1ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණ ව ජොර්දානෙන් ආපසු ආ විට, ආත්මයාණන් වහන්සේ විසින් උන් වහන්සේ පාළුකරයට ගෙනයනු ලැබූ සේක.
2එහි දී දින සතළිසක් මුළුල්ලේ යක්ෂයා උන් වහන්සේ පරීක්ෂා කෙළේ ය. ඒ දවස්වල දී උන් වහන්සේ කිසිවක් නොවැළඳූ සේක. ඒ කාලය නිම වූ පසු උන් වහන්සේට කුසගිනි ඇති විය.
3එකල යක්ෂයා කතා කරමින්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල් ගෙඩිය පාන් ගෙඩියක් වන්නට අණ කළ මැනවැ”යි උන් වහන්සේට කී ය.
4
5එවිට යක්ෂයා උන් වහන්සේ උස් තැනකට පමුණුවා, ක්ෂණයකින් ලෝකයේ සියලු රට රාජ්‍යයන් උන් වහන්සේට පෙන්වා,
6“මේවා කෙරෙහි මුළු ආධිපත්‍යය ද ඒවායේ යස ඉසුරු ද ඔබට දෙන්නෙමි; ඒවා මට පවරා දී ඇති හෙයින් මා කැමැති කෙනෙකුට ඒවා දෙමි;
7එබැවින් ඔබ මා ඉදිරියෙහි නමස්කාර කරන්නෙහි නම් ඒ සියල්ල ම ඔබ සන්තක වන්නේ ය”යි උන් වහන්සේට කී ය.
8
9ඉන්පසු ඔහු උන් වහන්සේ ජෙරුසලමට ගෙන ගොස්, දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් පහතට පනින්න.
10
11
12
13යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා, සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන් වහන්සේ අත්හැර ගියේ ය.
14තවද, ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් යුක්ත ව ගලීලයට පෙරළා වැඩිය සේක. උන් වහන්සේ පිළිබඳ ආරංචිය අවට මුළු පෙදෙස පුරා පැතිරිණි.
15උන් වහන්සේ සියල්ලන්ගෙන් ප්‍රශංසා ලබමින්, ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක.
16උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක.
17එවිට දිවැසිවර යෙසායාගේ ග්‍රන්ථය උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේ ග්‍රන්ථය දිගහැර, මෙසේ ලියා ඇති තැන සොයාගත් සේක:
18
19සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.”
20උන් වහන්සේ එය කියවා, ග්‍රන්ථය අකුළා, උපස්ථායක තැනට දී වැඩහුන් සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන් වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ.
21උන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් ගෙන, “අද ඔබ සවන් දී සිටිය දී ම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී ය”යි වදාළ සේක.
22සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, “මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ.
23එවිට උන් වහන්සේ කතා කොට, “ ‘වෙද තුමාණෙනි, ඔබ, ඔබම සුව කරගන්න’ යන ප්‍රස්තා පිරුළ ඔබ නිසැක ව ම මට ගෙන හැර පා,
24
25
26
27
28ධර්මශාලාවෙහි සිටි මුළු සමූහයා ඒ අසා කෝපාවිෂ්ට වූ හ.
29ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ.
30එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක.
31උන් වහන්සේ ගලීලයේ නුවරක් වන කපර්ණවුමට පැමිණ, සබත් දිනයේ දී අනුශාසනා කරමින් සිටි සේක.
32
33අශුද්ධාත්මයක් ආවේශ වූ මිනිසෙක් ධර්මශාලාවෙහි සිටියේ ය. ඔහු මහ හඬින් මොරගසා,
34“අහෝ! නාසරෙත්හි ජේසුස් තුමෙනි ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය”යි කී ය.
35ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියාගෙන මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. එවිට දුෂ්ටාත්මය සමූහයා ඉදිරියෙහි ඔහු බිම හෙළා, ඔහුට තුවාළ නොකොට ඔහුගෙන් දුරු වී ය.
36සියල්ලෝ ම විස්මිත ව “මේ මොන ධර්මයක් ද? මෙතුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති”යි තම තමන් අතර කතා කරගත් හ.
37උන් වහන්සේ පිළිබඳ මෙපුවත අවට පෙදෙස පුරා පැතිරිණි.
38උන් වහන්සේ ධර්මශාලාවෙන් නැඟිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුළු වූ සේක. සීමොන්ගේ බිරිඳගේ මවට බලවත් උණ රෝගයක් වැළඳී තිබිණි. ඔව්හු ඈ උදෙසා උන් වහන්සේට කන්නලව් කළහ.
39උන් වහන්සේ ද ඈ ළඟ සිට උණ රෝගය පහ ව යන්න අණ කළ සේක, උණ රෝගය ඇගෙන් පහ ව ගියේ ය. එකෙණෙහි ම ඈ නැඟිට ඔවුන්ට උපස්ථාන කළා ය.
40හිරු බැස යද්දී, නොයෙක් රෝගවලින් පීඩිත වූ අය භාර ව සිටි සියල්ලෝ ම උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. උන් වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් කළ සේක.
41දුෂ්ටාත්මයෝ ද, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකුගෙන් දුරු වූ හ. තමන් ක්‍රිස්තුන් වහන්සේ යයි ඔවුන් දැන සිටි නිසා උන් වහන්සේ ඔවුන්ට තරවටු කොට, කතා කිරීම තහනම් කළ සේක.
42පසුදින පහන් වූ කල උන් වහන්සේ පිටත් ව හුදකලා තැනකට වැඩිය සේක. සමූහයා උන් වහන්සේ සොයා ගොස්, හමු වූ පසු, තමන් වෙතින් යන්න නොදී උන් වහන්සේ නවතාගන්න තැත් කළහ.
43උන් වහන්සේ කතා කොට, “මා වෙනත් නුවරවල ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කළ යුතු ය; මා එවන ලද්දේ ඒ සඳහා ය”යි ඔවුන්ට වදාළ සේක.
44තවද, උන් වහන්සේ ජුදයේ ධර්මශාලාවල දේශනා කරමින් සිටි සේක.