරතත්, ඔබ වැන්දඹුවන්ගේ ගේදොර කාදමති. ඔබට ඉතා බරපතල දඬුවමක් ලැබෙනු ඇත.
15“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, එක් කෙනෙකු ආගමට හරවා ගන්න පිණිස ඔබ මුහුදෙන් හා ගොඩින් හැම තැන ම ගමන් කරන්නහු ය. එසේ හරවාගත් පසු, ඔහු ඔබ මෙන් තව දෙගුණයක් නිරාදුකට සුදුස්සෙකු කරන්නහු ය.
16“අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබට වන විපතක මහත! මන්ද, ‘යමෙකු දේව මාලිගාවේ නාමයෙන් දිවුළොත් එහි කිසි වරදක් නැත කියා ද, යමෙකු දේව මාලිගාවේ රන්වල නාමයෙන් දිවුළොත්, ඒ දිවුරුමෙන් ඔහු බැඳී සිටි’යි කියා ද ඔබ කියන්නහු ය.
17අන්ධ අඥානයෙනි, වඩා උතුම් කොයි එක ද? රන් ද? රන් විශුද්ධ කළ දේව මාලිගාව ද?
18තවද, යමෙකු පූජාසනයේ නාමයෙන් දිවුළොත් එහි කිසි වරදක් නැත කියා ද, යමෙක් ඒ පිට තිබෙන පඬුරුවල නාමයෙන් දිවුළොත් ඔහු ඒ දිවුරුමෙන් බැඳී සිටි’යි කියා ද ඔබ කියන්නහු ය.
19අන්ධයෙනි, වඩා උතුම් කොයි එක ද? පඬුරු ද, පඬුර විශුද්ධ කරන පූජාසනය ද?
20එබැවින් පූජාසනයේ නාමයෙන් දිවුරන තැනැත්තේ එහි හා ඒ පිට තිබෙන සියල්ලේ නාමයෙන් දිවුරන්නේ ය,
21දේව මාලිගාවේ නාමයෙන් දිවුරන්නා එහි ද, එහි වැඩ වසන තැනැන් වහන්සේගේ ද නාමයෙන් දිවුරන්නේ ය.
22
23
24අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබ කෝඳුරුවා පෙරාදමා ඔටුවා ගිල දමන්නහු ය.
25“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ කෝප්පය සහ පිඟාන පිටතින් පවිත්‍ර කරන්නහු ය. එහෙත්, ඇතුළත බලහත්කාරකමෙනුත්, තෘෂ්ණාවෙනුත් පිරී තිබේ.
26අන්ධ පරිසිවරය, කෝප්පයත් පිඟානත් පිටතින් පවිත්‍ර වන පිණිස පළමුකොට ඒවා ඇතුළත පවිත්‍ර කරන්න.
27
28එලෙස ම ඔබත් මිනිසුන් අබිමුවෙහි පෙනුමට පිටතින් සිල්වත් ය. එහෙත්, ඇතුළතින් කුහකකමින් හා දාමරිකකමින් පිරී සිටින්නහු ය.
29“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ‘ඔබ දිවැසිවරයන්ට සොහොන් ඉදි කොට, සිල්වතුන්ගේ සොහොන් කොත් අලංකාර කරමින්,
30අපේ මුතුන්මිත්තන් ජීවත් ව සිටි කාලයේ දී අපිත් සිටියෙමු නම්, දිවැසිවරයන් මැරීමට අපි සහාය නොවන්නෙමු’යි කියන්නහු ය.
31මෙසේ ඔබ දිවැසිවරයන් මැරූ අයගේ පුත්‍රයන් බව ඔබ ම පිළිගන්නහු ය.
32එබැවින් ඔබගේ මුතුන්මිත්තන් පටන්ගත් දෙය ඔබ දැන් නිමාවට පත් කරන්න.
33
34එබැවින් මම දිවැසිවරයන් ද ප්‍රඥාවන්තයන් ද විනයධරයන් ද ඔබ වෙතට එවමි. ඔබ ඔවුන්ගෙන් ඇතමෙකු මරන්නහු ය; ඇතමෙකු කුරුසියෙහි ඇණ ගසන්නහු ය; ඇතමෙකුට ඔබගේ ධර්මශාලාවල දී තළා, ඔවුන් නුවරින් නුවරට පලවා හරින්නහු ය.
35
36සැබැවින් ම මම ඔබට කියමි, ඒ මුළු දඬුවම මේ පරම්පරාවේ අය පිට පැමිණෙනු ඇත.”
37“අහෝ ජෙරුසලම! දිවැසිවරයන් නසන, නුඹ වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක් ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන් නුඹේ දරු කැල එක්රැස් කරගන්න මම කීවරක් කැමැති වූයෙම් ද? එහෙත්, නුඹ කැමැති නොවූවා ය.
38
39