1පහන් වූ කෙණෙහි ම නායක පූජකවරු, ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද සමඟ මන්ත්‍රණය කොට ජේසුස් වහන්සේට විලංගුදමා ගෙන ගොස්, පිලාත් හට භාර දුන්හ.
2පිලාත් ද, “ජුදෙව්වරුන්ගේ රජ ඔබ දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. උන් වහන්සේ උත්තර දෙමින්, “එසේ කියන්නේ ඔබ ය”යි වදාළ සේක.
3නායක පූජකවරු බොහෝ දේ ගැන උන් වහන්සේට චෝදනා කළහ.
4පිලාත් නැවත කතා කොට, “ඔබ කිසි ම පිළිතුරක් දෙන්නේ නැද් ද? බලන්න, මොවුහු ඔබට කෙතරම් චෝදනා කරත් දැ”යි උන් වහන්සේට කී ය.
5එහෙත්, ජේසුස් වහන්සේ ඉන්පසු කිසි පිළිතුරක් නුදුන් සේක. ඒ ගැන පිලාත් ද මවිත විය.
6මංගල්‍යයේ දී සෙනඟ ඉල්ලා සිටින හිරකරුවෙකු නිදහස් කරදීම, පිලාත්ගේ සිරිත විය.
7කැරලි කෝලාහල කොට, මිනී මැරීමේ වරදට හිර කරනු ලැබූ කැරලිකරුවන් අතර බරබ්බස් නම් කෙනෙක් විය.
8සමූහයා එක් ව ගොස්, පෙරසිරිත ඉටු කරන ලෙස පිලාත්ගෙන් අයැදින්නට පටන්ගත්හ.
9පිලාත් උත්තර දෙමින්, “මා ජුදෙව්වරුන්ගේ රජු නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
10එසේ කෙළේ, නායක පූජකවරුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව ඔහුට වැටහී තිබුණු බැවිනි.
11එහෙත්, උන් වහන්සේ වෙනුවට බරබ්බස් නිදහස් කර දෙන ලෙස ඉල්ලන්න නායක පූජකවරු ජනයා පෙළඹවූ හ.
12පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින්, “එසේ නම්, ‘ජුදෙව්වරුන්ගේ රජ ය’යි ඔබ කියන මොහු ගැන කුමක් කරන්න දැ”යි ඇසී ය.
13“කුරුසියෙහි ඇණ ගසන්නැ”යි ඔව්හු යළිත් මොරගැසූ හ.
14එකල පිලාත්: “කිමෙක් ද? මොහු කුමන අපරාධයක් කෙළේ දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. එහෙත් ඔව්හු “කුරුසියෙහි ඇණ ගසන්නැ”යි වැඩි වැඩියෙන් මොරගැසූ හ.
15පිලාත් ජනතාව සතුටු කරන්නට කැමැති ව, බරබ්බස් ඔවුන්ට නිදහස් කර දී, ජේසුස් වහන්සේට කසයෙන් තළවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස භාර දුන්නේ ය.
16මුර සෙබළෝ උන් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය රැස් කරවූ හ.
17ඔව්හු උන් වහන්සේට නීල-රක්ත වස්ත්‍රයක් හඳවා, කටු කිරුළක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා,
18“ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට ආචාර කරන්න පටන් ගත්හ.
19ඔව්හු බට දණ්ඩකින් උන් වහන්සේගේ හිසට ගසා, උන් වහන්සේට කෙළ ගසා, දණ නමා උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණාහ.
20උන් වහන්සේට ගැරහුම් කළ පසු ඔව්හු නීල-රක්ත වස්ත්‍රය ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අන්දවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස ගෙන ගියහ.
21
22ඔව්හු කපාලපිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් තැනට උන් වහන්සේ ගෙන ගියහ.
23සුවඳලාටු මුසු මුද්‍රික පානය උන් වහන්සේට දෙන ලද්දේ ය. එහෙත්, උන් වහන්සේ එය නොපිළිගත් සේක.
24
25ඔවුන් උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවේ හිරු උදා වී තුන් පැයකට පසුව ය.
26“ජුදෙව්වරුන්ගේ රජ ය”යි උන් වහන්සේ පිළිබඳ චෝදනා පුවරුව ලියා තිබිණි.
27තවද, ඔව්හු සොරුන් දෙදෙනෙකු එක් කෙනෙකු දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගැසූ හ.
28
29
30ඔබ ම, ගැළවී කුරුසියෙන් බැස එන්නැ”යි කී හ.
31එලෙස ම නායක පූජකවරු විනයධරයන් සමඟ තම තමන් අතර උන් වහන්සේට කවටකම් කරමින්, “මොහු අනුන් ගැළවී ය, එහෙත් තමා ම ගළවාගන්නට මොහුට නොහැකි ය.
32අප විසින් දැක අදහන පිණිස, ඉශ්රායෙල්හි රජ වන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්නැ”යි කී හ. උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබුවෝ ද උන් වහන්සේට ගැරහුම් කළහ.
33මද්දහනේ දී රට පුරා අන්ධකාරයක් පහළ විය. එය සවස තුන වන තෙක් පැවතිණි.
34
35බලා සිටිය අයගෙන් සමහරෙක් ඒ අසා, “අන්න, ඔහු එලියාට හඬගසයි” කී හ.
36
37ජේසුස් වහන්සේ මහ හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක.
38
39උන් වහන්සේ අබිමුවෙහි සිටි ශතාධිපතියා උන් වහන්සේ මෙසේ අවසන් හුස්ම හළ බව දුටු කල, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම ය”යි කී ය.
40
41උන් වහන්සේ සමඟ ජෙරුසලමට ආ බොහෝ කාන්තාවෝත් සිටියහ.
42එය සබතට පෙර සූදානම් වීමේ දිනය වූ බැවින්, හිරු බැස ගිය කල,
43ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකු වන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන අපේක්ෂාවෙන් සිටි, අරිමාතියේ ජෝසෙප් එහි පැමිණ, ධෛර්ය ගෙන, පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මෘත දේහය ඉල්ලා සිටියේ ය.
44පිලාත් ද උන් වහන්සේ එතරම් ඉක්මනින් මියගිය බව අසා පුදුම වී, ශතාධිපතියා කැඳවා, “උන් වහන්සේ මේ ඉක්මනින් මළ සේක් දැ”යි ඇසී ය.
45ඒ බව ශතාධිපතියාගෙන් සහතික ලෙස දැනගත් පසු පිලාත් තෙමේ ජෝසෙප්ට මෘත දේහය බාර දුන්නේ ය.
46ඔහු හණ රෙද්දක් මිලට ගෙන, උන් වහන්සේ පහතට බා, ඒ රෙද්දෙන් ඔතා, පර්වතයෙහි කණින ලද සොහොන් ගැබක තබා, දොරකඩට ගලක් පෙරළා තැබී ය.
47මග්දලායේ මරියා ද ජෝසෙප්ගේ මව වූ මරියා ද උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ.