1ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය.
2කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.
3අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මීරියම් ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.
4එලෙයාසර්ට දාව පිනෙහාස් ද පිනෙහාස්ට දාව අබිෂුවා ද;
5අබිෂුවාට දාව බුක්කී ද; බුක්කීට දාව උශ්ශි ද
6උශ්ශිට දාව ශෙරහියා ද ශෙරහියාට දාව මෙරායොත් ද;
7මෙරායොත්ට දාව අමරියා ද අමරියාට දාව අහිතුබ් ද;
8අහිතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව අහීමයාශ් ද;
9අහීමයාශ්ට දාව අශරියා ද අශරියාට දාව ජොහානාන් ද;
10ජොහානාන්ට දාව අශරියා ද උපන්නෝ ය. සලමොන් ජෙරුසලමේ ගොඩනැඟුවාවූ මාලිගාවෙහි පූජක තනතුරේ කටයුතු ඉෂ්ට කෙළේ ඔහු ය.
11අශරියාට දාව අමරියා ද අමරියාට දාව අහීතුබ් ද;
12අහීතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව ෂල්ලුම් ද;
13ෂල්ලුම්ට දාව හිල්කියා ද හිල්කියාට දාව අශරියා ද;
14අශරියාට දාව සෙරායා ද සෙරායාට දාව ජෙහෝශාදාක් ද උපන්නෝ ය.
15සමිඳාණන් වහන්සේ නෙබුකද්නෙශර් අතින් ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද වහල්කමට හරින විට ජෙහෝශාදාක් ද ගියේ ය.
16
17ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගේ නාම නම්: ලිබ්නි සහ ෂිමෙයි ය.
18කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.
19මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මුෂී ය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේ ය:
20ගේර්ෂොම්ගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ජහත් ය; ඔහුගේ පුත්‍රයා සිම්මා ය;
21ඔහුගේ පුත්‍රයා ජෝවා ය; ඔහුගේ පුත්‍රයා ඉද්දෝ ය; ඔහුගේ පුත්‍රයා ශෙරා ය; ඔහුගේ පුත්‍රයා ජෙයාතෙරයි ය.
22කොහාත්ගේ පුත්‍රයා නම්: අම්මිනාදාබ් ය; ඔහුගේ පුත්‍රයා කෝරා ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;
23ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එබියාසාප් ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;
24ඔහුගේ පුත්‍රයා තහත් ය; ඔහුගේ පුත්‍රයා උරියෙල් ය; ඔහුගේ පුත්‍රයා උශ්ශියා ය; ඔහුගේ පුත්‍රයා ෂාවුල් ය.
25එල්කානාගේ පුත්‍රයෝ නම්: අමාසයි සහ අහීමොත් ය.
26ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එල්කානා-ශෝපයි ය; ඔහුගේ පුත්‍රයා නහත් ය;
27ඔහුගේ පුත්‍රයා එලියාබ් ය; ඔහුගේ පුත්‍රයා ජෙරොහාම් ය; ඔහුගේ පුත්‍රයා එල්කානා ය.
28සාමුවෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජෝවෙල් සහ දෙවැනියා වූ අබියා ය.
29මෙරාරීගේ පුත්‍රයා නම්: මාලී ය, ඔහුගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය;
30ඔහුගේ පුත්‍රයා උශ්ශා ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයා ය; ඔහුගේ පුත්‍රයා හග්ගියා ය; ඔහුගේ පුත්‍රයා අසායා ය.
31ගිවිසුම් කරඬුව පිහිටෙවු විට සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත් කරනු ලැබුවෝ මොවුහු ය.
32සලමොන් ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන තුරු ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ගීතිකා මෙහෙය පවත්වමින් තමන්ගේ පන්ති පරිද්දෙන් තමන්ගේ තනතුරෙහි යෙදී සිටියෝ ය.
33එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොවුහු ය: කොහාත් පරපුරෙන් ගායනාකාර හේමන් ය. ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු සාමුවෙල්ගේ පුත්‍රයා ය;
34ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; ඔහු එලියෙල්ගේ පුත්‍රයා ය; ඔහු තෝවාගේ පුත්‍රයා ය;
35ඔහු ශුප්ගේ පුත්‍රයා ය; ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු මහත්ගේ පුත්‍රයා ය; ඔහු අමාසයිගේ පුත්‍රයා ය;
36ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු ශෙපනියාගේ පුත්‍රයා ය;
37ඔහු තාහත්ගේ පුත්‍රයා ය; ඔහු අස්සීර්ගේ පුත්‍රයා ය; ඔහු එබියාසාප්ගේ පුත්‍රයා ය; ඔහු කෝරාගේ පුත්‍රයා ය;
38ඔහු ඉශ්හාර්ගේ පුත්‍රයා ය; ඔහු කොහාත්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය; ඔහු ඉශ්රායෙල්ගේ පුත්‍රයා ය.
39ඔහුට දකුණෙන් සිටියේ ඔහුගේ සහෝදර ආසාප් ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයා ය; ඔහු ෂිමෙයාගේ පුත්‍රයා ය;
40ඔහු මිකායෙල්ගේ පුත්‍රයා ය; ඔහු බයසෙයාගේ පුත්‍රයා ය; ඔහු මල්කියාගේ පුත්‍රයා ය;
41ඔහු එත්නිගේ පුත්‍රයා ය; ඔහු ශෙරාගේ පුත්‍රයා ය; ඔහු අදායාගේ පුත්‍රයා ය;
42ඔහු ඒතාන්ගේ පුත්‍රයා ය; ඔහු සිම්මාගේ පුත්‍රයා ය; ඔහු ෂීමෙයිගේ පුත්‍රයා ය;
43ඔහු ජහත්ගේ පුත්‍රයා ය; ඔහු ගේර්ෂොම්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය.
44ඔවුන්ගේ සහෝදරයන් වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝ ය. එනම්: ඒතාන් ය. ඔහු කිෂිගේ පුත්‍රයා ය; ඔහු අබ්දීගේ පුත්‍රයා ය; ඔහු මල්ලූක්ගේ පුත්‍රයා ය;
45ඔහු හෂබියාගේ පුත්‍රයා ය; ඔහු අමශියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය;
46ඔහු අම්ශීගේ පුත්‍රයා ය; ඔහු බානීගේ පුත්‍රයා ය; ඔහු ෂෙමෙර්ගේ පුත්‍රයා ය;
47ඔහු මාලීගේ පුත්‍රයා ය; ඔහු මුෂීගේ පුත්‍රයා ය; ඔහු මෙරාරීගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය.
48ඔවුන්ගේ සහෝදරයන් වූ ලෙවීවරු දෙවියන් වහන්සේගේ මාලිගාව වන මණ්ඩපයේ මුළු මෙහෙයට පත් වී සිටියෝ ය.
49එහෙත්, ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද දෙවියන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් අණ කරන ලද සියල්ල ලෙස දවන යාග පූජා පුදන පූජාසනයත්, දුම් පූජාසනයත් පිට ඔප්පු කරන්නට ද අතිශුද්ධස්ථානයේ මුළු මෙහෙය කරන්නට ද ඉශ්රායෙල්වරුන්ගේ පව් උදෙසා සහභාගිවීමේ පූජා ඔප්පු කරන්නට ද නියම වී සිටියෝ ය.
50ආරොන්ගේ පුත්‍රයෝ මොවුහු ය: ඔහුගේ පුත්‍රයා එලෙයාසර් ය; ඔහුගේ පුත්‍රයා පිනෙහාස් ය; ඔහුගේ පුත්‍රයා අබිෂුවා ය;
51ඔහුගේ පුත්‍රයා බුක්කී ය; ඔහුගේ පුත්‍රයා උශ්ශි ය; ඔහුගේ පුත්‍රයා ශෙරහියා ය;
52ඔහුගේ පුත්‍රයා මෙරායොත් ය; ඔහුගේ පුත්‍රයා අමරියා ය; ඔහුගේ පුත්‍රයා අහිතුබ් ය;
53ඔහුගේ පුත්‍රයා ශාදොක් ය; ඔහුගේ පුත්‍රයා අහීමයාශ් ය.
54කොහාත්වරුන්ගේ පවුල් අතරෙන් ආරොන්ගේ පුත්‍රයන්ගේ වාසස්ථාන ඔවුන්ගේ සීමා තුළෙහි වූ ඔවුන්ගේ කඳවුරුවල හැටියට මේවා ය. මන්ද, පස ඇටය වැටුණේ ඔවුන්ට ය.
55ජුදා දේශයෙහි වූ හෙබ්‍රොන් සහ ඒ වටකරින් වූ එහි තණ බිම් ද ඔවුන්ට දෙන ලද්දේ ය.
56එහෙත්, නුවර කෙත් ද එහි ගම් ද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට දෙන ලද්දේ ය.
57ආරක්ෂා නගරයක් වූ හෙබ්‍රොන් ද ලිබ්නා සහ එහි තණ බිම් ද ජත්තීර් ද එෂ්තෙමොව සහ එහි තණ බිම් ද;
58හිලේන් සහ එහි තණ බිම් ද දෙබීර් සහ එහි තණ බිම් ද;
59ආෂාන් සහ එහි තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ එහි තණ බිම් ද;
60බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය.
61කොහාත්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
62ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට තමන්ගේ පවුල් ප්‍රකාරයට ඉස්සාකර් ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද නප්තලී ගෝත්‍රයෙන් ද බාෂාන්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහතුනක් ලැබුණේ ය.
63මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
64ඉශ්රායෙල් පුත්‍රයෝ මේ නගර සහ ඒවායේ තණ බිම් ද ලෙවීවරුන්ට දුන්නෝ ය.
65ජුදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද බෙන්ජමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද නම් වශයෙන් කියන ලද මේ නගර ඔව්හු පස ඇට දමා දුන්නෝ ය.
66කොහාත්ගේ පුත්‍රයන්ගේ අනික් පවුල්වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නගර එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේ ය.
67මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;
68ජොක්මෙයාම් සහ එහි තණ බිම් ද බෙත්-හෝරොන් සහ එහි තණ බිම් ද;
69අයාලෝන් සහ එහි තණ බිම් ද; ගැත්-රිම්මෝන් සහ එහි තණ බිම් ද;
70මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ආනේර් සහ එහි තණ බිම් ද බිලෙයාම් සහ එහි තණ බිම් ද කොහාත් පුත්‍රයන්ගේ අනික් පවුල්වලට දෙන ලද්දේ ය.
71ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රය යන පවුලෙන් බාෂාන්හි ගෝලාන් සහ එහි තණ බිම් ද අෂ්ටාරොත් සහ එහි තණ බිම් ද;
72ඉස්සාකර් ගෝත්‍රයෙන් කෙදෙෂ් සහ එහි තණ බිම් ද දාබෙරත් සහ එහි තණ බිම් ද;
73රාමොත් සහ එහි තණ බිම් ද ආනේම් සහ එහි තණ බිම් ද;
74ආෂෙර් ගෝත්‍රයෙන් මාෂාල් සහ එහි තණ බිම් ද අබ්දොන් සහ එහි තණ බිම් ද;
75හුකොක් සහ එහි තණ බිම් ද රෙහොබ් සහ එහි තණ බිම් ද;
76නප්තලීගේ ගෝත්‍රයෙන් ගලීලයේ කෙදෙෂ් සහ එහි තණ බිම් ද හම්මෝන් සහ එහි තණ බිම් ද කිරියාතයිම් සහ එහි තණ බිම් ද ලැබුණේ ය.
77මෙරාරීගේ අනික් පුත්‍රයන්ට සාබුලොන් ගෝත්‍රයෙන් රිම්මොන් සහ එහි තණ බිම් ද තාබෝර් සහ එහි තණ බිම් ද;
78ජෙරිකෝව ළඟ ජොර්දානෙන් එගොඩ ජොර්දානට නැගෙනහිරෙන් රූබන් ගෝත්‍රයෙන් පාළුකරයෙහි තිබෙන බෙශෙර් සහ එහි තණ බිම් ද ජහශා සහ එහි තණ බිම් ද;
79කෙදෙමොත් සහ එහි තණ බිම් ද මේපයත් සහ එහි තණ බිම් ද;
80ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි රාමොත් සහ එහි තණ බිම් ද මහනයිම් සහ එහි තණ බිම් ද
81හෙෂ්බොන් සහ එහි තණ බිම් ද ජාශර් සහ එහි තණ බිම් ද ලැබුණේ ය.