1උන් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යද්දී ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක්, “ගුරුදේවයෙනි, බලන්න! මොන තරම් විශාල ගල් ද, මොන තරම් විශාල ගොඩනැඟිලි දැ!”යි උන් වහන්සේට කී ය.
2ජේසුස් වහන්සේ ඔහු අමතා, “මේ විශාල ගොඩනැඟිලි ඔබට පෙනෙනවා නොවේ ද? ගලක් මත ගලක් ඉතිරි නොවන සේ ඒවා බිඳ හෙළනු ලැබේ ය”යි වදාළ සේක.
3උන් වහන්සේ දේව මාලිගාව ඉදිරියෙහි වූ ඔලීව කන්දේ වැඩහුන් කල පේදුරු ද ජාකොබ් ද ජොහන් ද ඇන්ඩෘ ද පෞද්ගලික ව උන් වහන්සේට කතා කොට,
4“මේ දේ කවදා සිදුවනු ඇද් ද? ඒ සියල්ල ඉෂ්ට වන්න යන කල කුමන ලකුණක් ඇති වේ දැ යි අපට කිව මැනවැ”යි කී හ.
5ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන්ගෙන මෙසේ වදාළ සේක: “කිසිවෙකු ඔබ මුළා නොකරන හැටියට බලාගන්න.
6බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘මම එතුමා ය’ කියා බොහෝ දෙන මුළා කරන්නාහ.
7යුද්ධ ගැන ද යුද්ධ පිළිබඳ දූසමාන ආරංචි ද ඔබ අසන කල සන්ත්‍රාසයට පත් නොවන්න. මේ දේවල් සිදුවනු ඒකාන්ත ය. එහෙත් අවසානය තව ම නැත.
8මන්ද, ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමි කම්පා ඇති වේ. සාගත ද ඇති වේ. මේ වූකලී නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.
9
10පළමු කොට සියලු ජාතීන් හට සුබ අස්න දේශනා කළ යුතු ය.
11ඔවුන් ඔබ පාවා දෙන්න ගෙන යන කල කුමක් කියන්න දැ යි කල් තියා කරදර නොවන්න. ඒ පැයේ දී ම ඔබට දෙනු ලබන දෙය කියන්න. මන්ද, කතා කරන්නේ ඔබ නොව ශුද්ධාත්මයාණන් වහන්සේ ය.
12තවද සහෝදරයා සහෝදරයා ද පියා දරුවා ද මරණයට පාවා දෙනු ඇත. දරුවෝ මවුපියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන් මරණයට පත් කරන්නෝ ය.
13
14
15
16කෙතෙහි සිටින්නා තම උතුරු සළුව ගැනීමට පෙරළා නොයේ වා;
17අහෝ, ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මවුවරුන්ට ද ඇති වන විපතක මහත!
18හේමන්තයේ දී මෙය සිදු නොවන පිණිස යාච්ඤා කරන්න.
19
20සමිඳාණන් වහන්සේ විසින් ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් ගළවනු නොලබන්නෝ ය. එහෙත්, උන් වහන්සේ තෝරා වෙන් කොට ගත් අය වෙනුවෙන් ඒ කාලය කෙටි කළ සේක.
21“එකල, ‘බලන්න, ක්‍රිස්තුන් වහන්සේ මෙහි ය; බලන්න, එහි ය’යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න.
22මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත.
23එහෙත් සෝදිසියෙන් සිටින්න! මම කල් තියා සියල්ල ඔබට කීවෙමි.”
24
25
26
27එවිට උන් වහන්සේ තම දූතයන් යවා පොළොවේ සීමාන්තයේ පටන් අහසේ සීමාන්තය දක්වා සිවු දිගින් තමන් වහන්සේ තෝරාගත් අය රැස් කරනු ඇත.”
28“අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙනගන්න. එහි ළපටි අතු මතු වී, කොළ ලියලන කල ගිම්හානය ළඟ බව ඔබ දන්නහු ය.
29එලෙස ම මේ දෙය සිදු වනු ඔබ දකිත් ම, උන් වහන්සේ දොරකඩ ළඟ ම ය යි දැනගන්න.
30සැබැවින් ම මම ඔබට කියමි, ඒ සියල්ල සිදු වන තෙක් මේ පරම්පරාව පහ ව නොයන්නේ ය.
31අහසත් පොළොවත් පහ ව යන්නේ ය, එහෙත් මාගේ වචනය කිසි දා පහ ව නොයන්නේ ම ය.”
32
33නියමිත මොහොත කවදා දැ යි ඔබ නොදන්න බැවින්, පරෙස්සම් වන්න, අවදි ව ඉන්න.
34
35ඒ ගෘහපතියා කොයි වේලේ එයි ද, සවස ද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේ ද අලුයම දැ යි, ඔබ නොදන්නා හෙයින්,
36ඔහු හදිසියෙන් අවුත් ඔබ නිදා හිඳිනු නොදක්නා පිණිස, අවදි ව සිටින්න.
37ඔබට කියන දෙය හැමට ම කියමි, අවදි ව සිටින්න.”