1
2“එහෙත්, සෙනඟ අතර කලකෝලාහල ඇති නොවන පිණිස මංගල්‍යයේ දී එය සිදු නොකරමු”යි ඔව්හු කී හ.
3
4එහෙත් එහි සිටි ඇතැමෙක් කෝප වී, “මේ විලේපනය නාස්ති කෙළේ කුමට ද?
5මේ විලේපනය රිදී කාසි තුන්සියයකට වැඩියෙන් විකුණා, ඒ මුදල දිළිඳුන්ට දිය හැකි ව තිබුණේ ය”යි තම තමන් අතර කියාගනිමින් ඈට බැණ වැදුණෝ ය.
6එහෙත් ජේසුස් වහන්සේ කතා කොට, “ඈට නිකම් ඉන්න දෙන්න, ඈට කරදර කරන්නේ මන් ද? ඈ මා හට කෙළේ මනහර දෙයකි.
7
8ඇයට හැකි දෙය ඈ කළා ය. තැන්පත් කිරීම සඳහා, කල්තියා, ඈ මාගේ සිරුර ආලේප කර ඇත.
9සැබැවින් ම මම ඔබට කියමි, සුබ අස්න ලොව පුරා දේශනා කරනු ලබන හැම තැන්හි ම මේ ස්ත්‍රියගේ මේ ක්‍රියාව ද ඇය ගැන සැමරුමක් වශයෙන් කියනු ලැබේ ය”යි වදාළ සේක.
10දොළොස් දෙනාගෙන් එක් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් ජේසුස් වහන්සේ නායක පූජකවරුන්ට පාවා දෙනු පිණිස ඔවුන් වෙතට ගියේ ය.
11ඔව්හු එපවත් අසා තුටුපහටු වී ඔහුට මුදල් දෙන්නට පොරොන්දු දුන්හ. එවිට ඔහු උන් වහන්සේ පාවා දෙන්න සුදුසු අවස්ථාවක් සෙවී ය.
12පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
13එවිට උන් වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, “නුවරට යන්න; ගිය විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ යන්න.
14ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේ ද ඒ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයි ද කියා සමිඳාණන් වහන්සේ අසන සේකැ’යි කියන්න.
15එවිට සකස් කොට සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙළ කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක.
16ශ්‍රාවකයෝ පිටත් ව නුවරට ගියහ. උන් වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ල ම සම්බ විය; ඔව්හු ද පාස්කු භෝජනය පිළියෙළ කළහ.
17සවස් වූ කල උන් වහන්සේ දොළොස් දෙනා කැටුව වැඩිය සේක.
18
19ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා “ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ.
20උන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් ය; මා සමඟ එක පාත්‍රයෙහි අත ලන තැනැත්තේ ය.
21ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන ලියා තිබෙන ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මිනිසෙක් වේ ද ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක.
22ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ රොටි ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, “ගන්න, මේ මාගේ ශරීරය ය”යි වදාළ සේක.
23උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ.
24
25සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී මම නැවත මිදියුස පානය කරන දිනය එන තෙක්, මම මේ මිදියුස යළිත් පානය නොකරන්නෙමි”යි වදාළ සේක.
26ඔව්හු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ.
27
28
29පේදුරු කතා කොට, “අන් හැම දෙනා ම අධෛර්යයට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි”යි උන් වහන්සේට කී ය.
30ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.
31එහෙත්, ඔහු “මට ඔබ වහන්සේ සමඟ මැරෙන්න සිදු වුණත් ‘ඔබ නාඳුනමි’යි කියන්නේ ම නැතැ”යි තරයේ ම කියා සිටියේ ය. සෙසු සියල්ලෝ ද එසේ ම කී හ.
32ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝ ය. උන් වහන්සේ ද, “මා යාච්ඤා කරන අතර, ඔබ මෙහි සිටින්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.
33උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ අතිශයින් බියපත් වන්න ද ශෝක වන්න ද පටන් ගත් සේක.
34උන් වහන්සේ ඔවුන් අමතා, “මැරෙණ තරමට මාගේ සිත අතිශයින් ශෝකාකූල ය; මෙහි නැවතී අවදි ව සිටින්න” කියා,
35මඳක් පෙරට ගොස් මුණින්තලා වී, හැකි නම්, ඒ පැය තමන් කෙරෙන් පහ ව යන ලෙස යාච්ඤා කරමින්,
36“අබ්බා, පියාණෙනි, ඔබට සියල්ලක් ම හැකි ය; මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නොව, ඔබගේ කැමැත්ත වේ වා”යි වදාළ සේක.
37පසුව උන් වහන්සේ අවුත්, ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරු අමතා, “සීමොන් ඔබ නිදි ද? පැයක් වත් අවදි ව ඉන්න ඔබට නොහැකි වූයේ ද?
38පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදි ව හිඳ යාච්ඤා කරන්න; හිත නම් කැමැතිය, එහෙත් ගත නම් දුබලය”යි වදාළ සේක.
39උන් වහන්සේ යළිත් ගොස් එම වචන ම පවසමින් යාච්ඤා කළ සේක.
40ඉන්පසු නැවතත් හැරී අවුත් ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. උන් වහන්සේට කුමන පිළිතුරක් දෙන්න දැ යි ඔව්හු නොදත්හ.
41උන් වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, “තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; නියමිත මොහොත පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක;
42නැඟිටින්න; අපි යමු; මෙන්න මා පාවා දෙන්නා ළඟ ම ය”යි වදාළ සේක.
43ජේසුස් වහන්සේ කතා කරමින් සිටිය දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ද ඔහු කැටුව නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් විසින් එවන ලද සමූහයක් ද කඩු මුගුරු රැගෙන ආහ.
44“මම යමෙකු සිඹිම් ද ඒ ඔබ සොයන තැනැත්තා ය. ඔහු අල්ලා පරෙස්සමින් ගෙන යන්න” කියා උන් වහන්සේ පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණි.
45ජූදස් අවුත් වහා ම උන් වහන්සේ වෙත ගොස්, “රබ්බී” කියා උන් වහන්සේ සිඹගත්තේ ය.
46ඔව්හු උන් වහන්සේ අල්ලාගෙන අත්අඩංගුවට ගත්හ.
47ළඟ සිටි අයගෙන් කෙනෙක් කඩුව ඇද මහා නායක පූජකවරයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාලී ය.
48ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්න ආවාහු ද?
49
50එවිට සියල්ලෝ ම උන් වහන්සේ හැරපියා පලා ගියහ.
51සිහින් හණ රෙද්දක් පමණක් පොරවාගත් තරුණයෙක් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔව්හු ඔහු අල්ලාගත්හ.
52එහෙත්, ඔහු ඒ රෙද්ද හැර දමා නග්න ව පලා ගියේ ය.
53ඔව්හු ජේසුස් වහන්සේ උත්තම පූජකයා වෙත ගෙන ගියහ. සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද එහි රැස් වූ හ.
54පේදුරු ද උත්තම පූජකයාගේ මළුව දක්වා ම දුරින් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔහු මුර සේවකයන් සමඟ වාඩි වී ගිනි තපිමින් සිටියේ ය.
55නායක පූජකවරු ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජේසුස් වහන්සේ මරණයට පත් කරවන පිණිස උන් වහන්සේට විරුද්ධ ව සාක්ෂි සෙවූ හ. එහෙත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය.
56බොහෝ දෙනෙකු උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි කී නමුත්, ඔවුන්ගේ සාක්ෂි එකට එකක් නොගැළපිණි.
57එවිට සමහරු ඉදිරිපත් වී උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි කියමින්,
58
59එහෙත්, මේ ලෙසින් ද ඔවුන්ගේ සාක්ෂි එකට එක විරුද්ධ විය.
60උත්තම පූජකයා ද ඔවුන් ඉදිරියෙහි නැඟිට, “ඔබ පිළිතුරක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන සාක්ෂි මොනවා දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසී ය.
61එහෙත්, ජේසුස් වහන්සේ නිශ්ශබ්ද ව කිසි පිළිතුරක් නොදී සිටි සේක. යළිත් උත්තම පූජකයා කතා කොට, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ද? ආශීර්වාදිතයාණන්ගේ පුත්‍රයාණෝ දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.
62
63එකල උත්තම පූජකයා තම සළුව ඉරාගෙන, “තවත් සාක්ෂිකරුවන්ගෙන් අපට මොන වැඩක් ද?
64
65එකල ඇතැමෙක් උන් වහන්සේට කෙළ ගසන්නට ද උන් වහන්සේගේ මුහුණ වසා අතින් පහර දෙමින්, “ඉතින් දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කියන්නට ද පටන්ගත්හ. මුර සේවකයෝ ද උන් වහන්සේ භාරගෙන, අතුල් පහර දුන්හ.
66පේදුරු, පහළ මළුවේ සිටිය දී, උත්තම පූජකයාගේ එක් සේවිකාවක් අවුත්
67පේදුරු ගිනි තපිනු දැක ඔහු දෙස හොඳින් බලා, “ඔබත් නාසරෙත්හි ඒ ජේසුස් සමඟ සිටියෙහි ය”යි කීවා ය.
68ඔහු අපලාප කරමින්, “ඔබ කියන දේ කුමක් දැ යි මම නොදනිමි, මට නොතේරේ” කියා නික්ම, ද්වාර මණ්ඩපයට ගියේ ය. එකල කුකුළා හැඬලී ය.
69ඒ තරුණිය නැවතත් ඔහු දැක, “මොහු ඔවුන්ගෙන් කෙනෙකැ”යි ළඟ සිටියවුන්ට කියන්නට පටන් ගත්තා ය.
70එහෙත් ඔහු යළිත්, “නැතැ”යි කීවේ ය. මඳ වේලාවකට පසු නැවතත් ළඟ සිටි අය, “සැබැවින් ම ඔබ ඔවුන්ගෙන් එක් කෙනෙක් ම ය, ඔබත් ගලීලයෙක් ම ය”යි පේදුරුට කී හ.
71එහෙත් ඔහු, “ඔබ කියන ඒ මනුෂ්‍යයා මම නාඳුනමි”යි කියමින් තමාට ම සාප කරගන්නට ද දිවුරන්නට ද පටන්ගත්තේ ය.
72එකෙණෙහි ම කුකුළා දෙ වන වර හැඬලී ය. පේදුරු ද, “කුකුළා දෙ වරක් හඬලන්නට පළමු, ‘ඔහු නාඳුනමි’යි ඔබ තෙ වරක් මා ගැන කියන්නෙහි ය”යි ජේසුස් වහන්සේ තමාට පැවසූ කීම සිහි කොට මහ හඬින් හැඬී ය.