1
2දාවිත් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ කටයුත්තක් සඳහා මම මෙහි ආවෙමි. එතුමා මා එවුවේ මන්දැ යි කිසිවෙකු දැන නොගන්න ලෙස වගබලා ගන්නැ යි මට අණ කෙළේ ය. මිනිසුන් සම්බන්ධයෙන් නම්, මා නියම කළ ස්ථානයක මා හමු වන්නැ යි මම ඔවුන්ට කීවෙමි.
3දැන් ඔබ ළඟ තිබෙන්නේ මොනවා ද? මට රොටි පහක් හෝ වෙන තිබෙන දෙයක් හෝ දුන මැනවැ”යි අහිමෙලෙක් නම් පූජකයාට කීවේ ය.
4පූජක තෙම දාවිත්ට පිළිතුරු දෙමින්, “ශුද්ධ රොටි මිස වෙන රොටි මා ළඟ නැත: සේවකයෝ ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටියෝ නම්, ඒවා දෙන්නට පුළුවනැ”යි කීවේ ය.
5දාවිත් ඔහුට පිළිතුරු දෙමින්, “සැබැවින් ම අපි යම් ව්‍යාපාරයකට එළඹෙන විට ස්ත්‍රීහු අපෙන් වෙන් ව සිටිති. සාමාන්‍ය ව්‍යාපාරයක වුව ද සේවකයන්ගේ ශරීරය ශුද්ධ ව තිබෙන්නේ ය. එසේ නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් අද ඔවුන්ගේ ශරීරය ශුද්ධ නොවන්නේ දැ”යි ඔහුට කීවේ ය.
6
7තවද, ඒ දවසේ දී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු වූ ඔහුගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම් ඒදොම් වැසියෙකු වන මිනිසෙක් ආගමික යුතුකමක් ඉටු කරන පිණිස එහි නැවතී සිටියේ ය.
8දාවිත් අහිමෙලෙක්ට කතා කොට, “මට දෙන්නට ඔබ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් හෝ තිබේ ද? රජ්ජුරුවන්ගේ අණ පරිදි නොපමා ව පිටත්වන්නට සිදු වුණ බැවින් කඩුවක් වත්, ආයුධයක් වත් මම නොගෙනාවෙමි”යි කීවේ ය.
9
10දාවිත් පිටත් වී සාවුල්ට බියෙන් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජ වූ ආකීෂ් වෙත පැමිණියේ ය.
11
12
13
14එවිට ආකීෂ් තමාගේ සේවකයන්ට කතා කොට, “මේ මිනිසා පිස්සෙකු බව ඔබට පෙනෙන්නේ නැද් ද? ඔබ ඔහු මා ළඟට ගෙනාවේ කුමට ද?
15මා ඉදිරියෙහි පිස්සු විකාර කරන්නට මොහු ගෙනාවේ පිස්සන් මට හිඟ නිසා ද? මොහු මාගේ ගෙට එන්නට යුතු දැ”යි කීවේ ය.