1
2දාවිත් ඔවුන්ගේ රජුගේ රන් ඔටුන්න මිල්කොම් රජුගේ හිසින් පැහැර ගෙන එය කිලෝග්‍රෑම් තිස්හතරක් බර ඇති බව දැනගත්තේ ය. එහි අනර්ඝ මැණික් ද තිබුණේ ය. එය දාවිත්ගේ හිස පිට තබන ලද්දේ ය. ඔහු ද කොල්ලකාගත් බඩු රාශියක් නුවරින් පිටතට ගෙනාවේ ය.
3ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත් ද යකඩ දැති පෝරු ද පොරෝ ද ඔවුන්ට දී ඔවුන්ගෙන් වැඩ ගත්තේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් ද මුළු සෙනඟ ද ජෙරුසලමට හැරී ආවෝ ය.
4ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙශෙර්හි යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සිප්පයි මැරුවේ ය. පිල්සිතිවරු යටත් කරනු ලැබුවෝ ය.
5
6නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් විය. ඔහුට අත් පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේ ය. ඔහු ද යෝධයාට දාව උපන් කෙනෙකි.
7ඔහු ඉශ්රායෙල්වරුන්ට විරෝධය දැක්වූ කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමියාගේ පුත් ජොනතන් ඔහු මැරුවේ ය.
8මොවුහු ගාත්හි දී යෝධයන්ට දාව උපන් අය ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද පැරදී මියගියෝ ය.