1
2
3ජෝෂුවා වනාහි කිළුටු ඇඳුම් හැඳගෙන දේව දූතයා ඉදිරියෙහි සිටියේ ය.
4“කිළුටු ඇඳුම් ඔහුගෙන් ඉවත් කරන්නැ”යි දේව දූතයා තමා පිරිවරා සිටි අයට කී ය. ඉන්පසු, “මම නුඹේ පව් පහ කෙළෙමි. නුඹට මංගල ඇඳුම් පළඳවමි”යි ජෝෂුවාට කී ය.
5“ඔහුගේ හිසේ ශෝභන මකුටයක් තබන්නැ”යි නියම කෙළේ ය. එසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ දූතයා බලා සිටිය දී, ශෝභන මකුටයක් ඔහුගේ හිසේ තබා, මංගල ඇඳුම් ඔහුට පැළඳෙව්වෝ ය.
6එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ජෝෂුවාට අනුශාසනා කරමින්,
7“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “නුඹ මාගේ ආඥාවලට කීකරු වී මා නුඹට නියම කරන යුතුකම් ඉටු කරන්නෙහි නම්, මාගේ මාලිගාවේ හා එහි මණ්ඩපයේ භාගය නුඹට අයත් වන්නේ ය. මා ඉදිරියෙහි සිටින අයගේ අයැදුම්වලට සවන් දෙන්නාක් මෙන් මම නුඹේ අයැදුම්වලට ද සවන් දෙන්නෙමි.
8
9ඇස් සතක් ඇති ගලක් ජෝෂුවා ඉදිරියේ මම තබමි. ඒ පිට මම ලේඛනයක් කොටා මේ දේශයේ පාපය එක දවසකින් පහ කරන්නෙමි.
10