1
2හද්‍රාක් දේශයට යාව ඇති හමාත් ද නොයෙක් ශූර නුවණ ඇති තීර් සහ සීදොන් ද උන් වහන්සේට අයිති ය.
3තීර් වනාහි බලකොටු සාදාගෙන ධූලි ගොඩ ගසන්නාක් මෙන් රිදී ද වීථිවල කුණු කසළ ගොඩ ගසන්නාක් මෙන් රන් ද රැස් කරගත්තේ ය.
4එහෙත්, සමිඳාණන් වහන්සේ එහි ඇති සියලු දේ පැහැරගෙන එහි ඇති වස්තුව මුහුදට හෙළා දමන සේක. එය ගින්නෙන් විනාශ වන්නේ ය.
5
6අෂ්දොද්හි අවජාතක සෙනඟක් වාසය කරන්නෝ ය. මම පිලිස්තිවරුන්ගේ ඔද බිඳදමන්නෙමි.
7ඔව්හු ලේ සහිත මාංස වත්, තහනම් කරන ලද කෑම වත් තවත් අනුභව නොකරන්නෝ ය. ඔව්හු ද ඉතිරි ව සිටින සියලු දෙනා සමඟ දෙවියන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය; ඔව්හු ජුදාහි ගෝත්‍රයක් මෙන් වන්නෝ ය; එක්‍රොන්වරු ද ජෙබුසියයන් මෙන් වන්නෝ ය.
8එවිට මම මාගේ දේශය ආරක්ෂා කොට ඒ මැදින් යුද්ධ හමුදාවලට යන්න ඉඩ නොදෙන්නෙමි. ඔවුන්ට පීඩා කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්නෙමි. මාගේ සෙනඟගේ දුක මම දිටිමි.”
9
10
11
12පිටුවහල් වී සිටින්නෙනි, දැන් නුඹලාට බලාපොරොත්තු තිබෙන නිසා, නුඹලාගේ ආරක්ෂා ස්ථානයට පැමිණෙන්න. නුඹලා විඳි දුක්වලට වන්දි වශයෙන් නුඹලාට දෙගුණයක් ආශීර්වාද මා දෙන බව ප්‍රකාශ කරමි.
13මම ජුදා රට දුන්නක් මෙන් ද එප්‍රායිම් ඊතල මෙන් ද සූදානම් කරගෙන සිටිමි. ග්‍රිසියේ ජනයාට විරුද්ධ ව සටන් කරන පිණිස මම සියොන්හි ජනයා රණශූරයකුගේ කඩුවක් මෙන් යොදාගන්නෙමි.
14“එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙන සේක. උන් වහන්සේගේ ඊතලය විදුලිය මෙන් විහිදෙන්නේ ය. දෙවි ස්වාමීන් වහන්සේ සිය හොරණෑව පිඹ දකුණු දිශාවේ සුළිසුළං සමඟ ඉදිරියට වඩින සේක.
15සියලු බලැති සමිඳාණන් වහන්සේ සිය සෙනඟ ආරක්ෂා කොට, ඔවුන්ගේ සතුරන් ගල් පටියේ ගල් මෙන් පාගා දමන සේක. ඔව්හු මිදියුස මෙන් ලේ බොන්නෝ ය. සතුරන් මරාදමන්නෝ ය. ඔවුන්ගේ ලේ පූජාසනයේ කොන්වල නෙරා ගිය අං පෙඟී තිබෙන පරිදි ද භාජනයකින් ලේ උතුරා යන පරිදි ද ඔව්හු ලේවලින් වෙරිමත් වී සිටින්නෝ ය.
16ඒ දවස පැමිණි විට, එඬේරෙකු සිය රැළ ආරක්ෂා කරන ලෙස උන් වහන්සේ තමන්ගේ සෙනඟ ආරක්ෂා කරන සේක. ඔටුන්නක ඇති මැණික් මෙන් උන් වහන්සේගේ දේශයේ ඔව්හු බබළන්නෝ ය.
17එසේ ය, එය කොපමණ සාරවත්, අලංකාරවත් දේශයක් වන්නේ ද! ධාන්‍යයෙන් එහි වෙසෙන තරුණයෝ ද මිදියුසෙන් එහි වෙසෙන තරුණියෝ ද ශක්ති සම්පන්න වන්නෝ ය.”