1
2සියල්ලෝ ම වලාකුළක ද රතු මුහුදෙහි ද මෝසෙස් සමඟ සහභාගිකමට බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.
3
4
5
6
7
8
9
10
11මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිස ය. ඒවා ලියන ලද්දේ යුගාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි.
12තමා ස්ථීර ව සිටින්නේ යයි සිතන්නා නොවැටෙන ලෙස පරෙස්සම් වන්න.
13පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.
14එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, රූප නමස්කාරය වෙතින් පලා යන්න.
15සිහි නුවණ ඇත්තන්ට මෙන් මම ඔබට කතා කරමි. මා කියන දේ ඔබ ම විනිශ්චය කරන්න.
16
17රොටිය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වුව ද, එකම ශරීරයක් වෙමු. මන්ද, අප එක රොටියක් බෙදාගන්නා බැවිනි.
18
19එයින් මා අදහස් කරන්නේ කුමක් ද? දේවතා පිදේනිවල හෝ දේවතාවන්ගේ හෝ යම් වටිනාකමක් ඇතැයි කියා ද?
20
21ඔබට සමිඳාණන් වහන්සේගේ කුසලානෙන් ද දුෂ්ටාත්මයන්ගේ කුසලානෙන් ද පානය කළ නොහැක. සමිඳාණන් වහන්සේගේ මේසයට ද දුෂ්ටාත්මයන්ගේ මේසයට ද ඔබට සහභාගි විය නොහැක.
22
23
24කිසිවෙකු තමාගේ ම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතු ය.
25වෙළෙඳ පොළේ විකුණන හැම කෑමක් ම, හෘදය සාක්ෂියෙන් නැඟෙන ප්‍රශ්න නොවිමසා වළඳන්න.
26
27නොඅදහන්නන්ගෙන් යමෙකු ඔබට ආරාධනා කළොත්, ඔබ යන්නට කැමැති නම්, එහි ගොස්, ඔබ ඉදිරියෙහි තබා ඇති කොයි දෙයක් වුවත්, හෘදය සාක්ෂියෙන් නැඟෙන ප්‍රශ්න නොවිමසා වළඳන්න.
28එහෙත් “මෙය දේවතා පිදේනියකැ”යි යමෙකු ඔබට කීවොත්, එසේ දැන්වූ තැනැත්තා නිසාත්, හෘදය සාක්ෂිය නිසාත්, ඒ ආහාර නොවළඳන්න.
29හෘදය සාක්ෂිය නිසා යයි මා කියන්නේ ඔබගේ නොව අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැන ය. කෑම පිළිබඳ මට ඇති නිදහස, අන් කෙනෙකුගේ හෘදය සාක්ෂිය මත රඳා පවතින්න ඇති උවමනාව කුමක් ද?
30මම ස්තුති දී වළඳන්නෙම් නම් එසේ ස්තුති දී වළඳන දේ ගැන මට දොස් තබන්නේ මන් ද?
31එහෙයින් ඔබ කෑවත් බීවත්, වෙන දෙයක් කළත්, සියල්ල දේව ගෞරවය පිණිස කරන්න.
32ජුදෙව්වරුන්ට වත්, ග්‍රීකයන්ට වත්, දෙවියන් වහන්සේගේ සභාවට වත් බාධාවට හේතුවක් නොවන්න.
33මම නම් මාගේ ම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙකුගේ ගැළවීම පිණිස, ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියල්ලෙහි දී සියල්ලන් සතුටු කරමි.