1එම අවුරුද්දේ ම හත් වන මාසයේ විසිඑක් වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් කතා කළ සේක.
2ජුදාහි ආණ්ඩුකාර වූ ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්ටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක වූ ජෝෂුවාටත් සෙනඟ අතර ඉතිරි වූ සියල්ලන්ටත් මෙසේ කියන්නට උන් වහන්සේ හග්ගයිට නියම කළ සේක:
3
4එහෙත්, සෙරුබ්බාබෙල් ධෛර්යවත් වන්න. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. අහෝ! උත්තම පූජක ජෝෂුවා, ජෙහෝශාදාක්ගේ පුත්‍රය, ධෛර්යවත් වන්න. දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වන්න. වැඩ පටන් ගන්න; මම නුඹලා සමඟ සිටිමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
5
6
8සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක. මම දේව මාලිගාව තේජසින් පුරවන්නෙමි. රිදී මාගේ ය; රන් ද මාගේ ය.
9අලුත් දේව මාලිගාවේ තේජාලංකාරය පැරණි දේව මාලිගාවේ අලංකාරය ඉක්මවා යන්නේ ය. එහි මාගේ සෙනඟට සෞභාග්‍යයත්, ශාන්තියත් දෙන්නෙමි. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මම ය.”
10දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ නව වන මාසයේ විසිහතර වන දා සමිඳාණන් වහන්සේ නැවතත් දිවැසිවර හග්ගයිට කතා කළ සේක.
11සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මේ ප්‍රශ්නය ගැන පූජකයන්ගෙන් තීරණයක් ඉල්ලන්න.
12යමෙකු තමාගේ වස්ත්‍ර කෙළවරේ කැප කරන ලද මාංසය ගෙන යන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ පිදූ හොදිවල හෝ මිදියුසවල හෝ තෙල්වල හෝ වෙනයම් කෑමක හෝ ගෑවුණොත් ඒවා ඒ හේතුවෙන් කැප කළ ආහාර වන්නේ ද?” ඒ ප්‍රශ්නය ඇසූ විට පූජකයෝ, “නැතැ”යි පිළිතුරු දුන්හ.
13
14එවිට හග්ගයි මෙසේ කී ය: “මේ දේ මේ සෙනඟටත්, මේ රටවැසි සියලු දෙනාටත්, ඔවුන් නිපදවන සියලු දේටත් අදාළ වන්නේ ය. ඔවුන් ඔප්පු කරන සෑම දේ ම අපවිත්‍ර වන්නේ ය යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
15“නුඹලාට මෙදින සිට ඉදිරි කාලයේ සිදු වන දේ ගැන මෙනෙහි කරන්න. මාලිගාවේ ගලක් පිට ගලක් තබන්න පෙර නුඹලාගේ තත්ත්වය මේ ය.
16කිලෝග්‍රෑම් දෙසියයක් ලබන අදහසින් ධාන්‍ය ගොඩක් වෙත ගිය නමුත් නුඹලාට ලැබුණේ කිලෝග්‍රෑම් සියයක් පමණ ය. මිදියුස ලීටර් දෙසියයක් තටාකයකින් ඇදගන්න පිණිස ගිය විට ලැබුණේ සියයක් පමණ ය.
17නුඹලා වගා කරන්න උත්සාහ කළ සියලු දේ විනාශ වන පිණිස මම ගොයම් රෝගය ද කොළ වියළීම ද ගල් වර්ෂාව ද එවීමි. එහෙත්, නුඹලා මා වෙත හැරුණේ නැතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
18නව වන මාසයේ විසිහතර වන දා වන, දේව මාලිගාවේ අත්තිවාරම් දැමූ මේ දවසේ දී නුඹලාට සිදු වී ඇති දේ ගැන හොඳට කල්පනා කර බලන්න.
19අටුවල ධාන්‍ය ඉතිරි වී ඇද් ද? එසේ ම මිදි වැල්වලත් අත්තික්කා ගස්වලත් දෙළුම් ගස්වලත්, ඔලීව ගස්වලත් පල හටගෙන ඇද් ද? නැත. අද පටන් මම නුඹලාට ආශීර්වාද කරන්නෙමි.”
20එම දවසේ දී ම එනම්, එම මාසයේ විසිහතර වන දා සමිඳාණන් වහන්සේ හග්ගයිට දෙ වන වරට පණිවුඩයක් දෙමින් මෙසේ වදාළ සේක:
21“ජුදාහි ආණ්ඩුකාරයා වන සෙරුබ්බාබෙල්ට මෙසේ කියන්න, ‘මම අහසත් පොළොවත් සොලවන්න යන්නෙමි.
22රාජ්‍යයන්ගේ සිහසුන් පෙරළාදමා, ජාතීන්ගේ ආණ්ඩු බලය නැති කරන්නෙමි. මම රථ සහ ඒවායේ නැඟී යන්නන් පෙරළා දමන්නෙමි, අශ්වයන් මරන්නෙමි. උන් පිට යන්නෝ එකිනෙකා තම තමා කඩුවෙන් මරාගනිති.’
23සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. එම දවසේ දී මාගේ සේවක ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්, මම නුඹ මාගේ පේරැස් මුද්ද මෙන් කරන්නෙමි. මා තෝරාගත් තැනැත්තා නුඹ ය. මෙසේ වදාරන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.”