1ඔබගේ සහෝදරයා සමඟ ආරාවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සෙනඟ ඉදිරියට නොගොස්, කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්නට භය නැද් ද?
2කිතුනු සෙනඟ ලෝකයා විනිශ්චය කරන බව ඔබ නොදන්නහු ද? ලෝකයා විනිශ්චය කරන්නේ ඔබ නම්, සුළු ආරාවුලක් විසඳීමට ඔබ අපොහොසත් ද?
3අප, දේව දූතයන් පවා විනිශ්චය කරන්නට යන බව ඔබ නොදන්නහු ද? එසේ නම් එදිනෙදා ජීවිතයට අයත් දේ විනිශ්චය කිරීම අපට කළ නොහැකි ද?
4එබඳු කාරණා මතු වූ විට, ඒවා විසඳීම සඳහා, සභාව කිසි සේත් ගණන් නොගන්නා අය වෙත ඔබ යන්නහු ද?
5මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද?
6සහෝදරයෙකු තවත් සහෝදරයෙකුට විරුද්ධ ව, නඩු කියාගැනීමට විශේෂයෙන් මිසදිටුවන් ඉදිරියට නඩු කියාගැනීමට යෑම සුදුසු ද?
7මෙසේ ඔබ එකිනෙකා සමඟ නඩු කියාගැනීම, දැනට ම ඔබට පරාජයකි. අයුක්තිය ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? අලාභයක් ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද?
8ඒ වෙනුවට ඔබ කරන්නේ අයුක්තියත් අලාභයත් ය. ඒකත් කරන්නේ සහෝදරයන්ට ම ය.
9අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්,
10සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය.
11තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූ හ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද ඔබ සෝදනු ලැබුවහු ය; ශුද්ධ කරනු ලැබුවහු ය; දමිටු කරනු ලැබුවහු ය.
12
13“ආහාර උදරය සඳහා ය, උදරය ආහාර සඳහා ය”යි කීවත් දෙවියන් වහන්සේ ඒ දෙක ම නැති කරන සේක. තවද ශරීරය අනාචාරය පිණිස නොවේ. එය සමිඳාණන් වහන්සේ උදෙසා ය.
14දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ සේක. ස්වකීය බලයෙන් අපත් උන් වහන්සේ එසේ උත්ථාන කරන සේක.
15ඔබගේ ශරීර ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් බව නොදන්නහු ද? එසේ නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් පැහැර ගෙන ඒවා ගණිකාවකගේ අවයවයන් කරම් ද?
16
17එහෙත් ස්වාමීන් වහන්සේට සම්බන්ධ වන තැනැත්තේ උන් වහන්සේ සමඟ ඒකාත්මයක් වන්නේ ය.
18අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක් ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැර ය. එහෙත් අනාචාරය කරන්නා තමාගේ ම ශරීරයට විරුද්ධ ව පව් කරයි.
19
20ඔබ මිලයකට ගත් අය වන්නහු ය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න.