1
2සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ඔහු වෙත පැමිණ,
3“මෙතැනින් පිටත් ව, පෙරදිගට ගොස් ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න.
4ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන. එහි දී නුඹට කෑම දෙන්නට කපුටුවන්ට මම අණ කෙළෙමි”යි කීවේ ය.
5ඔහු ගොස් සමිඳාණන් වහන්සේ වදාළ ලෙස කෙළේ ය. ඔහු ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කෙළේ ය.
6කපුටුවෝ උදය කාලයේ රොටි සහ මස් ද සවස් කාලයේ රොටි සහ මස් ද ගෙනාවෝ ය.
7ඔහු ද ඔයෙන් වතුර බීවේ ය. එහෙත්, දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය සිඳී ගියේ ය.
8එවිට සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ඔහු වෙත පැමිණ,
9
10එහෙයින් ඔහු පිටත් ව ශාරෙපත් නගරයට ගොස් වාසල් දොරටුවට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියක එහි දර අහුලනු දැක, ඈට අඬගසා, “කරුණාකර, මට බොන්න භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ”යි කීවේ ය.
11ඇය එය ගෙනෙන්නට යන අතර ඔහු ඈට අඬගසා, “කරුණාකර, ඔබේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනන්නැ”යි කීවේ ය.
12එවිට ඈ කතා කොට, “බඳුනක පිටි මිටකුත්, කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටි නැත. ඒවා සාදාගන්නට දර කෑලි දෙකක් අහුලමි. මටත්, මාගේ පුත්‍රයාටත් තිබෙන ඒ අන්තිම කෑම වේල අනුභව කළ පසු නහින්නෙමු යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවා ය.
13එලියා ඈට කතා කොට, “බිය නොවන්න, ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත්, පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා මා ළඟට ගෙනෙන්න; පසු ව ඔබටත්, ඔබේ පුත්‍රයාටත් සාදාගන්න.
14මන්ද, දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
15ඈ ගොස් එලියා කී හැටියට කළා ය. එසේ ඈ ද ඔහු ද ඇගේ ගෙයි වැසියෝ ද බොහෝ දවස් ඒවා අනුභව කළෝ ය.
16සමිඳාණන් වහන්සේ එලියා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ප්‍රකාර පිටි බඳුන හිස් නො වී ය; තෙල් කුලාව අඩු නො වී ය.
17ඉක්බිති ගෙදර ස්වාමි දූ වූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය. ඔහුගේ රෝගය කොපමණ බලවත් වී ද යත්, ඔහුගේ හුස්මගැනීම නතර විය.
18එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.
19ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබේ පුත්‍රයා මට දෙන්නැ”යි ඈට කියා ඇගේ තුරුල්ලෙන් ඔහු රැගෙන, තමා විසූ උඩු මහලට ගෙන ගොස් තමාගේ ම ඇඳෙහි ඔහු තැබුවේ ය.
20තවද, ඔහු සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, “මාගේ දෙවි සමිඳාණන් වහන්සේ, මට නවාතැන් දුන් වැන්දඹුවගේ පුතා නැසීමෙන් ඔබ ඇයට විපත් පැමිණවූ සේක් ද” කියා,
21
22සමිඳාණන් වහන්සේ එලියාගේ හඬට සවන් දුන් සේක. ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණ ඔහු ජීවත් වුණේ ය.
23එලියා ළමයා රැගෙන උඩු මහලින් ගෙට ගෙනවුත් ඔහුගේ මවට දී, “මෙන්න, ඔබේ පුතා ජීවත් ව සිටී”යයි කීවේ ය.
24ස්ත්‍රිය ද කතා කරමින්, “ඔබ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු බව ද, ඔබේ මුඛයෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සැබෑ බව ද දනිමි”යි එලියාට කීවා ය.