1උන් වහන්සේ එතැනින් නික්ම සිය රටට පැමිණි සේක. ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පිරිවරා ගියහ.
2එය සබත් දින වූයෙන් උන් වහන්සේ ධර්මශාලාවෙහි උගන්වන්න පටන්ගත් සේක. උන් වහන්සේට සවන් දුන් සමූහයා විස්මිත ව, “මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන් ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක් ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේ ද?
3මොහු වඩුවා නොවේ ද? මරියාගේ පුතා නොවේ ද? ජාකොබ්, ජෝසෙප්, ජූදස් හා සීමොන් යන අයගේ සහෝදරයා නොවේ ද? මොහුගේ සහෝදරියනුත් අප අතර සිටිනවා නොවේ ද?” කියා ඔව්හු උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ.
4
5එහි දී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත් තබා සුව කිරීම හැර, අන් කිසි හාස්කමක් කරන්න උන් වහන්සේට නොහැකි විය.
6ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක.
7එකල උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යැවූ සේක. අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලය ද දුන් සේක.
8
9කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළ සේක.
10තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ යම් කිසි නිවසකට පිවිසි කල, එතැනින් පිට වී යන තෙක් එහි ම නවතින්න.
11
12එලෙස ඔව්හු පිටත් ව ගොස් සෙනඟ පසුතැවී සිත් හරවා ගත යුතු ය යි දේශනා කළහ.
13
14
15එහෙත් සමහරු, “මොහු එලියා ය”යි කී හ. අන් සමහරු, “මොහු පෙර සිටි දිවැසිවරයන් වැනි දිවැසිවරයෙකැ”යි කී හ.
16එහෙත්, හෙරොද් ඒ ඇසූ කල, “මේ මා විසින් හිස ගසාදම්මන ලද ජොහන් ය; මොහු මළවුන්ගෙන් නැඟිට සිටී” යයි කී ය.
17
18“ඔබේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් හෙරොද්ට කී බැවින්,
19හෙරෝදියස් ඔහු කෙරේ වෛර බැඳ, ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියා ය. එහෙත්, එය කළ නොහැකි විය.
20මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.
21සුදුසු අවස්ථාවක් පැමිණියෙන්, හෙරොද් සිය ජන්මෝත්සව දින, තමාගේ උසස් නිලධාරීන්ට ද ප්‍රධාන සේනාධිපතීන්ට ද ගලීලයේ ප්‍රභූවරයන්ට ද මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය.
22එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, “ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි”යි කී ය.
23තවද, “ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි”යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය.
24ඈ පිටතට ගොස්, “මම කුමක් ඉල්ලම් දැ”යි ඇගේ මවගෙන් ඇසුවා ය. “ස්නාවක ජොහන්ගේ හිස” යයි ඈ කීවා ය.
25එවිට තරුණිය වහා ම රජු වෙත පැමිණ, “ඔබ ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා දැන් මට දෙනු මැනව”යි කීවා ය.
26රජතුමා අතිශයින් ශෝක විය. එහෙත්, ඔහුගේ දිවුරුම නිසා ද, අමුත්තන් නිසා ද, ඈට දුන් පොරොන්දුව කඩ කරන්න අකමැති විය.
27එකෙණෙහි ම රජතුමා මුර සෙබළෙකු යවමින් ජොහන්ගේ හිස ගෙනෙන්න අණ කෙළේ ය. ඔහු ද ගොස් හිර ගෙයි දී ජොහන්ගේ හිස ගසාදමා
28එය තැටියක ලා ගෙනවුත්, තරුණියට දුන්නේ ය; තරුණිය ද එය මවට දුන්නා ය.
29ජොහන්ගේ ගෝලයෝ ඒ ගැන අසා අවුත්, ඔහුගේ මෘත දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.
30ප්‍රේරිතයෝ ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ.
31එවිට උන් වහන්සේ කතා කරමින්, “ඔබ පමණක් වෙන් ව, හුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක ගන්නැ”යි ඔවුන්ට වදාළ සේක. එසේ කීවේ, ඔවුන්ට කෑම කන්න වත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි.
32එවිට ඔව්හු පමණක් ඔරුවෙන් හුදකලා තැනකට ගියෝ ය.
33බොහෝ දෙනෙක් ඔවුන් යනවා දැක, ඔව්හු කවරහු දැ යි හැඳින, සියලු නුවරවලින් එක් වී ගොඩින් දිව අවුත්, ඔවුන්ට පෙර එහි පැමිණියහ.
34
35දවස ගෙවී යත් ම ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත;
36එබැවින් අවට ගම් නියම්ගම් වලට ගොස් තමන්ට කෑමට යමක් මිලයට ගන්න පිණිස මොවුන් යන්න හැරිය මැනවැ”යි කී හ.
37එහෙත් උන් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ම ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු පිළිතුරු දෙමින්, “අප ගොස් රිදී කාසි දෙසියයක රොටි මිල දී ගෙන ඔවුන්ට කෑමට දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
38“ඔබ ළඟ රොටි කීයක් තිබේ ද කියා ගොස් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු සොයා බලා අවුත්, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ”යි කී හ.
39උන් වහන්සේ ඔවුන් සියල්ලන් කාණ්ඩ වශයෙන් නිල් තණ බිම පිට හිඳුවන්න ශ්‍රාවකයන්ට අණ කළ සේක.
40ඔව්හු සියය සියය හා පණස පණස බැගින්, පේළි වශයෙන් හිඳගත්හ.
41උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගය දෙස බලා, ආශීර්වාදය පවසා, රොටි කඩා, ඔවුන් ඉදිරියෙහි තබන්න ශ්‍රාවකයන්ට දී, මසුන් දෙදෙනාත් ඒ සැමට බෙදා දුන් සේක.
42සෑම දෙන ම කා තෘප්තියට පැමිණියහ.
43ඉතිරි රොටි කැබලිවලින් ද මසුන්ගෙන් ද කූඩා දොළොසක් පිරෙන තරම් රැස්කරගත්හ.
44රොටි කෑ පුරුෂයෝ පන්දහසක් වූ හ.
45එකෙණෙහි ම උන් වහන්සේ සමූහයා විසුරුවා හැරිය සේක. සිය ශ්‍රාවකයන්ට ද ඔරුවට නැඟී තමන්ට පෙරටුව බෙත්සයිදාව බලා එගොඩට යන්න අණ දුන් සේක.
46උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාච්ඤා කරනු වස් කන්දට නැඟුණු සේක.
47සවස් වූ කල ඔරුව මුහුද මැද විය. උන් වහන්සේ තනි ව ගොඩ සිටි සේක.
48සුළඟ ඔවුන්ට විරුද්ධ ව හැමූ බැවින්, ඔවුන් ඔරු පැදීමෙන් වෙහෙසෙනු දුටු උන් වහන්සේ, රෑ සතර වැනි යාමය
49ඔව්හු උන් වහන්සේ මුහුද පිට ඇවිදිනු දැක, “ඒ අවතාරයකැ”යි සිතා බියෙන් මොරගැසූ හ.
50සියල්ලෝ ම උන් වහන්සේ දැක බිය වූ හ. එහෙත් උන් වහන්සේ එකෙණෙහි ම, “ධෛර්ය ගන්න; ඒ මම ය; බිය නොවන්නැ”යි ඔවුන්ට කියා
51ඔවුන් සිටි ඔරුවට නැඟුණු සේක. සුළඟ නැවතිණි. ඔව්හු විස්මයෙන් විස්මයට පත් වූ හ.
52ඔවුන්ගේ මනස අඳුරු වී තිබිණි. මක්නිසා ද රොටි පිළිබඳ සිද්ධිය ඔවුන්ට අවබෝධ නොවූ බැවිනි.
53ඔව්හු එගොඩ වී ගෙන්නෙසෙරෙත් රටට පැමිණ ඔරුව වෙරළෙහි බැන්දෝ ය.
54ඔවුන් ඔරුවෙන් නික්මුණු කෙණෙහි ම ජනයා උන් වහන්සේ හැඳිනගත්හ.
55ඔව්හු ඒ අවට රට පුරා දිව ගොස්, උන් වහන්සේ යම් තැනකට ආ බව පතළ වී ද, එතැනට රෝගීන් යහන් පිටින් උසුලා ගෙනෙන්න පටන්ගත්හ.
56උන් වහන්සේ යම් කිසි ගම්මානයකට හෝ ගොවිපොළකට හෝ නුවරකට හෝ ඇතුළු වූ සේක් ද, එහි ඔව්හු රෝගීන් කඩපිල්වල තබා, ඔවුන්ට උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න ඉඩ දෙන ලෙස ඉල්ලූ හ. එසේ ස්පර්ශ කළ හැම දෙනාට ම සුවය ලැබිණි.