1ඔවුහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනවුත්, දාවිත් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ එය තබා, දවන යාග පූජාවල් ද සහභාගිකමේ පූජාවල් ද දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළෝ ය.
2දාවිත් දවන යාග පූජාව ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම වූ විට, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය.
3තවද, ඔහු ඉශ්රායෙල්වරුන් සියල්ලන්ගෙන් එක එක පුරුෂයාටත්, ස්ත්‍රියටත් රොටියක් ද මස් කෑල්ලක් ද වියළි මුද්‍රික පල කැටියක් ද බැගින් දුන්නේ ය.
4තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සේවය කිරීමටත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වර්ණනා කිරීමටත්, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමටත් ඔහු ලෙවීවරුන්ගෙන් සමහරෙකු නියම කෙළේ ය.
5ඒ අයගේ ප්‍රධානියා ආසාප් ය. ඔහු ළඟට ශෙකරියා, ජෙයීයෙල්, ෂෙමිරාමොත්, ජෙහියෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ ජෙයීයෙල් ය. මොවුහු වීණාවලින් ද මහා වීණාවලින් ද ගායනා කළහ. එහෙත්, ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්වී ය.
6පූජකයන් වූ බෙනායා ද ජහසියෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නිතර ම නළා පිම්බෝ ය.
7දාවිත් ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද ලවා සමිඳාණන් වහන්සේට ස්තුති කරවීමට පළමුවෙන් නියම කෙළේ ඒ දවසේ දී ය.
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37ඉක්බිති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නිතර ම එක එක දවසට සුදුසු ලෙස සේවය කිරීමට දාවිත් රජ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද
38ඕබෙද්-ඒදොම් ද ඔවුන්ගේ සහෝදරයන් හැටඅටදෙනෙකු ද සිටෙව්වේ ය. ජෙදුතුන්ගේ පුත් ඕබෙද්-ඒදොම් ද හෝසා ද දොරටු පාලයන් කොට නියම කෙළේ ය.
39පූජක ශාදොක් ද පූජකයන් වන ඔහුගේ සහෝදරයන් ද ගිබියොන්හි ගිරිකුළක තිබෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්න නියම කෙළේ ය.
40එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අණ කළා වූ උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට දවන යාග පූජා පුදන පූජාසනය පිට නිතර ම උදය සවස දවන යාග පූජා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ය.
41ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද නම් කියා තෝරාගනු ලැබූ අනික් අය ද, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය” කියමින් උන් වහන්සේට ස්තුති කිරීමට නියම කෙළේ ය.
42ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද පත් කෙළේ, දෙවියන් වහන්සේට ගී ගයමින් නළාවලිනුත්, අත්තල්වලිනුත්, තූර්ය භාණ්ඩවලිනුත් ශබ්ද කිරීමට ය. තවද, දාවිත් රජ ජෙදුතුන්ගේ පුත්‍රයන් දොරටු පාලකයන් කොට පත් කෙළේ ය.
43