1ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම යාග සමඟ මිශ්‍ර කළ අන්දම ගැන උන් වහන්සේට දැන්වූ හ.
2උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔව්හු අන් හැමට ම වඩා පාපී වූ හ යි ඔබ සිතන්නහු ද? එසේ නොවේ ය යි මම ඔබට කියමි.
3පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැම ද එසේ ම විනාශ වන්නහු ය.
4සිලෝවම් හී බලකොටුව වැටී ඊට යට වී මළ දසඅට දෙන ජෙරුසලමෙහි විසූ අන් හැමට ම වඩා දුෂ්ට වූ හ යි ඔබ සිතන්නාහු ද?
5එසේ නොවේ ය යි ඔබට කියමි. පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැමට වන්නේත් එම විපත්තිය ම ය”යි වදාළ සේක.
6උන් වහන්සේ උපමාවක් වදාරමින්, “එක් මිනිසකුගේ මිදි වත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේ ය. එහෙත් කිසිවක් සම්බ නො වී ය.
7එවිට ඔහු උයන්ගොව්වාට කතා කරමින්, ‘බලන්න, දැන් අවුරුදු තුනක් ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ නො වී ය. ගස කපා දමන්න; එය පොළොවට බරක් ව තිබිය යුතු මන්දැ’යි කී ය.
8ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණා වේ.
9ඉන්පසු පල දැරුවොත් හොඳ ය; නැති නම් එය කපා දමන්නට පුළුවනැ’ “යි කී බව වදාළ සේක.
10උන් වහන්සේ සබත් දිනක එක් ධර්මශාලාවක අනුශාසනා කරමින් සිටි සේක.
11එහි දසඅට වසක් තිස්සේ අශුද්ධාත්මයක් නිසා දුර්වලකමින් පෙළුණු, කොයි අන්දමකින් වත් කෙළින් වෙන්නට බැරි ස්ත්‍රියක් වූවා ය.
12ජේසුස් වහන්සේ ඈ දැක කැඳවා, “ස්ත්‍රිය, ඔබේ දුර්වල කමින් ඔබ මිදුණෙහි ය”යි කියා
13ඈ පිට අත් තැබූ සේක. එකෙණෙහි ම ඈ කෙළින් සිට, දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා ය.
14
15සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “කෛරාටිකයෙනි, ඔබ හැම කෙනෙකු ම සබත් දිනයේ දී තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර දීමට ගෙන යනවා නොවේ ද?
16එසේ නම්, දසඅට වසක් තිස්සේ සාතන් විසින් බඳිනු ලැබ සිටි, ආබ්‍රහම්ගේ දියණියක වූ මේ ස්ත්‍රිය ඒ බන්ධනයෙන් සබත් දිනයේ දී මුදන්න යුතු ව තිබුණා නොවේ දැ”යි වදාළ සේක.
17මෙසේ වදාළ විට උන් වහන්සේගේ සියලු විරුද්ධවාදීහු ලජ්ජාවට පත් වූ හ. මුළු සමූහයා ද උන් වහන්සේ කළ මහිමාන්විත ක්‍රියා සියල්ල ගැන අමන්දානන්දයට පත් වූ හ.
18උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන ද? එය කුමකට උපමා කරම් ද?
19එක්තරා මිනිසෙකු තම වත්තෙහි රෝපණය කළ පසු වැඩී, මහ ගසක් වූ අබ ඇටයකට එය සමාන ය. අහසේ කුරුල්ලෝ අවුත් එහි අතු පතරෙහි ලැගුම් ගත්හ”යි වදාළ සේක.
20යළිදු උන් වහන්සේ කතා කොට, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට උපමා කරම් ද?
21ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් මුළුමනින් ම පිපෙනතෙක් එහි දමන ලද මුහුන් පිඬකට එය සමාන ය”යි වදාළ සේක.
22උන් වහන්සේ ජෙරුසලම බලා යද්දී නගර හා ගම් නියම්ගම් මැදින් අනුශාසනා කරමින් වැඩි සේක.
23එක් කෙනෙක් කතා කොට, “ස්වාමීනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක:
24“පටු දොරෙන් ඇතුළු වන්නට වීර්ය කරන්න. මන්ද, බොහෝ දෙනෙක් ඇතුළු වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේ ය යි මම ඔබට කියමි.
25ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත.
26එවිට ඔබ: ‘අපි ඔබ සමඟ කෑවෙමු, බීවෙමු, ඔබ අපේ වීදිවල ඉගැන්වූ සේකැ’යි කියන්නහු ය.
27
28
29තවද, මනුෂ්‍යයෝ පෙරදිගින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මංගල භෝජනයට අසුන් ගන්නෝ ය.
30
31ඒ මොහොතේ දී ම පරිසිවරුන්ගෙන් සමහරෙක් පැමිණ, “මෙතැනින් අහක් ව ගිය මැනව. මන්ද, හෙරොද් ඔබ මරනු රිසියෙන් සිටින්නේ ය”යි කී හ.
32උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඔබ ගොස් ඒ හිවලාට මෙසේ කියන්න: අදත්, හෙටත් මම දුෂ්ටාත්මයන් දුරු කොට රෝග සුව කරමි. තුන් වැනිදා මාගේ පරමාර්ථය මුදුන් පත් කරගන්නෙමි,
33එසේ වුව ද, අදත්, හෙටත්, අනිද්දාත් මා චාරිකාවෙහි යෙදිය යුතු ය: කුමක් හෙයින් ද, දිවැසිවරයෙකුගේ මරණය ජෙරුසලමෙන් පිටත දී සිදුවිය නොහැකි ය.”
34“අහෝ! ජෙරුසලම, දිවැසිවරයන් නසන, තී වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන්, තිගේ දරු කැල එක්රැස් කරගන්නට මම කී වරක් කැමැති වීම් ද? එහෙත් ඔබ කැමැති වූයේ නැත.
35