1
2
3ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් පැමිණි කල පූජකවරු ගිවිසුම් කරඬුව උසුලාගත්හ.
4තවද, ඔව්හු කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද මණ්ඩපයෙහි තිබුණු සියලු ශුද්ධ බඩු ද ගෙනාවෝ ය. මෙලෙස පූජකවරු සහ ලෙවීවරු ඒවා ගෙනාහ.
5සලමොන් රජ ද ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව ද ගණන් කරන්නට බැරි තරම් විශාල ගණනක් බැටළුවන් සහ ගවයන් පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය.
6පූජකවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන දේව මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නිසි තැන එය තැබූ හ.
7මන්ද, කරඬුව තබන ලද ස්ථානයට උඩින් විහිදී තිබූ කෙරුබ්වරුන්ගේ පියාපත්වලට කරඬුවත්, එහි පොලුත් උඩින් වැසී තිබුණේ ය.
8ඒ පොලුවල අගිස් දිව්‍ය-වාක්‍යස්ථානයට ඉදිරියෙහි වූ ශුද්ධස්ථානයට පෙනෙන තරම් දිගට තිබිණි. එහෙත්, ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වා ම එහි තිබේ.
9
10
11වලාපටලය නිසා පූජකවරුන්ට සේවය කිරීම පිණිස සිටින්න නොහැකි විය. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබිණි.
12
13
14රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී, මුහුණ හරවා ඔවුන්ට ආශීර්වාද කරමින් මෙසේ කී ය:
15“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පිය වූ දාවිත්ට කතා කරමින්,
16
17
18එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට නුඹේ සිතේ තිබූ අදහස හොඳ එකකි.
19
20“සමිඳාණන් වහන්සේ තමන් වදාළ වචනය ඉෂ්ට කළ සේක. මන්ද, උන් වහන්සේ වදාළ හැටියට මම මාගේ පිය වූ දාවිත් වෙනුවෙන් පත් වී ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයේ හිඳ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟුවෙමි.
21තවද, සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් සමඟ කළ ගිවිසුම තබා තිබෙන කරඬුවට එහි ස්ථානයක් නියම කෙළෙමි.”
22ඉන්පසු සලමොන් රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට, ස්වර්ගය දෙසට තම අත් විදහා මෙසේ කී ය:
23“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඉහළ ස්වර්ගයෙහි වත්, පහළ පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක.
24ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට ඔබ පොරොන්දු වූ දේ ඔහුට ඉෂ්ට කර දුන් සේක. එසේ ය, ඔබ ස්වකීය මුඛයෙන් එය වදාරා අද දවසේ තිබෙන ප්‍රකාරයට ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.
25
26එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට වදාළ ඔබේ වචනය මෙසේ ස්ථීර වේ වා!
27
28එහෙත්, මාගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම හා යාච්ඤාව ඇසුව මැනව.
29
30ඔබේ මෙහෙකරුවා ද ඔබේ ඉශ්රායෙල් සෙනඟ ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේ ය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව, අසා කමා වුව මැනව.
31“යමෙකු තම අසල්වැසියාට විරුද්ධ ව වරදක් කොට ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහුට පවරා, ඔහු අවුත් මේ මාලිගාවේ ඔබේ පූජාසනය ඉදිරිපිට දිවුළොත්,
32ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරුවාට නිසි විපාකය අනුව ඔහුට දඬුවම් දුන මැනව; නිවැරදිකරුවාට ඔහුගේ නිදොස්කම අනුව ඔහුට විපාක දුන මැනව.
33“ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් සතුරා ඉදිරියෙහි ඔවුන් පරාජය වූ කල, ඔව්හු දෙවනු ඔබ වෙත හැරී ඔබේ නාමය ප්‍රකාශ කර, මේ මාලිගාවේ දී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,
34ඔබ ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.
35“ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් අහස පිය වී වර්ෂාව නැති වී යන විට, ඔබ මෙසේ ඔවුන්ට දඬුවම් කරන හෙයින් ඔවුන් මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කොට ඔබේ නාමය ප්‍රකාශ කර තමන්ගේ පාපය අත් හැරියොත්,
36ඔබ ස්වර්ගයේ සිට එය අසා, ඔවුන් යා යුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්නා දුන් කල, ඔබේ මෙහෙකරුවන්ගේත්, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේත් පාපයට කමා වී, උරුමයක් කොට ඔබේ සෙනඟට ඔබ දී තිබෙන ඔබේ දේශයට වර්ෂාව දුන මැනව.
37“දේශයෙහි සාගතයක් හෝ වසංගතයක් හෝ ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ ඇති වූ විට ද ඔවුන්ගේ දේශයේ නගරවල ඔවුන් සිටින විට ඔවුන්ගේ සතුරන් ඔවුන් වැටලූ අවස්ථාවක දී, යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ ඇති වූ විට ද
38යම් මනුෂ්‍යයෙකු හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල්වරුන් හෝ තමන්ගේ සිත්වල සෝ දුක තේරුම් ගෙන, මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කළොත්,
39ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට එය අසා කමා වුව මැනව. සෑම මනුෂ්‍යයෙකුගේ ම සිත් ඔබ පමණක් දන්න සේක; ඔබ එකිනෙකාට ඔවුනොවුන්ට සුදුසු පරිදි ඉෂ්ට කර දුන මැනව.
40එවිට ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත් වන මුළු කාලයේ දී ඔව්හු ඔබ කෙරෙහි ගරුබිය ඇති ව සිටින්නෝ ය.
41“තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන යම් විදේශිකයෙකු ඔබේ උතුම් නාමය ද ප්‍රබල බාහුව හා දිගු කළ හස්තය ද ගැන අසනු ඇත.
42එසේ ඔබේ නාමය නිසා දුර දේශයකින් පැමිණි විදේශිකයෙකු මේ මාලිගාව දෙසට හැරී යාච්ඤා කළොත්,
43ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් මෙන් මිහි පිට සියලු සෙනඟ ඔබේ නාමය ඇඳිනගෙන ඔබ කෙරෙහි ගරුබිය පාන පිණිස ද මා ගොඩනැඟුවාවූ මේ මාලිගාවට ඔබේ නාමය තබා තිබෙන බව දැනගන්න පිණිස ද ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා විදේශිකයා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට ඉටු කළ මැනව.
44“ඔබේ සෙනඟ තම සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී සමිඳාණන් වහන්සේට යාච්ඤා කළොත්,
45ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව හා කන්නලව්ව අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.
46“පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධ ව පව් කරන්නටත්, ඔබ ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දෙන්නටත්, ඔවුන් වහල්කමට ගන්න අය දුර හෝ ළඟ හෝ ඇති සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්නටත් පුළුවන.
47එවිට ඔවුන් වහලුන් කොට ගෙනයනු ලැබූ දේශයේ දී ඔවුන් එය සිතට ගෙන පසුතැවී සිත් හරවා ගෙන, ඔවුන් වහල්කමට ගත් අයගේ දේශයේ දී ඔබට කන්නලව් කොට, ‘අපි පව් කෙළෙමු; හිතුවක්කාරකමින් ද දුෂ්ටකමින් ද ක්‍රියා කෙළෙමු’යි කියමින්,
48ඔවුන් වහල්කමට ගත් ඔවුන්ගේ සතුරන්ගේ දේශයේ දී තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා ගොඩනැඟුවාවූ මාලිගාව ද දෙස බලා, ඔබට යාච්ඤා කළොත්,
49ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාව හා කන්නලව්ව අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.
50ඔබට විරුද්ධ ව පව් කළ ඔබේ සෙනඟට ඔබට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු අපරාධවලට කමා වී, ඔවුන් වහල්කමට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පා කරනු ලබන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබා දුන මැනව.
51මන්ද, ඔව්හු ඔබ විසින් මිසර දේශය වන යකඩ උදුනෙන් පිටතට ගෙනෙන ලද ඔබේ සෙනඟත්, ඔබේ උරුමයත් ය.
52“ඔබේ මෙහෙකරුවාගේ ද ඔබේ ඉශ්රායෙල් සෙනඟගේ ද කන්නලව්ව දෙස ඔබේ කන් යොමු කළ මැනව. ඔවුන් ඔබෙන් ඉල්ලන සියල්ල ගැන ඔවුන්ට ඇහුම්කන් දුන මැනව.
53මන්ද, දෙවි ස්වාමීන් වහන්ස, ඔබ අපේ පියවරුන් මිසරයෙන් ගෙනා විට ඔබේ මෙහෙකරු වූ මෝසෙස් ලවා කතා කරවූ ප්‍රකාරයට, ඔබට උරුමයක් කොට ඔබ ම මිහි පිට සියලු මනුෂ්‍ය වර්ගයන්ගෙන් ඔවුන් වෙන් කරගත් සේක.”
54සලමොන් රජ තෙම සමිඳාණන් වහන්සේට මේ මුළු යාච්ඤාව හා කන්නලව්ව ඔප්පු කර නිම කළ විට, ඔහු උන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට ස්වර්ගය දෙසට තම අත් විදහාගෙන, දණ ගසා සිටි තැනින් නැඟිට්ටේ ය.
55තවද, ඔහු සිටගෙන මහත් හඬින් ඉශ්රායෙල්වරුන්ගේ සභාවට ආශීර්වාද කරමින් මෙසේ කී ය:
56
57අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් සමඟ වැඩ සිටි ලෙස ම අප සමඟත් වැඩ සිටින සේක් වා! උන් වහන්සේ අප අත් නොහරින සේක් වා! අප බැහැර නොදමන සේක් වා!
58එසේ උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන් වහන්සේ අපේ පියවරුන්ට අණ කළ උන් වහන්සේගේ ආඥා ද පණත් ද විනිශ්චයයන් ද පවත්වන්නටත් උන් වහන්සේ අපේ සිත් තමන් වෙත නමාගන්න සේක් වා!
59තමන්ගේ මෙහෙකරුවාටත්, තම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මා ඔප්පු කළ මේ කන්නලව්වේ වචන දිවා රෑ දෙක්හි අපේ දෙවි සමිඳාණන් වහන්සේ සමීපයෙහි පවතී වා!
60එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත්, වෙන දෙවි කෙනෙකු නැති බවත් මිහි පිට සියලු ජාතීහු දැනගන්නෝ ය.
61එබැවින් උන් වහන්සේගේ පණත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!”
62රජ ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පු කළෝ ය.
63සලමොන් රජ සමිඳාණන් වහන්සේට ඔප්පු කළ සහභාගිකමේ පූජා සඳහා ගොනුන් විසිදෙදහසක් හා බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් පුද කෙළේ ය. මෙසේ රජ ද සියලු ඉශ්රායෙල් ජනයා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාව කැප කළෝ ය.
64එම දවසේ රජ තෙම සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුළු කොටස විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද දැරීමට ඉඩ මදි වූ නිසා ය.
65මෙසේ ඒ කාලයෙහි හමාත් නම් දුර්ගයට ඇතුළු වන තැන පටන් මිසරයේ නයිල් ගඟ දක්වා පළාත්වලින් පැමිණි විශාල පිරිසක් වන, සලමොන් ඇතුළු සියලු ඉශ්රායෙල්වරු අප දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සත්
66අට වන දින ඔහු සෙනඟ යන්නට හැරියේ ය. ඔව්හු රජුට ප්‍රශංසා කර, සමිඳාණන් වහන්සේ තම මෙහෙකරු දාවිත්ටත්, තම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් කළ සියලු යහපත ගැන ප්‍රීතිමත් ව, සතුටු සිතින් තම ගෙවලට ගියෝ ය.