1
2
3උඩඟු ලෙස පුරසාරම් නොදොඩන්න;
4
5
6
7
8
9
10
11එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේ ය. එහෙත්, දරුවා නතර වී ඒලී පූජකයා යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය.
12ඒලීගේ පුත්‍රයෝ දුර්ජනයෝ වූ හ. ඔවුන් සමිඳාණන් වහන්සේ ගැන කිසිත් සැලකුවේ නැත.
13ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේ ය: යම් කෙනෙකු පූජාවක් ඔප්පු කරන කල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස් කොක්කක් රැගෙන අවුත්,
14හට්ටියේ හෝ සැළියේ හෝ කල්දේරමේ හෝ ඇතිළියේ හෝ දමන්නේ ය; එවිට කොක්කට අසු වූ සියල්ල පූජකයා තමාට ම ගන්නේ ය. ෂිලෝ නගරයට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට ඔව්හු මෙසේ කළහ.
15ඒ හැර, තෙල දැවී යන්නටත් පෙර පූජකයාගේ වැඩකාරයා අවුත්, පූජා ඔප්පු කරන මිනිසාට කතා කොට, “පූජක තුමාට පුළුස්සන්නට මස් දෙන්න; මන්ද, එතුමා අමු මස් මිස පිසූ මස් ඔබෙන් නොපිළිගන්නේ ය”යි කී ය.
16ඒ මිනිසා ඔහුට පිළිතුරු දෙමින්, “තෙල දැවී ගිය පසු කැමැති තරම් ගන්නැ”යි ඔහුට කීවොත්, වැඩකාරයා පිළිතුරු දෙමින්, “එසේ නොව, ඔබ දැන් ම දෙන්නට ඕනෑ ය; නැත්නම් බලහත්කාරයෙන් ගන්නෙමි”යි කියනු ඇත.
17ඒලීගේ පුත්‍රයන් සමිඳාණන් වහන්සේගේ පූජාව සුළු කොට සැලකූ බැවින් ඔවුන්ගේ පාපය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉතා බරපතල විය.
18ළමා වියෙහි සිටි සාමුවෙල් හණ ඒපොද් සැට්ටයක් ඇඳගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවය කරමින් සිටියේ ය.
19ඔහුගේ මව සිය පුරුෂයා සමඟ වාර්ෂික පූජාව ඔප්පු කරන පිණිස අවුරුද්දක් පාසා අවුරුද්දක් ෂිලෝ නගරයට යන කල සාමුවෙල්ට කුඩා ඇඳුමක් සාදාගෙන ගියා ය.
20ඒ අවස්ථාවල දී ඒලී එල්කානාටත්, ඔහුගේ භාර්යාවටත් ආශීර්වාද කරමින්, “ඔබ දෙපළ සමිඳාණන් වහන්සේට දුන් දීමනාව වෙනුවට සමිඳාණන් වහන්සේ ඔබට මේ ස්ත්‍රියගෙන් දරු පරපුරක් දෙන සේක් වා”යි කීවේ ය. ඉන්පසු ඔව්හු සිය ගෙදරට ගියෝ ය.
21සමිඳාණන් වහන්සේ හන්නාට කරුණා කළ සේක. ඈ පිළිසිඳගෙන පුත්‍රයන් තුන්දෙනෙකු ද දූවරුන් දෙදෙනෙකු ද ලැබුවා ය. සාමුවෙල් නම් ළමයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වැඩිණි.
22ඒලී ඉතා මහලු ව සිටියේ ය. තමාගේ පුත්‍රයන් සියලු ඉශ්රායෙල්වරුන්ට කළ සියල්ල ගැනත්, සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සේවය කළ ස්ත්‍රීන් සමඟ ඔවුන් සයනය කරන බවත් ඔහුට ආරංචි විය.
23ඒලී සිය පුතුන්ට කතා කොට, “ඔබ මෙයාකාර දේවල් කරන්නේ කුමක් නිසා ද? ඔබේ නපුරු ක්‍රියා ගැන මේ හැම දෙනාගෙන් ම මට අසන්නට ලැබේ.
24මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතරේ පැතිරී යන මේ දූසමාන ආරංචිය හොඳ නැත.
25මිනිසෙකුට විරුද්ධ ව මිනිසෙකු පව් කළොත්, ඒ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට මැදහත් විය හැකි ය. එහෙත්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව මිනිසෙකු පව් කළොත්, ඔහු වෙනුවට මැදහත් විය හැක්කේ කවරෙකුට දැ”යි කීවේ ය. එහෙත්, ඔව්හු තම පියාගේ බසට සවන් නොදුන්නෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් නසන්නට තීරණය කර තිබුණු බැවිනි.
26
27දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් ඒලී වෙත අවුත්, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය: “නුඹේ පියා ද ඔහුගේ වංශය ද මිසරයෙහි පාරාවෝගේ ගෙදර වහල් ව සිටිය දී මම ඔවුන්ට ප්‍රකාශ නොවීම් ද?
28
29එසේ නම්, මාගේ වාසස්ථානයේ ඔප්පු කරන්නට මා අණ කර තිබෙන මාගේ යාගයටත්, මාගේ පූජාවටත් නුඹ අගෞරව කරන්නේත්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පූජාවල ඉතා හොඳ කොටස්වලින් නුඹේ පුත්‍රයන් තර කරගන්න පිණිස නුඹ මට වඩා නුඹේ පුත්‍රයන්ට ගෞරව කරන්නේත් මන් ද?
30එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි.
31නුඹේ වංශයෙන් ද නුඹේ පියාගේ වංශයෙන් ද කිසිවෙකු මහලු වියට නොපැමිණෙන ලෙස නුඹේ ද නුඹේ පියාගේ ද බලය මා බිඳදමන බව සිතට ගන්න.
32ඉශ්රායෙල්වරුන්ට මා දෙන ආශීර්වාද සියල්ල කෙරෙහි නුඹ ඊර්ෂ්‍යාවෙන් බලා කැළඹෙන්නෙහි ය. නුඹේ වංශයෙන් කිසිවෙක් දීර්ඝායු වළඳන්නේ නැත.
33එසේ වූවත් මට පූජකයෙකු ලෙස සේවය කරන පිණිස නුඹේ පරපුරෙන් එක් කෙනෙකු මම ඉතිරි කරගනිමි. එහෙත්, ඔහු අන්ධ වන්නේ ය; ඔහුගේ සියලු බලාපොරොත්තු නැති වී යන්නේ ය. නුඹේ වංශයෙන් පැවතෙන සියල්ලන් කඩු පහරින් මැරෙනු ඇත.
34
35මට පක්ෂපාත ව සිටින, මා කැමැති, මා කියන හැම දේ කරන පූජකයෙකු මම තෝරාගන්නෙමි. ඔහුට දරු පරපුරක් සලසා දී මාගේ අභිෂේක ලත් රජ්ජුරුවන් ඉදිරියෙහි නිරන්තරයෙන් සේවය කිරීමට ඔහු පත් කරමි.
36තවද, නුඹේ වංශයෙන් ඉතුරු වන හැම දෙනා රිදී කාසියක් ද රොටියක් ද ලබාගන්න පිණිස රජු වෙත පැමිණ ඔහු ඉදිරියේ වැඳ වැටී, අනේ රොටි කෑල්ලක් කන පිණිස පූජක තනතුරට මා පත් කළ මැනවැ’යි කියනු ඇත.”