1එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබිය දී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේ දෝ කියා අපි බියක් ඇති කර ගනිමු.
2මන්ද, ඔවුන්ට මෙන් අපටත් සුබ අස්න දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින්, ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නො වී ය.
3
4
5
6එබැවින් සමහරුන් ඊට ඇතුළු විය යුතු බැවින් ද, ඒ සුබ අස්න පළමුකොට ඇසූ අය, අකීකරුකම නිසා ඇතුළු නො වූ බැවින් ද,
7
8
9එබැවින් දෙවියන් වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතිරි ව ඇත.
10
11එබැවින් අපි ඔවුන් මෙන් අකීකරු වී නොවැටෙන පිණිස ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට උත්සාහ කරමු.
12දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.
13උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.
14එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු.
15මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි.
16එබැවින් අපේ අවශ්‍යතාවන්හි දී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැති ව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු.