1එක් දිනක් උන් වහන්සේ දේව මාලිගාවෙහි සෙනඟට අනුශාසනා කරමින් ද සුබ අස්න දේශනා කරමින් ද සිටිය දී නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයන් හා සමඟ උන් වහන්සේ වෙත පැමිණ,
2“ඔබ මේ දේවල් කරන්නේ කුමන අධිකාරී බලයකින් ද නොහොත් මේ අධිකාරී බලය ඔබට පැවරුවේ කවරෙක් දැ යි අපට කියන්නැ”යි උන් වහන්සේට කී හ.
3උන් වහන්සේ උත්තර දෙමින්, “මමත් ඔබගෙන් ප්‍රශ්නයක් අසමි;
4ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක.
5එවිට ඔව්හු තම තමන් අතර කතා කොට, “ ‘දෙවියන් වහන්සේගෙන් ය’යි අප කීවොත්, ‘එසේ නම්, ඔහු අදහා නොගත්තේ මන්දැ’යි මොහු අපෙන් අසනු ඇත.
6‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කීවොත්, ජොහන් දිවැසිවරයකු ලෙස මුළු ජනතාව විශ්වාස කරන බැවින්, ඔවුන් අපට ගල් ගසනු ඇතැ”යි කියා,
7“එය කොතැනින් වූයේ දැ යි අපි නොදනිමු”යි උත්තර දුන්හ.
8එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මා කුමන අධිකාරී බලයකින් මේ දේවල් කරම් දැ යි මමත් ඔබට නොකියමි”යි වදාළ සේක.
9
10පල නෙළන කාලයේ දී, මිදි වත්තේ අස්වැන්නෙන් කොටසක් ගොවීන්ගෙන්, ලබන රිසියෙන්, ඔහු දාසයකු ඔවුන් වෙත යැවී ය. එහෙත් ගොවීහු ඔහුට තළා පෙළා ඔහු හිස් අතින් හැරියෝ ය.
11පසුව ඔහු තව දාසයකු යැවී ය. ගොවීහු ඔහුටත් තළා පෙළා, නිගා කොට, හිස් අතින් හැරියෝ ය.
12යළිත් ඔහු තුන්වැනියෙකු යැවී ය. ඔව්හු ඔහුටත් තුවාළ කොට එළවා දැමූ හ.
13එවිට මිදි වත්තේ හිමියා කතා කොට, ‘මම කුමක් කරම් ද? මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා යවමි. සමහරවිට ඔවුන් ඔහුට ගෞරව කරනු ඇතැ’යි කී ය.
14එහෙත් ගොවීහු ඔහු දැක, ඔවුනොවුන් අතර කතා කොට, ‘මොහු උරුමක්කාරයා ය. උරුමය අපට අත් වන පිණිස මොහු මරමු’යි කියා,
15ඔහු මිදි වත්තෙන් පිටත දමා මැරූ හ. එහෙයින් මිදි වත්තේ හිමියා ඔවුන්ට කුමක් කරනු ඇද් ද?
16ඔහු අවුත් ඒ ගොවීන් වනසා, මිදි වත්ත අන්‍යයන්ට දෙනු ඇතැ”යි වදාළ සේක.
17
18ඒ ගල මත වැටෙන කවුරු නමුත් දැඩි තුවාළ ලබන්නේ ය; ඒ ගල යමෙකු මත වැටෙන්නේ ද, ඔහු එයින් සුණු විසුණු කරනු ලබන්නේ ය”යි වදාළ සේක.
19නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ ඒ උපමාව ඔවුන්ට විරුද්ධ ව එල්ල කළ බව දැන, ඒ පැයේ දී ම උන් වහන්සේ අල්ලාගන්නට සෙවූ හ; එහෙත් සෙනඟ නිසා බිය වූ හ.
20ඔව්හු උන් වහන්සේගේ කටින් වචනයක් අල්ලාගෙන උන් වහන්සේ රජයට ද ආණ්ඩුකාරයාගේ බලයට ද බාර දීමට අවස්ථාවක් සොයමින්, තමන් අවංකයන් සේ පෙනී සිටින ඔත්තුකාරයන් යැවූ හ.
21ඔව්හු කතා කොට, “ගුරුදේවයෙනි, ඔබ යුක්ති සහගත ලෙස කතා කරන බවත්, අනුශාසනා කරන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලා, දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන බවත් අපි දනිමු.
22අප සීසර් අධිරාජයාට අයබදු ගෙවීම යුතු ද, නැද්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
23එහෙත් උන් වහන්සේ ඔවුන්ගේ කෛරාටිකකම දැන, “කාසියක් මෙහි ගෙනෙන්න;
24එහි තිබෙන රූපයත් සටහනත් කාගේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. “සීසර් අධිරාජයාගේ” යයි ඔව්හු කී හ.
25“එසේ නම් සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ”යි ඔවුන්ට වදාළ සේක.
26මෙසේ සෙනඟ ඉදිරියෙහි දී උන් වහන්සේ කට වචනයෙන් අල්ලාගන්නට ඔවුන්ට බැරි විය. ඔව්හු උන් වහන්සේගේ පිළිතුරට පුදුම ව නිහඬ වූ හ.
27
28
29ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය.
30දෙවැන්නාත් තුන්වැන්නාත් ඇය පාවා ගත්හ.
31සත් දෙන ම එසේ දරුපල නොලබා මළෝ ය.
32පසුව ඒ ස්ත්‍රියත් මළා ය.
33සත් දෙනාම ඈ පාවාගත් බැවින්, පුනරුජ්ජීවනයේ දී ඈ ඔවුන්ගෙන් කවරකුගේ භාර්යාව වන්නී දැ”යි ඇසූ හ.
34ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මේ යුගයට අයත් වූවෝ ආවාහ විවාහ වන්නාහු ය;
35එහෙත් එන යුගයට හා පුනරුජ්ජීවනයට පැමිණීමට වරම් ලත් අය ආවාහ වන්නේ වත් විවාහ වන්නේ වත් නැත.
36ඉන්පසු ඔවුන්ට මරණයක් නැත. ඔව්හු දේව දූතයන්ට සම වෙති. පුනරුජ්ජීවන වරය ලත් බැවින් ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.
37
38උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව, ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය. මන්ද, උන් වහන්සේ උදෙසා සියල්ලෝ ම ජීවත් වෙති”යි වදාළ සේක.
39එවිට විනයධරයන්ගෙන් සමහරෙක් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබේ කතාව කදිම ය”යි කී හ.
40උන් වහන්සේගෙන් තවත් කිසි ප්‍රශ්නයක් ඇසීමට ඔවුන්ට ධෛර්ය නොතිබිණි.
41ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ක්‍රිස්තුස් දාවිත්ගේ පුත්‍රයා යයි කියන්නේ කෙසේ ද?
42
44මෙසේ දාවිත් ම උන් වහන්සේට ‘සමිඳාණන්’ යයි කියයි නම් උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ”යි ඇසූ සේක.
45මුළු සෙනඟ සවන් දී සිටිය දී උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට,
46“දිග උතුරු සළු හැඳ සක්මන් කිරීමට කැමැති, වෙළඳ පොළේ දී ගෞරවාචාරවලට ද ධර්මශාලාවල දී ප්‍රධාන ආසනවලට ද මංගල භෝජනවල දී ප්‍රධාන ස්ථානවලට ද ඇලුම් කරන,
47වැන්දඹුවන්ගේ ගේදොර කාදමමින්, පෙනුමට දිගින් දිගට යාච්ඤා පුද කරන, විනයධරයන්ගෙන් පරෙස්සම්වන්න. ඔව්හු වඩාත් බරපතල දඬුවමකට පත් කරනු ලබන්නෝ ය”යි වදාළ සේක.