1ඉශ්රායෙල් සෙනඟ බොහෝ පල දරන සරු මිදි වැලක් මෙන් වූ හ. ඔවුන්ගේ පල වැඩි වන්න වැඩි වන්න ඔව්හු වැඩි වැඩියෙන් පූජාසන සාදාගත්හ. ඔවුන්ගේ දේශය වර්ධනය වූ පමණට ඔව්හු පූජනීය රූපස්ථම්භ වැඩි කරගත්හ.
2ඔවුන්ගේ සිත් භේද භින්න වී ඇත. ඔවුන් තමන්ගේ පාපයට දඬුවම් විඳිය යුතු ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පූජාසන කඩාදමා ඔවුන්ගේ පූජනීය රූපස්ථම්භ විනාශ කරනු ඇත.
3මේ සෙනඟ නොබෝ කලකින් මෙසේ කියනු ඇත: “අප දෙවියන් වහන්සේට ගරුබිය නොදැක්වූ බැවින් අපට රජ කෙනෙක් නැත. එහෙත්, රජ කෙනෙකුගෙන් අපට වැඩක් ඇද් ද?
4ඔවුන් හිස් වචන පවසනු ඇත; බොරු පොරොන්දුවලින් ගිවිසුම් කරනු ඇත. එබැවින් නඩුහබ කෙතේ ඕවිටිවල විෂ පැළෑටි මෙන් පැතිර යයි.
5“සමාරිය වැසියෝ බෙත්-ආවෙන්‍හි වහු පිළිමය නිසා වෙවුලමින් සිටිති. ඔව්හු දුක් වන්නෝ ය. ඔවුන්ගේ කපුවෝ ද රන් වහු පිළිමයේ අලංකාරය පහකරනු ලැබූ නිසා හඬා වැලපෙති.
6එය අසිරියාවට, එහි මහා රජුට, පඬුරක් වශයෙන් ගෙනයනු ලබන්නේ ය. එප්‍රායිම් ලජ්ජාවට පත් වනු ඇත. ඉශ්රායෙල් සෙනඟ පිළිගත් අවවාද නිසා ඔව්හු ලජ්ජා වන්නෝ ය.
7සමාරියේ රජ වතුරට ගසාගෙන යන ලී පතුරක් සේ පහ වී යන්නේ ය.
8
9
10මේ පාපිෂ්ට සෙනඟට දඬුවම් දෙන පිණිස මම පහර දෙමි. ජාතීන් ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් දෙවැදෑරුම් පාප නිසා ඔවුන්ට දඬුවම් කරනු ඇත.”
11“එප්‍රායිම් වනාහි, ගොයම් පෑගීමට කැමැති මනා සේ පුහුණු කරන ලද එළ නෑම්බියකි. ඇගේ ශෝභන කර පිට වියගහක් දමා ඇත. එහෙත්, හාන්නට එප්‍රායිම් යොදා ගැන්මට මම තීරණය කරගතිමි. ඇගේ නගුල ජුදා විසින් ද ඇගේ දැති පෝරුව ජාකොබ් විසින් ද අදිනු ලබන්නට මම සැලැස්සුවෙමි.
12
13එහෙත්, නුඹලා දුෂ්ටකම හෑවහු ය; අයුතුකම කපාගත්තහු ය; මුසාවාදයේ ප්‍රතිඵල අනුභව කළහු ය. එසේ වූයේ නුඹලා තමන්ගේ ම යුද්ධ රථ කෙරෙහි ද නුඹලාගේ විශාල භට සංබ්‍යාව කෙරෙහි ද විශ්වාසය තැබූ බැවිනි.
14එබැවින් නුඹලාගේ සෙනඟ පිට යුද්ධය පැමිණෙන්නේ ය; නුඹලාගේ සියලු බලකොටු විනාශ වන්නේ ය. ඒ දවස ෂල්මාන් රජු විසින් යුද්ධයේ දී බෙත්-අර්බේල් නගරය විනාශ කරනු ලැබූ, මවුවරුන් ද දරුවන් ද දරුණු ලෙස මරනු ලබන දවසට සමාන වන්නේ ය.
15ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා කර ඇති බලවත් නපුරුකම් නිසා නුඹලාටත් වන්නේ මේ විපත ම ය. යුද ගිනි ඇවිලෙන විට ඉශ්රායෙල් සහමුලින් ම වනසා දමනු ලබනවා ඇත.”