1නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජුගේ දහඅට වන අවුරුද්දේ දී අබියාම් ජුදා දේශයෙහි රජ වී,
2තුන් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි.
3තමාගේ පියා පෙර කළ සියලු පාප ඔහු කෙළේ ය. ඔහුගේ සිත ද ඔහුගේ පිය වූ දාවිත්ගේ සිත මෙන් තම දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය.
4
5
6
7අබියාම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? අබියාම් සහ ජෙරොබෝවම් අතර යුද්ධ පැවතිණි.
8අබියාම් මරණයට පත් වූ පසු සෙනඟ දාවිත්ගේ නුවර ඔහු භූමදාන කළෝ ය. ඉන්පසු ඔහුගේ පුත් ආසා ඔහු වෙනුවට රජ විය.
9ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ ජෙරොබෝවම්ගේ විසි වන අවුරුද්දේ ආසා ජුදා දේශයෙහි රජ විය.
10මොහු ජෙරුසලමෙහි සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි.
11ආසා තමාගේ පිය වූ දාවිත් කළ ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.
12
13සිය මව වන මයකා අෂේරා කප් කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින්, ඔහු ඈ මව් බිසෝකමෙන් අහක් කර, ඒ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමී ය.
14එහෙත්, කඳු මත පූජාස්ථාන පහ නොකරන ලද්දේ ය. එසේ වී නමුත්, ආසාගේ සිත ඔහුගේ මුළු ජීවිත කාලයේ දී සමිඳාණන් වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් විශ්වාසී ව තිබිණි.
15ඔහු තමාගේ පියා විසින් ද තමා විසින් ද කැප කරන ලද රන් රිදී සහ බඩු බාහිරාදිය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගෙනවුත් එහි තැන්පත් කෙළේ ය.
16ආසා සහ ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා අතර ඔවුන්ගේ මුළු කාලයේ දී යුද්ධ පැවතිණි.
17ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස්, ජුදාහි රජ වූ ආසා වෙතින් පිටත යන්න හෝ ඔහු වෙත ඇතුළට එන්න හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස, රාමා නම් නගරය ශක්තිමත් කෙළේ ය.
18එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
19“මා සහ ඔබ අතරේ ද මාගේ සහ ඔබේ පියා අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී තෑග්ගක් ඔබට එවමි. ඉශ්රායෙල් රජ වන බාෂා මා වෙතින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ කර තිබෙන ඔබේ ගිවිසුම කඩ කළ මැනව”යි කියා හැරී ය.
20එවිට බෙන්-හදද්, ආසා රජුට ඇහුම්කන් දී, තමාගේ සෙන්පතීන් ඉශ්රායෙල්වරුන්ගේ නගරවලට විරුද්ධ ව යවා ඊයොන් ද දාන් සහ ආබෙල්-බෙත්-මයකා ද යන නගරවලටත්, මුළු නප්තලී ප්‍රදේශය ඇතුළු මුළු කින්නරෝත් පළාතටත් පහර දුන්නේ ය.
21බාෂා ඒ අසා රාමා නගරය ශක්තිමත් කිරීම නවත්වා, තිර්ශාහි වාසය කෙළේ ය.
22එවිට ආසා රජ කිසිවෙකු අත්නෑර සියලු ජුදාවරුන් කැඳවා, රාමා ශක්තිමත් කිරීමට බාෂා විසින් ගන්නා ලද ගල් හා ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, ඒවායින් බෙන්‍ජමින්ගේ දේශයෙහි ගෙබා හා මිශ්පා යන නගර ශක්තිමත් කෙළේ ය.
23ආසා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහුගේ සියලු බලවන්තකම් ද ඔහු කළ සියල්ල ද ඔහු ගොඩනැඟුවාවූ නගර ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? එහෙත්, ඔහුගේ මහලු වයසේ දී, ඔහුගේ පාදවල වූ රෝගයකින් ඔහු දුක් වින්දේ ය.
24ආසා මරණයට පත් වූ පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ භූමදාන කරනු ලැබී ය. ඔහුගේ පුත්‍ර වූ ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ විය.
25ජෙරොබෝවම්ගේ පුත් නාදාබ් ජුදාහි රජ වූ ආසාගේ දෙ වන අවුරුද්දේ දී ඉශ්රායෙල් දේශයෙහි රජ වී දෑවුරුද්දක් රජකම් කෙළේ ය.
26ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කොට, තම පියාගේ අඩි පාරේ ගමන් කරමින්, තම පියා ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප ද කෙළේ ය.
27තවද, ඉස්සාකර් වංශයේ අහියාගේ පුත් බාෂා, නාදාබ්ට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, නාදාබ් සහ සියලු ඉශ්රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා සිටි අතර එහි දී ඔහුට පහර දුන්නේ ය.
28ජුදාහි රජ වූ ආසාගේ තුන් වන අවුරුද්දේ දී බාෂා තෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජ විය.
29
30එසේ වුණේ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ උදහස් කරන ලෙස, ජෙරොබෝවම් විසින් කළා වූ ද, ඔහු ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සුවා වූ ද පව් නිසා, සමිඳාණන් වහන්සේ ස්වකීය දාසයා වූ ෂිලෝහි අහියා ලවා කියෙවූ උන් වහන්සේගේ පණිවුඩය හැටියට ය.
31නාදාබ් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
32ආසා සහ ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා අතර ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ම යුද්ධ පැවතිණි.
33ජුදාහි ආසාගේ තුන් වන අවුරුද්දේ දී අහියාගේ පුත්‍ර වූ බාෂා තිර්ශාහි සියලු ඉශ්රායෙල්වරුන්ගේ රජ වී විසිහතර අවුරුද්දක් රජකම් කෙළේ ය.
34ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කර ජෙරොබෝවම්ගේ අඩි පාරේ යමින් ඉශ්රායෙල්වරුන් පව් කරන්න සැලැස්සූ පාපය ද කෙළේ ය.