1හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය. කුලුඳුලා ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නොන් ය. දෙවැනියා කර්මෙලීය අබිගායිල්ගෙන් උපන් දානියෙල් ය;
2තුන්වැනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුව වූ මයකාගේ පුත්‍ර වූ අබ්සලොම් ය; හතරවැනියා හග්ගිත්ගේ පුත්‍ර වූ අදොනියා ය;
3පස්වැනියා අබිටල්ගෙන් උපන් ෂෙපටියා ය; හයවැනියා ඔහුගේ භාර්යාව වූ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම් ය;
4
5
6ඉබ්හාර්, එලිෂමා, එලිපෙලෙත්;
7නොගා, නෙපෙග්, ජාපියා;
8එලිෂාමා, එල්යාදා, එලිපෙලෙත් යන නව දෙනාත් ය.
9උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළු ව මොවුහු සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝ ය. තාමාර් මොවුන්ගේ සහෝදරී ය.
10සලමොන්ගේ පුත්‍රයා රෙහොබෝවම් ය. ඔහුගේ පුත්‍රයා අබියා ය; ඔහුගේ පුත්‍රයා ආසා ය; ඔහුගේ පුත්‍රයා ජෙහෝෂාපාට් ය;
11ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා අහසියා ය; ඔහුගේ පුත්‍රයා ජෝවාෂ් ය;
12ඔහුගේ පුත්‍රයා අමශියා ය; ඔහුගේ පුත්‍රයා අසරියා ය; ඔහුගේ පුත්‍රයා ජෝතාම් ය;
13ඔහුගේ පුත්‍රයා ආහාස් ය; ඔහුගේ පුත්‍රයා හෙසකියා ය; ඔහුගේ පුත්‍රයා මනස්සේ ය;
14ඔහුගේ පුත්‍රයා ආමොන් ය; ඔහුගේ පුත්‍රයා ජොෂියා ය.
15ජොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජොහානාන් ය; දෙවැනියා ජෙහෝයාකිම් ය; තුන්වැනියා ශෙදෙකියා ය; හතරවැනියා ෂල්ලුම් ය.
16ජෙහෝයාකිම්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් ජෙකොනියා සහ ඔහුගේ පුත් ශෙදෙකියා ය.
17හිරකාරයෙකු වූ ජෙකොනියාගේ පුත්‍රයෝ නම්:
18ඔහුගේ පුත් ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, ජෙකමියා, හෝෂාමා සහ නෙදබියා ය.
19පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියා ය; ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය.
20හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා, ජුෂබ්-හෙසෙද් යන පස්දෙනාත් ය.
21හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ ජෙෂායා ය. රෙපායාගේ පුත්‍රයෝ ය; අර්ණන්ගේ පුත්‍රයෝ ය; ඔබදියාගේ පුත්‍රයෝ ය; ෂෙකනියාගේ පුත්‍රයෝ ය.
22ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායා ද ෂෙමායාගේ පුත්‍රයන් වූ හට්ටුෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපාත් යන හයදෙනා ය.
23නෙයරියාගේ පුත්‍රයෝ නම්: එලියෝයේනයි, හිස්කියා, අශ්රීකාම් යන තුන්දෙනා ය.
24එලියෝයේනයිගේ පුත්‍රයෝ නම්: හෝදවියා, එලියාෂිබ්, පෙලායා, අක්කුබ්, ජොහානාන්, දෙලායා, අනානී යන සත්දෙනා ය.