1ලජ්ජා නැති ජාතිය, එකතු වී රැස්වීමක් පවත්වන්න.
2නුඹ බොල් මෙන් පහකරනු ලබන්නට පෙර, සමිඳාණන් වහන්සේගේ බලවත් උදහස දක්වන දවස පැමිණෙන්නට පෙර එක් වන්න.
3සමිඳාණන් වහන්සේගේ ආඥා පවත්වන, දේශයේ සිටින නිහතමානී ජනයෙනි, සමිඳාණන් වහන්සේ සොයන්න, ධර්මිෂ්ඨකම සොයන්න. බැගෑපත්කම සොයන්න, සමහර විට සමිඳාණන් වහන්සේ උදහස දක්වන දවසේ දී නුඹලා විනිශ්චයයෙන් බේරෙනු ඇත.
4
5මුහුදුබඩ වසන පිලිස්තිවරුනි, කෙරෙතිවරුනි, අනේ! නුඹලාට වන විපතක මහත! පිලිස්තිවරුන්ගේ දේශය වන කානානය, සමිඳාණන් වහන්සේ නුඹ ගැන තීන්දුව දී හමාර ය. උන් වහන්සේ කිසිවෙකු ඉතුරු නොවන සේ නුඹ විනාශ කරන සේක.
6මුහුදුබඩ දේශයේ නුඹේ එඬේරුන්ට පැල් ද බැටළු ගාල් ද සහිත පිට්ටනියක් ඇති වන්නේ ය.
7ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස මුහුදුබඩ දේශය අයිතිකර ගනිති. ඔවුන් තමන්ගේ බැටළුවන් එහි පෝෂණය කරනු ඇත; සවස අෂ්කෙලොන්හි ගෙවල නිදාගනු ඇත. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිට ඔවුන්ට සෞභාග්‍යය අත් කරදෙනු ඇත.
8
9
10ඒ ජාතිකයන්ගේ අහංකාරයත්, පාරට්ටුවත් නිසා ද සියලු බලැති දෙවියන් වහන්සේගේ සෙනඟට ඔවුන් නින්දාකළ නිසා ද ඔවුන්ට දඬුවම් පැමිණේ.
11සමිඳාණන් වහන්සේ ඔවුන් තැතිගන්වන සේක; ලෝකයේ සියලු දෙවිවරුන් නැත්තට ම නැති කරන සේක. හැම ජාතීන්ගේ ම රටවල වැසියන් තම තමන්ගේ ස්ථානවල සිට උන් වහන්සේට නමස්කාර කරනු ඇත.
12
13
14හැම වර්ගයේ ගව මෘග ආදීන් එහි ලගිනු ඇත. එහි නටබුන් අතරේ බකමූණන් ලගින කවුළු තුළින් කරවැල් කොකා ද ඉත්තෑවා ද කෑකෝ ගසනු ඇත. එළිපත් මත කපුටන් කරව් කරනු ඇත. ගොඩනැඟිලිවල කිහිරි ලී බිඳ හෙළනු ඇත.
15සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.