1ආදම්, සෙත්, ඒනොෂ්;
2කේනාන්, මහලලෙල්, ජරෙද්,
3ඒනොක්, මෙතුසෙලා, ලාමෙක්;
4නෝවාගේ පුත්‍රයෝ නම්: ෂෙම්, හාම් සහ ජපෙත් ය.
5ජපෙත්ගේ පුත්‍රයෝ නම්: ගොමෙර්, මාගොග්, මාදයි, ජාවාන්, තුබල්, මෙෂෙක් සහ තීරස් ය.
6ගොමෙර්ගේ පුත්‍රයෝ නම්: අෂ්-කෙනස්, රිපත් සහ තොගර්මා ය.
7ජාවාන්ගේ පුත්‍රයෝ නම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම් සහ රොදානිවරු ය.
8හාම්ගේ පුත්‍රයෝ නම්: කුෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන් ය.
9කුෂ්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.
10කුෂ්ට දාව නිම්රොද් උපන්නේ ය; ඔහු පොළොවේ බලවන්තයෙකු වන්නට පටන් ගත්තේ ය.
11මිශ්‍රයිම්ට දාව ලුදිම්වරු ද අනාමිම්වරු ද ලෙහාබිම්වරු ද නප්තුහිම්වරු ද
12පත්රුසිම්වරු ද කස්ලුහිම්වරු ද ක්‍රීට්වරු ද උපන්නෝ ය. පිලිස්තිවරුන් පැවත ආයේ ඔවුන්ගෙන් ය.
13කානාන්ට දාව තමාගේ කුලුඳුලා වූ සීදොන් සහ හෙත් ද;
14ජෙබුසිවරු ද අමෝරිවරු ද ගිර්ගාෂිවරු ද;
15හිවීවරු ද අර්කිවරු ද සීනිවරු ද;
16ආර්වාදිවරු ද ශෙමාරිවරු ද හමාතිවරු ද උපන්නෝ ය.
17ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක් ය.
18අර්පක්ෂද්ට දාව ෂේලා උපන්නේ ය; ෂේලාට දාව ඒබෙර් උපන්නේ ය.
19ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය. එක් කෙනෙකුගේ නම පෙලෙග් ය. මන්ද, ඔහුගේ කාලයේ පොළෝ තලය බෙදන්නට යෙදුණේ ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.
20ජොක්තන්ට දාව අල්මෝදාද් ද ෂෙලෙප් ද හසර්මාවෙත් ද ජෙරා ද;
21හදොරාම් ද ඌසාල් ද දික්ලා ද;
22ඒබාල් ද අබිමායෙල් ද ෂෙබා ද;
23ඕපීර් ද හවීලා ද ජෝබාබ් ද උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය.
24ෂෙම්, අර්පක්ෂද්, ෂේලා;
25ඒබෙර්, පෙලෙග්, රෙයු;
26සෙරුග්, නාහෝර්, තේරා සහ
27ආබ්‍රම් හෙවත් ආබ්‍රහම් ය.
28ආබ්‍රහම්ගේ පුත්‍රයෝ නම්: ඊසාක් සහ ඉෂ්මායෙල් ය.
29ඔවුන්ගේ පරම්පරා මේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා වූ නෙබායොත්, ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්;
30මිෂ්මා, දුමා, මස්සා; හදද්, තේමා,
31ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා ය. මොවුහු ඉෂ්මායෙල්ගේ පුත්‍රයෝ ය.
32ආබ්‍රහම්ගේ උපභාර්යාව වූ කෙතුරාගේ පුත්‍රයෝ මොවුහු ය: ඈ ශිම්රාන්, ජොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා ලැබුවා ය. ජොක්ෂාන්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.
33මිදියාන්ගේ පුත්‍රයෝ නම්: ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායා ය. මේ සියල්ලෝ කෙතුරාගේ පුත්‍රයෝ ය.
34ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේ ය. ඊසාක්ගේ පුත්‍රයෝ නම්: ඒසව් සහ ඉශ්රායෙල් ය.
35ඒසව්ගේ පුත්‍රයෝ නම්: එලිපස්, රෙවුයෙල්, ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය.
36එලිපස්ගේ පුත්‍රයෝ නම්: තේමාන්, ඕමාර්, ශෙපී, ගායිතාම්, කෙනස්, තිම්නා සහ අමලෙක් ය.
37රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම්: නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය.
38සේයිර්ගේ පුත්‍රයෝ නම්: ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, දීෂොන්, එශෙර් සහ දීෂාන් ය.
39ලෝතාන්ගේ පුත්‍රයෝ නම්: හෝරී සහ හෝමාම් ය. තිම්නා ලෝතාන්ගේ සහෝදරී ය.
40ෂෝබාල්ගේ පුත්‍රයෝ නම්: අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම් ය. ශිබෙයොන්ගේ පුත්‍රයෝ නම්: ආයා සහ අනා ය.
41අනාගේ පුත්‍රයා දීෂොන් ය. දීෂොන්ගේ පුත්‍රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය.
42එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය.
43ඉශ්රායෙල් ජනයා කෙරෙහි කිසි රජෙකු රජකම් කරන්න පළමුවෙන් ඒදොම් රටේ රජකම් කළ රජවරු මොවුහු ය. බෙයෝර්ගේ පුත් බෙලා ය; ඔහුගේ නුවර නම් දින්හාබා ය.
44බෙලා මළ පසු බොශ්රාහි සෙරාගේ පුත් ජෝබාබ් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
45ජෝබාබ් මළ පසු තේමානිවරුන්ගේ රටේ හුෂාම් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
46හුෂාම් මළ පසු මෝවබ් රටේ දී මිදියන්ට පහර දුන් බෙදද්ගේ පුත් හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය.
47හදද් මළ පසු මස්රේකාහි ෂම්ලා ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
48ෂම්ලා මළ පසු යුප්‍රටීස් ගංගාව ළඟ තිබුණු රෙහොබොත්හි ෂාවුල් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
49ෂාවුල් මළ පසු අක්බොර්ගේ පුත් බාල්-හනන් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
50බාල්-හනන් මළ පසු හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායී ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහාබ්ගේ දුව වූ මත්රේද්ගේ දුව ය.
51හදද් මියගියේ ය. ඒදොම්හි අධිපතිවරු නම්: තිම්නා, අල්වා, ජෙතේත්;
52ඔහොලිබාමා, ඒලා, පීනොන්;
53කෙනස්, තේමාන්, මිබ්ශාර්;
54මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු ඒදොම්හි අධිපතියෝ ය.