1අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද, අපේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය.
2
3මා මසිදෝනියට යන විට ඔබට අවවාද කළ පරිදි ඔබ එපීසයේ නැවතී සිටින්න. මා එසේ කියන්නේ වැරදි ධර්ම ඉගැන්වීමෙන් ද,
4ඇදහිල්ලෙන් ප්‍රකාශිත වූ දෙවියන් වහන්සේගේ සැලැස්ම සපුරාලනු වෙනුවට විවාද උපදවන, ඉමක් නැති මිථ්‍යා හා පෙළපත් කතා සැලකීමෙන් ද වළකින ලෙස, සමහරුන්ට ඔබ අවවාද දෙන පිණිස ය.
5මේ අවවාදයේ අදහස නම්, පිරිසිදු සිතකින් ද, යහපත් හෘදය සාක්ෂියෙන් ද, අවංක ඇදහිල්ලෙන් ද නික්මෙන ප්‍රේමය වර්ධනය කිරීම යි.
6සමහරු මේවායින් බැහැර ව නිරර්ථක විවාදවල නියැලී ඇත.
7ඔවුන් විනයාචාරීන් වෙන්නට කැමැති වුවත්, තමන් කියන දේ ගැන වත්, උගන්වන කරුණු ගැන වත් ඔවුන්ට අවබෝධයක් නැත.
8යමෙක් ව්‍යවස්ථාව නියම ලෙස භාවිත කරන්නේ නම්, ව්‍යවස්ථාව යහපත් බව අපි දනිමු.
9ව්‍යවස්ථාව පනවා ඇත්තේ දමිටුවන් උදෙසා නොව, අදමිටුවන් හා දාමරිකයන් ද, අභක්තිකයන් හා පව්කාරයන් ද, අපිරිසිදුවූවන් හා ශුද්ධ දේ කෙලෙසන්නන් ද, පීතෘ ඝාතකයන් හා මාතෘ ඝාතකයන් ද, මිනීමරුවන් ද,
10වේශ්‍යාකම් කරන්නන් ද, පුරුෂයන් සමඟ අනාචාරයෙහි හැසිරෙන්නන් ද, මිනිසුන් පැහැරගෙන යන්නන් ද, බොරුකාරයන් ද, බොරුවට දිවුරන්නන් ද,
11මට භාර දෙන ලද ආශීර්වාදලත් දෙවියන් වහන්සේගේ මහිමාන්විත සුබ අස්න ප්‍රකාශ කරන සම්‍යක් ධර්මයට විරුද්ධ වූ අනෙකුත් හැම දේ කරන්නන් ද උදෙසා ය.
12මා ශක්තිමත් කළා වූ ද, උන් වහන්සේගේ සේවය සඳහා පත් කිරීමට තරම් මා ඇදහිලිවන්ත යයි සැලකුවා වූ ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට මම ස්තුති කරමි.
13
14අපේ සමිඳාණන් වහන්සේගේ වරප්‍රසාදය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ අපගේ ඇදහිල්ල ද ප්‍රේමය ද සමඟ අධික ලෙස මට දෙනලද්දේ ය.
15පව්කාරයන් ගළවන්නට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ලෝකයට වැඩිය සේක යන කීම විශ්වාසකටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කියමනකි. ඔවුන් අතරෙන් ප්‍රධාන පව්කාරයා මම ය.
16එසේ වූ නමුත් මට දයාව ලැබුණේ මේ නිසා ම ය. එසේ කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ඉවසීම අසීමිත බව උන් වහන්සේ පැහැදිලි කළ සේක. සදාතන ජීවනය ලබාගැනීම පිණිස උන් වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට ම මා ආදර්ශයක් වෙන්නට උන් වහන්සේ සැලැස් වූ සේක.
17අමරණීය වූ, අදෘශ්‍යමාන වූ, සදාතන රජ වූ එක ම දෙවියන් වහන්සේට ගෞරවයත් මහිමයත් සදහට ම වේ වා! ආමෙන්.
18තිමෝතියස්, මාගේ පුත්‍රය, ඔබ ගැන කලින් කියන ලද දිවැස් වැකි අනුව මේ වගකීම ඔබට භාර දෙමි.
19එනම්, ඒ වාක්‍යයන් ආයුධ කොට ගෙන, ඇදහිල්ල ද නිදොස් හෘදය සාක්ෂියක් ද ඇති ව, ධර්ම යුද්ධය කරන්න. සමහරු මෙයට පිටුපා ගොස්, ඇදහිල්ල නමැති නැව බිඳ ගත්තෝ ය.
20හිමෙනියස් ද අලෙක්සන්දර් ද එබඳු තැනැත්තෝ ය. ඔවුන් දේව අපහාස නොකරන පිණිස පාඩමක් වශයෙන් මම ඔවුන් සාතන් හට බාර දුනිමි.