1
2තවද, දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ සියලු අධිපතීන් ද පූජකයන් ද ලෙවීවරුන් ද රැස් කෙළේ ය.
3ලෙවීවරුන්ගෙන් ගණන් ගන්නා ලද්දේ, තිස් අවුරුද්දක පටන් ඉන් ඉහළට වයස් ඇති අය ය. එසේ එක් කෙනෙකු එක් කෙනෙකු පාසා ගණන් ගන්න ලද පුරුෂයන්ගේ ගණන තිස්අටදහසක් විය.
4මොවුන්ගෙන් විසිහතරදහසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලා ගැනීමට සිටියෝ ය. හයදහසක් මුලාදෑනියෝ ද විනිශ්චයකාරයෝ ද වූ හ.
5හාරදහසක් දොරටු පාලකයෝ වූ හ. ‘ප්‍රශංසා කිරීමට මම සෑදුවෙමි’යි දාවිත් කී තූර්ය භාණ්ඩවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෝ හාරදහසක් වූ හ.
6දාවිත් ගේර්ෂොන් ද කොහාත් ද මෙරාරී ද යන ලෙවීගේ පුත්‍රයන්ගේ වංශවල හැටියට ඔවුන් පංතිවලට බෙදුවේ ය.
7ගේර්ෂොන්ගේ පුත්‍රයෝ ලාදාන් සහ ෂිමෙයි ය.
8ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙහීයෙල් ද සේතාම් ද ජෝවෙල් ද යන තුන්දෙනා ය.
9ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ෂෙලොමිත් ද හශීයෙල් ද හාරාන් ද යන තුන්දෙනා ය. මොවුහු ලාදාන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ ය.
10ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ජහත්, ශීනා, ජෙවුෂ් සහ බෙරියා ය. මේ හතර දෙන ෂිමෙයිගේ පුත්‍රයෝ ය.
11ජහත් ප්‍රධානියා ය, ශීනා දෙවැනියා ය. එහෙත්, ජෙවුෂ්ටත්, බෙරියාටත් බොහෝ පුත්‍රයෝ නුවූ හ. එබැවින් ඔව්හු එක පිය පෙළපතක් කොට ගණන්ගනු ලැබුවෝ ය.
12කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම් ද ඉශ්හාර් ද හෙබ්‍රොන් ද උශ්ශියෙල් ද යන සතරදෙනා ය.
13
14එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිති යයි ගණන් ගන්නා ලද්දෝ ය.
15මෝසෙස්ගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම් සහ එලියෙසෙර් ය.
16ගේර්ෂොම්ගේ පුත්‍රයෝ නම්; ප්‍රධානියා වූ ෂෙබුයෙල් ය.
17එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ රෙහෙබියා ය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූ හ. එහෙත්, රෙහෙබියාට පුත්‍රයෝ බොහෝ දෙනෙක් සිටියෝ ය.
18ඉශ්හාර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ෂෙලොමිත් ය;
19හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ජෙරියා ය, දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; හතරවැනියා වූ ජෙකමෙයාම් ය.
20උශ්ශියෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ මීකා ය; දෙවැනියා වූ ඉෂ්ෂියා ය.
21මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මුෂී ය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කිෂ් ය.
22එලෙයාසර් මළේ ය. ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයන් වූ කිෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝ ය.
23මුෂීගේ පුත්‍රයෝ: මාලී ද ඒදෙර් ද ජෙරිමොත් ද යන තුන්දෙනා ය.
24ඔව්හු තමන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියන් වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක් කෙනෙකු එක් කෙනෙකු පාසා නම් වශයෙන් ගණන් කරන ලද්දා වූ, සමිඳාණන් වහන්සේගේ මාලිගා සේවයේ වැඩ කළා වූ ලෙවීගේ පුත්‍රයෝ ය.
25තවද, දාවිත් කතා කොට, “ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟට සාමදානය දී තිබේ ය”යි ද, “උන් වහන්සේ ජෙරුසලමෙහි සෑම කල්හි ම වාසය කරන සේකැ”යි ද,
26
27දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන් ගන්න ලද්දෝ ය.
28
29ආහාර පූජාවටත්, මුහුන් නැති රොටිවලටත් ඇතිළියටත්, පොඟවන ඒවාටත් ඕනෑ කරන සිහින් පිටි ද සියලු ආකාර මිමි ද මැනීම් ද බලාගැනීමත්,
30දිනපතා උදේ සවස සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට සිටීමත්,
31සබත් දවස්වල දී ද අමාවක දවස්වල දී ද මංගල්‍යවල දී ද ගණනින් නියම ප්‍රකාරයට නිතර ම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සියලු දවන යාග පූජා ඔප්පු කිරීමත්,
32සම්මුඛ මණ්ඩපයේ වත්පිළිවෙත් ද ශුද්ධස්ථානයේ වත්පිළිවෙත් ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් තම සහෝදරයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ වත්පිළිවෙත් ද බලාගැනීමත් ය.