1දාවිත් රජතුමා නසින කාලය ආසන්න විය. ඔහු ස්වකීය පුත් සලමොන්ට මෙසේ අණ කෙළේ ය.
2“කොයිකාටත් පොදු අන්තිම ගමන මම යමි. එබැවින් ඔබ ශක්තිමත් වී, වීරයෙකු මෙන් ක්‍රියා කරන්න.
3ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පණත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න.
4ඔබ එසේ කළොත්, සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි, ‘ඔබේ දරුදැරියෝ තම තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මා ඉදිරියෙහි සත්‍යවාදී ව හැසිරෙන ලෙස තමන්ගේ ජීවන මාර්ගය ගැන බලාගන්නෝ නම්, ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය අරා හිඳීමට ඔබට කෙනෙක් නැති ව නොයන්නේ ය.’
5
6එබැවින් ඔබ ස්ථානෝචිත ප්‍රඥාව ඇතිව ක්‍රියා කරමින් ඔහුට මහලු වයසේ දී සැනසිල්ලෙන් මැරෙන්න ඉඩ නොදෙන්න.
7
8
9එහෙත්, ඔහුට දඬුවම් නොකර නාරින්න; ඔබ පැණවත් මිනිසෙකු බැවින් ඔහුට කළ යුතු දේ කුමක් දැ යි ඔබ දන්නෙහි ය. ඔහුගේ මහලු වයසේ දී ලේ වගුරුවා මැරෙන්න සලස්වන්න.”
10මෙසේ කී පසු දාවිත් රජ මියගියේ ය. ඔහුගේ නගරයේ ඔහු භූමදාන කරන ලදී.
11
12
13එකල හග්ගිත්ගේ පුත් අදොනියා සලමොන්ගේ මව වන බැත්-ෂෙබා ළඟට ආයේ ය. “ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඈ ඇසූ විට, ඔහු “සාමදානයෙන් ය”යි උත්තර දුන්නේ ය.
14තවද ඔහු, “ඔබට කාරණයක් කියන්න මට තිබේ ය”යි කී විට, ඈ ද, “කියන්නැ”යි කීවා ය.
15එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි.
16ඉතින් මම එක දෙයක් ඔබෙන් ඉල්ලමි. එය ප්‍රතික්ෂේප නොකරන්නැ”යි කීවේ ය. ඈ ද, “එය කියන්නැ”යි ඔහුට කීවා ය.
17
18බැත්-ෂෙබා ද, “හොඳයි, ඔබ උදෙසා මම ඔහුට කතා කරන්නෙමි”යි උත්තර දුන්නා ය.
19එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සලමොන් රජුට කතා කරන්නට ඔහු ළඟට ගිය විට, රජ තෙම ද ඈ හමු වීමට නැඟිට, ඈට ආචාර කර තම සිංහාසනය අරා හිඳගත්තේ ය. රජුගේ මවටත් ආසනයක් තබන්නට සැලැස්සුවේ ය. ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තා ය.
20එවිට ඈ, “මම එක සුළු ඉල්ලීමක් ඔබෙන් ඉල්ලමි. එය නොදී නොසිටිය මැනව”යි කී විට, රජ ද, “මාගේ මෑණියනි, ඉල්ලන්න. මම එය ඔබට නොදී සිටින්නේ නැතැ”යි ඈට කීවේ ය.
21එවිට ඈ, “ෂුනම්මීය අබිෂග් ඔබේ සහෝදරයා වන අදොනියාට බිරිඳ කොට දෙනු ලැබේ වා!”යි කීවා ය.
22සලමොන් උත්තර දෙමින්, “ඔබ අදොනියා උදෙසා ෂුනම්මීය අබිෂග් නම් කාන්තාව ඉල්ලන්නේ මන් ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලන්න. මන්ද, ඔහු මාගේ වැඩිමහල් සහෝදරයා ය. පූජක අබියාතර් සහ ශෙරුයාගේ පුත් ජෝවාබ් ද ඔහුගේ පැත්ත ගෙන තිබෙන්නේ ය”යි තම මවට කීවේ ය.
23එවිට සලමොන් රජ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමින්, “අදොනියා පැවසූ මේ වචන නිසා ඔහු මරණ පත් නොවන්නේ නම්, දෙවියන් වහන්සේ මට දැඩි ලෙස දඬුවම් දෙන සේක් වා!
24මා රජකමෙහි පිහිටෙවු, මාගේ පියා වන දාවිත්ගේ සිංහාසනය අරා මා අසුන් ගැන්වූ, තමන් වහන්සේ පොරොන්දු වූ ලෙස මට වංශයක් උපදවා දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අදොනියා අද දවසෙහි මරනු ලබනු ඇත කියා දිවුරමි”යි කීවේ ය.
25මෙසේ කියා සලමොන් රජ ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවී ය. ඔහු අදොනියාට පහර දී මැරුවේ ය.
26
27
28ඒ ආරංචිය ජෝවාබ්ට සැළ විය. මන්ද, ජෝවාබ් අබ්සලොම් අනුව නොගිය නමුත්, අදොනියා අනුව ගිය බැවින්, ඔහු සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට පලා ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය.
29ජෝවාබ් සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට පලා ගිය බව ද ඔහු පූජාසනය ළඟ සිටින්නේ ය කියා ද සලමොන් රජුට දන්වන ලදී. ඔහු ද ජෝවාබ් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ කුමක් නිසා පූජාසනයට පලා ගියේ දැ”යි ඇසූ විට, “මම ඔබට බියෙන් සමිඳාණන් වහන්සේ වෙත පලා ගියෙමි”යි ජෝවාබ් උත්තර දුන්නේ ය. එවිට රජ තෙම, “ඔබ ගොස් ඔහු මරන්නැ”යි ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවී ය.
30බෙනායා සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට ඇතුළු වී, “පිටතට එන්න කියා රජ තෙම කියන්නේ ය”යි ඔහුට කී ය. “මම නො එමි, මම මෙතැන ම නසින්නෙමි”යි ඔහු කී විට, බෙනායා ගොස්, ජෝවාබ් එලෙස පිළිතුරු දුන්නේ යයි රජුට කීවේ ය.
31එවිට රජ බෙනායාට කතා කොට, “ඔහු කී ලෙස ඔහුට පහර දී මරා භූමදාන කරන්න. එසේ කිරීමෙන් ජෝවාබ් නිකරුණේ වගුළ ලේ මා කෙරෙන් ද මාගේ පියාගේ වංශයෙන් ද ඔබ පහකරනු ඇත.
32ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත.
33ඔවුන්ගේ ලේ ජෝවාබ්ගේ හිස පිට ද ඔහුගේ පෙළපතේ අයගේ හිස් පිට ද සදහට ම ආපසු පැමිණෙන්නේ ය. එහෙත්, දාවිත් රජ හට ද ඔහුගේ පෙළපතට ද ඔහුගේ රාජ වංශයට ද සිංහාසනයට ද සමිඳාණන් වහන්සේගෙන් සදහට ම සාමදානය වන්නේ ය”යි කීවේ ය.
34එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා ගොස් ඔහුට පහර දී, ඔහු මරාදැමූ පසු පාළුකරයෙහි තිබුණු ඔහුගේ ම ගෙයි ඔහු භූමදාන කරනු ලැබී ය.
35ඉන්පසු රජ තෙම ඔහු වෙනුවට සේනාවේ අධිපති කොට ජෙහෝයාදාගේ පුත් බෙනායා ද අබියාතර් වෙනුවට පූජක ශාදොක් ද පත් කෙළේ ය.
36තවද, රජ තෙම ෂිමෙයිට පණිවුඩයක් යවා ඔහු කැඳවා, “ඔබ ජෙරුසලමෙහි ගෙයක් සාදාගෙන එහි වාසය කරන්න. එතැනින් කොතැනට වත් නොයන්න.
37ඔබ පිටතට ගොස් කිද්‍රොන් ඔයෙන් එතෙර වන දවසේ දී ඔබ නසිනවා ම ඇතැ යි දැනගන්න. ඇරත්, ඔබේ මරණය සම්බන්ධ ව ඔබ ම වැරදිකරු වනු ඇතැ”යි ඔහුට කීවේ ය.
38ෂිමෙයි ද, “ඒ කීම යහපත, මා ස්වාමීන් වන රජතුමා කී ලෙස ම ඔබේ මෙහෙකරුවා කම කරන්නේ ය”යි රජුට කීවේ ය. එසේ ෂිමෙයි ජෙරුසලමෙහි බොහෝ කාලයක් විසුවේ ය.
39එහෙත්, තුන් අවුරුද්දකට පසු ෂිමෙයිගේ වහල්ලු දෙදෙනෙක් ගාත් නම් ස්ථානයෙහි රජු වන මයකාගේ පුත් ආකීෂ් වෙත පලා ගියෝ ය. එවිට, “ඔබේ වහල්ලු ගාත්හි සිටිති”යි ෂිමෙයිට දන්වන ලදී.
40ෂිමෙයි නැඟිට තම කොටළුවාට සෑදලය යොදා තම වහලුන් සොයන්නට ගාත්හි ආකීෂ් වෙත ගියේ ය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිටි තම වහලුන් ගෙනාවේ ය.
41ෂිමෙයි ජෙරුසලමෙන් ගාත් නුවරට ගොස් ආපසු ආ බව සලමොන් රජු හට දන්වන ලදී.
42එවිට ඔහු ෂිමෙයි වෙත පණිවුඩයක් යවා ඔහු කැඳවා, ඔහුට කතා කොට, “ ‘ඔබ කොහේ නමුත් පිටතට ගිය දවසේ දී නසිනවා ම ඇතැ යි දැනගන්න’ කියා, මා ඔබට සහතික කොට ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේ ද? ඔබ ද, ‘මා ඇසූ කීම යහපතැ’යි මට කීවෙහි ය.
43ඉතින්, ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා කළ දිවුරුමත්, මා ඔබට අණ කළ නියෝගයත් රක්ෂා නොකෙළේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය.
44තවදුරටත් රජ තෙම ෂිමෙයිට කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට කළ සියලු දුෂ්ටකම් ඔබ ඉතා හොඳින් දන්නෙහි ය. එබැවින්, සමිඳාණන් වහන්සේ ඔබේ හිස පිට ඔබේ දුෂ්ටකම ආපසු හරවන සේක.
45එහෙත්, සලමොන් රජ තෙම ආශීර්වාද ලබන්නේ ය. දාවිත් රජුගේ සිංහාසනය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සදහට ම පිහිටුවනු ලබන්නේ ය”යි කීවේ ය.
46මෙසේ රජ තෙම ජෙහෝයාදාගේ පුත් බෙනායාට අණ කළ පසු, ඔහු පිටතට ගොස් ෂිමෙයිට පහර දී මැරුවේ ය. රජකම සලමොන් අත ස්ථීර විය.