1තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය බලපරාක්‍රම සහිත ව පහළ වූ බව දකින්න පෙර, මෙහි සිටින්නන්ගෙන් ඇතැමෙක් කිසි සේත් මරණයට පත් නොවන්නාහ”යි වදාළ සේක.
2
3මිහි පිට කිසිවෙකුටවත් සෝදා සුදු කළ නොහැකි තරම් ධවල දීප්තියකින් උන් වහන්සේගේ වස්ත්‍ර බැබළිණි.
4එවිට එලියා ද මෝසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ.
5එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, “ගුරුදේවයෙනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු”යි කී ය.
6ඔවුන් මහා භීතියකින් ඇලළී ගියෙන්, කුමක් කියන්න දැ යි ඔහු නොදැන සිටියේ ය.
7
8හදිසියෙන් අවට බැලූ විට, ඔව්හු තමන් සමඟ ජේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නුදුටුවෝ ය.
9ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන්ගෙන් උත්ථාන වන තුරු තමන් දුටු දේ කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක.
10එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත්, ඔව්හු, “මළවුන්ගෙන් උත්ථාන වීම යනු කුමක් දැ”යි ඔවුනොවුන් අතර විමසමින් සිටියහ.
11
12උන් වහන්සේ කතා කොට, “එසේ ය, එලියා පළමුවෙන් පැමිණ සියල්ල නිසි ලෙස පිළියෙළ කරනු ඇත. මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, නිග්‍රහ ලබන්නත් යුතු ය යි ඔහු ගැන සඳහන් ව තිබෙන්නේ කෙසේ ද?
13එහෙත් මම ඔබට කියමි, එලියා දැනට ම පැමිණ ඇත, ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි ඔව්හු තමන් රිසි දේ ඔහුට කළහ”යි වදාළ සේක.
14ඔව්හු ශ්‍රාවකයන් වෙත ආ කල ඔවුන් වටකරගෙන මහත් සමූහයක් සිටිනවාත්, විනයධරයන් ඔවුන් සමඟ විවාද කරනවාත් දුටුවෝ ය.
15එකෙණෙහි ම මුළු සමූහයා උන් වහන්සේ දැක ඉතා විස්මිත ව, උන් වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ.
16“ඔබ ඔවුන් සමඟ කුමක් ගැන වාද කරන්නහු දැ”යි උන් වහන්සේ විනයධරයන්ගෙන් ඇසූ සේක.
17සමූහයාගෙන් එක් කෙනෙක් උන් වහන්සේට උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, මාගේ පුත්‍රයා ඔබ වෙතට ගෙනාවෙමි; ඔහුට ගොළු ආත්මයක් ආවේශ වී ඇත.
18ඒ ආත්මය ඔහු මැඩලන කොතැනක දී වුව ද ඔහු බිම හෙළයි. එවිට ඔහු කටින් පෙණ දමයි; දත්මිටි කයි; දරදඬු වෙයි. මේ ආත්මය දුරු කරන ලෙස මම ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලුවෙමි. එහෙත් ඔවුන්ට එය කළ නොහැකි වී ය”යි කී ය.
19උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “අහෝ! ඇදහිලි හීන පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.
20ඔව්හු උන් වහන්සේ වෙතට ළමයා ගෙනාහ. උන් වහන්සේ දුටු කෙණෙහි ම ඒ ආත්මය ඔහු තදින් සලිත කරලී ය. ඔහු ද බිම වැටී පෙරළි පෙරළී කටින් පෙණ දමන්න වන.
21“මොහුට මෙය සිදු වී කොපමණ කල් දැ”යි උන් වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, “ළමා වයසේ පටන් ය,
22තවද, ඒ ආත්මය ඔහු විනාශ කරන පිණිස වරින් වර ගින්නෙහි ද වතුරෙහි ද හෙළයි. ඔබට යමක් කළ හැකි නම්, අපට අනුකම්පා කොට පිහිට වුව මැනවැ”යි කී ය.
23ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබට හැකි නම්, කියා ඔබ කීවෙහි ද? අදහන්නාට සියල්ල හැකි ය”යි වදාළ සේක.
24එකෙණෙහි ම දරුවාගේ පියා, “මම අදහමි, මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවැ”යි මොරගා කීවේ ය.
25සමූහයා එක් ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, “ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරු වෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි”යි වදාළ සේක.
26එවිට දුෂ්ට ආත්මය මොරගසා ඔහු බොහෝ සේ සලිත කොට පිටතට ආවේ ය. ළමයා ද මළකඳක් මෙන් විය. ඒ නිසා වැඩි දෙනා “ඔහු මැරිලා ය”යි කී හ.
27එහෙත් ජේසුස් වහන්සේ ඔහු අතින් අල්ලා එසෙවූ සේක. ඔහු සිටගත්තේ ය.
28උන් වහන්සේ ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ කතා කොට, “ඒ ආත්මය දුරු කරන්න අපට නොහැකි වූයේ මන්දැ”යි උන් වහන්සේගෙන් රහසින් විචාළහ.
29උන් වහන්සේ ද “යාච්ඤාවෙන් මිස අන් මඟකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකි ය”යි ඔවුන්ට වදාළ සේක.
30ඔව්හු එතැනින් නික්ම ගලීලය මැදින් ගියහ. ඒ බව කිසිවෙකු දැනගැනීම උන් වහන්සේගේ කැමැත්ත නො වී ය.
31කුමක්නිසා ද, උන් වහන්සේ, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවා දෙනු ලබති; ඔව්හු එතුමාණන් මරන්නෝ ය. මරනු ලැබූ පසු එතුමාණෝ තෙ දිනකින් නැවත නැඟිටින්නාහ”යි ශ්‍රාවකයන්ට ඉගැන්වූ බැවිනි.
32එහෙත් ඒ කීම ඔවුන්ට අවබෝධ නො වී ය. උන් වහන්සේගෙන් අසන්නටත් ඔව්හු බිය වූ හ.
33ඔව්හු කපර්ණවුමට පැමිණියහ. උන් වහන්සේ ගෙයි සිටි කල, “ඔබ මඟ දී කුමක් ගැන විවාද කළහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.
34
35
36උන් වහන්සේ කුඩා දරුවෙකු ගෙන ඔවුන් මැද සිටුවා ඔහු තුරුල් කරගෙන,
37
38ජොහන් උන් වහන්සේට කතා කොට, “ගුරුදේවයෙනි, අප අනුගමනය නොකරන කෙනෙකු ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අප අනුගමනය නොකරන නිසා අපි ඔහුට එය තහනම් කෙළෙමු”යි කීවේ ය.
39එහෙත් ජේසුස් වහන්සේ “තහනම් නොකරන්න. මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරෙකුටවත් ඒ හුස්මෙන් ම මා ගැන අපවාදයක් කරන්න නොහැකි ය.
40
41
42“තවද, උන් වහන්සේ කතා කරමින් මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යම් කෙනෙක් ඇද්ද, ඔහුගේ ගෙල වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළාදැමීම ඔහුට යහපත.
43
44අපායේ දී ඔවුන් කාදමන පණුවා නොනසියි. ඔවුන් දවාලන ගින්න නොනිවෙයි.
45ඔබේ වැටීමට හේතුව ඔබේ පාදය නම් එය කපා දමන්න. දෙපා ඇතිව අපායට හෙළනු ලැබීමට වඩා කොර ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත.
46අපායේ දී ඔවුන් කාදමන පණුවා නොනසියි. ඔවුන් දවාලන ගින්න ද නොනිවෙයි.
47
48
49ලුණෙන් පවිත්‍රවීම ඇති වන සේ, සියල්ලෝ ම ගින්නෙන් පවිත්‍ර කරනු ලබති.
50