1අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට තමන්ගේ නිල සේවාවන් මාරුවෙන් මාරුවට ඉටු කළා වූ ද පංතිවල සියලු කාරණා ගැන රජුට සේවය කළා වූ ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේත්, සහශ්‍රාධිපතීන්ගේත්, ශතාධිපතීන්ගේත්, ඔවුන්ගේ මුලාදෑනීන්ගේත් ගණන නම්, එක එක පංතියට විසිහතරදහසක් ය.
2පළමු වැනි මාසයට පංතිය කෙරෙහි ශබ්දියෙල්ගේ පුත් ජාෂොබෙයාම් පත් ව සිටියේ ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
3ඔහු පෙරෙශ්වරුන්ගෙන් එක් කෙනෙකු ව පළමු වැනි මාසයේ සේනාවල සියලු අධිපතීන්ගේ ප්‍රධානියා ව සිටියේ ය.
4දෙ වැනි මාසයට පංතිය කෙරෙහි අහෝහිය දෝදයි පත් ව සිටියේ ය. ඔහුගේ පංතියේ මුලාදෑනියා මික්ලොත් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් ය.
5තුන් වැනි මාසයට තුන් වැනි සේනාවේ අධිපතියා නම්, පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයා වන ප්‍රධානියා වූ බෙනායා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
6බෙනායා වනාහි ඒ තිස්දෙනාගෙන් බලවන්තයා ව, තිස්දෙනා කෙරෙහි අධිපතියා ව සිටියේ ය. ඔහුගේ පුත් අම්මිසාබාද් ඔහුගේ පංතියේ සිටියේ ය.
7හතර වැනි මාසයට හතර වැනි අධිපතියා නම්, ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් ය. ඔහුට පසු ව ඔහුගේ පුත් සෙබදියා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
8පස් වැනි මාසයට පස් වැනි අධිපතියා නම්, ඉශ්රාහී ෂම්හුත් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
9හය වැනි මාසයට හය වැනි අධිපතියා නම්, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
10හත් වැනි මාසයට හත් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පෙලෝනීය හෙලෙශ් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
11අට වැනි මාසයට අට වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ හුෂාතීය සිබ්බෙකයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
12නව වැනි මාසයට නව වැනි අධිපතියා නම්, බෙන්ජමින් වංශයට අයිති වූ අනාතෝතිය අබියෙශෙර් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
13දස වැනි මාසයට දස වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ නෙටෝපාතිය මහරයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
14එකොළොස් වැනි මාසයට එකොළොස් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පීරාතෝනිය බෙනායා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
15දොළොස් වැනි මාසයට දොළොස් වැනි අධිපතියා නම්, ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටෝපාතිය හෙල්දයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
16තවද, ඉශ්රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොවුහු ය. රූබන්වරුන්ට ආණ්ඩුකාරයා ව සිටියේ ශික්රීගේ පුත් එලියෙසර් ය. සිමියොන්වරුන්ට මයකාගේ පුත් ෂෙපටියා ය.
17ලෙවීවරුන්ට කෙමුවෙල්ගේ පුත් හෂබියා ය. ආරොන් වංශයට ශාදොක් ය.
18ජුදාවරුන්ට දාවිත්ගේ සහෝදරයෙකු වූ එලිහු ය. ඉස්සාකර්වරුන්ට මිකායෙල්ගේ පුත් ඔම්රී ය.
19සාබුලොන්වරුන්ට ඔබදියාගේ පුත් ඉෂ්මායා ය. නප්තලීවරුන්ට අස්රියෙල්ගේ පුත් ජෙරිමොත් ය.
20එප්‍රායිම්වරුන්ට අශශියාගේ පුත් හෝෂෙයා ය. මනස්සේගේ අර්ධ ගෝත්‍රයට පෙදායාගේ පුත් ජෝවෙල් ය.
21ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත් ඉද්දෝ ය. බෙන්ජමින්වරුන්ට අබිනේර්ගේ පුත් ජයසීයෙල් ය.
22දාන්වරුන්ට ජෙරොහාම්ගේ පුත් අශරියෙල් ය. ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතියෝ මොවුහු ය.
23
24
25රජුගේ ගබඩා කෙරෙහි අදීයෙල්ගේ පුත් අශ්මාවෙත් පත් ව සිටියේ ය. පිටිසර පළාත්වල ද නුවරවල ද ගම්වල ද බලකොටුවල ද පිහිටි ගබඩා කෙරෙහි උශ්ශියාගේ පුත් ජොනතන් පත් ව සිටියේ ය.
26ගොවිතැන් කිරීමට කෙත්වල වැඩ කළවුන් කෙරෙහි කෙලුබ්ගේ පුත් එස්රී පත් ව සිටියේ ය.
27මිදි වතු කෙරෙහි රාමාතීය ෂිමෙයි පත් ව සිටියේ ය. මිදි වතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය ශබ්දී පත් ව සිටියේ ය.
28පාත රටේ තිබුණු ඔලීව ගස් ද අත්තික්කා ගස් ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත් ව සිටියේ ය. තෙල් ගබඩා කෙරෙහි ජෝවාෂ් පත් ව සිටියේ ය.
29ෂාරොන්හි තණ බිම්වල සිටි ගවයන් කෙරෙහි ෂාරෝනීය ෂිත්රයි ද මිටියාවත්වල සිටි ගවයන් කෙරෙහි අද්දයිගේ පුත් ෂාපාත් ද පත් ව සිටියෝ ය.
30ඔටුවන් කෙරෙහි ඉෂ්මායෙලීය ඕබිල් ද, කොටළුවන් කෙරෙහි මෙරොනොතිය ජේදෙයා ද,
31එළු බැටළු පට්ටි කෙරෙහි හග්රිය ජාසිස් ද පත් ව සිටියෝ ය. මේ සියල්ලෝ දාවිත් රජුගේ සම්පත්වල අධිපතියන් ව සිටියෝ ය.
32දාවිත්ගේ මාමා වූ ජොනතන් මන්ත්‍රීවරයෙකු ව, තේරුම් ඇති මනුෂ්‍යයෙකු ව, ලේකම් කෙනෙකු ව සිටියේ ය. හක්මෝනිගේ පුත් ජෙහීයෙල් රජුගේ පුත්‍රයන් සමඟ සිටියේ ය.
33අහිතොපෙල් වනාහි රජුගේ මන්ත්‍රීවරයා ව සිටියේ ය. අර්කීය හූෂයි රජුගේ මිත්‍රයා විය.
34අහිතොපෙල් ළඟට බෙනායාගේ පුත් ජෙහෝයාදා සහ අබියාතර් ද මන්ත්‍රීවරයන් ව සිටියෝ ය. රජුගේ සේනාපතියා ජෝවාබ් ය.