1
2ඕතොමෝ ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියක් ද මැණික් ගල් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට සැපත් වූවා ය. ඇය සලමොන් වෙත ගොස් තම සිතේ තිබූ සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය.
3සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කී ය. ඈට තෝරා දිය නොහැකි වූ කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත.
4ෂෙබාහි රැජින සලමොන්ගේ මහා ප්‍රඥා මහිමය ද ඔහු ගොඩනැඟුවාවූ මාලිගාව ද
5ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය.
6එවිට ඈ රජුට කතා කොට, “මාගේ දේශයේ දී ඔබේ ක්‍රියා හා ඔබේ ප්‍රඥාව ගැන මා ඇසූ ආරංචි සැබෑ ය.
7එහෙත්, මම අවුත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාස නොකෙළෙමි. සැබැවින් ම අඩක් වත් මට නොකියන ලද්දේ ය. ඔබේ ප්‍රඥා මහිමයත්, සෞභාග්‍යයත් මා ඇසූ කීර්තියේ ප්‍රමාණයටත් වඩා උසස් ව තිබේ.
8ඔබේ
9ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.
10තවද, ඈ රන් කිලෝග්‍රෑම් හාරදහසක් ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය හා සමාන කළ හැකි සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේ ය.
11ඕපීර් දේශයේ සිට රත්රන් ගෙනා හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී මහත් රාශියක් හා මැණික් ගල් ඕපීර් දේශයෙන් ගෙනෙන ලදී.
12රජ ඒ හඳුන් ලීවලින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත්, රජ මාලිගාවටත් ගරාදි වැටවල් සහ ගායකයන්ට වීණා ද කුඩා වීණා ද සෑදවී ය. ඒ ආකාර හඳුන් ලී අද දවස දක්වා තවත් ගෙනාවේ වත්, දකින්න ලැබුණේ වත් නැත.
13සලමොන් රජ ස්වකීය රාජකීය ත්‍යාගිවන්තකමෙන් ෂෙබාහි රැජිනට දුන් දේවල් හැර ඈ හිතූ පැතූ සියල්ලත් ඇයට දුන්නේ ය. ඉක්බිති ඇය සහ ඇගේ සේවක පිරිස සිය රට බලා හැරී ගියෝ ය.
14සලමොන් රජුට අවුරුද්දකට ලැබුණු රන්වල බර කිලෝග්‍රෑම් තුන්දාහකි.
15මෙය ලැබුණේ, බඩු හුවමාරු කරගන්නන්ගෙන් ද වෙළෙඳුන්ගේ වෙළෙඳාමෙන් ද අරාබියේ සියලු රජවරුන්ගෙන් ද දේශයේ ආණ්ඩුකාරයන්ගෙන් ද ලැබුණු රන්වලට අමතරව ය.
16සලමොන් රජ තෙම තැළූ රන් පලිස් දෙසියයක් සෑදී ය. එක එක පලිහ සෑදීමට තැළූ රන් කිලෝග්‍රෑම් හතක් යොදන ලදී.
17ඔහු කුඩා පලිස් තුන්සියයකුත් තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහ සෑදීමට රන් කිලෝග්‍රෑම් තුනක් යොදන ලදී. රජ තෙම ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාවේ ඒවා තැබී ය.
18තවද, රජ ඇත් දත්වලින් මහා සිංහාසනයක් සාදා තනිකර රනින් එය වැසී ය.
19සිංහාසනයට පඩි හයක් තිබිණි. සිංහාසනයේ මුදුනට පිටුපසින් ගව
20පඩි හය පිට දෙපැත්තේ සිටගත් සිංහ රූප දොළොසක් විය. එයාකාර සිංහාසනයක් කිනම් රාජ්‍යයක වත් නොතිබිණි.
21සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවේ සියලු භාජනත් තනි රනින් විය. කිසිවක් රිදීයෙන් නො වී ය. රිදී වනාහි සලමොන් රජුගේ කාලයේ දී අගය කොට නොසලකන ලදී.
22මන්ද, මුහුදු යාත්‍රා කරන හීරාම්ගේ නැව් කණ්ඩායම සමඟ වෙළෙඳ නැව් කණ්ඩායමක් රජුට විය. ඒ වෙළෙඳ නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් හා රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනාවේ ය.
23මෙසේ සලමොන් රජ ධනසම්පතින් හා ප්‍රඥාවෙන් මිහි පිට සියලු රජුන්ට වඩා ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.
24දෙවියන් වහන්සේ සලමොන්ගේ සිතේ නිදන් කළ ඔහුගේ ප්‍රඥාව අසන පිණිස සකල දේශවාසීහු ඔහු වෙත පැමිණියෝ ය.
25ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමන්ගේ තෑගි වන රිදී භාජන, රන් භාජන, වස්ත්‍ර, යුද්ධායුධ, සුවඳ ද්‍රව්‍ය, අශ්වයන් හා කොටළුවන් ගෙනාවෝ ය.
26
27
28
29අශ්ව රථයක් රිදී කාසි හයසියයකටත්, අශ්වයෙකු එකසිය පණහකටත් මිසර දේශයෙන් ගෙනවුත් විකුණන්නට යෙදිණි. රජුගේ වෙළෙන්දෝ හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත්, සිරියාවේ රජුන්ටත් එලෙස ම ගෙනවුත් දුන්නෝ ය.