1සාවුල් පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ආපසු හැරී ආ කල, “දාවිත් එන්ගෙදියේ පාළුකරයේ සිටී ය”යි ඔහුට දන්වන ලද්දේ ය.
2එවිට සාවුල් සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් තුන්දහසක් රැගෙන වල් එළුවන් ගැවසෙන පර්වතයේ නැගෙනහිරෙන් දාවිත් සහ ඔහුගේ සෙනඟ සොයන්නට ගියේ ය.
3
4දාවිත්ගේ සෙනඟ කතා කොට, “මෙන්න, හරි අවස්ථාව පැමිණ තිබේ. සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබේ සතුරා ඔබේ අතට පාවා දී ඇත. ඔබ කැමැති දෙයක් ඔහුට කරන්නට ඔබට හැකි ය”යි කී හ. එවිට දාවිත් නැඟිට සාවුල්ගේ සළුවේ කොන රහසින් කපා ගත්තේ ය.
5සාවුල්ගේ සළුවේ කොන කපාගත් බැවින් පසුව දාවිත්ගේ සිත ඔහුට දොස් තැබුවේ ය.
6
7මෙසේ සාවුල්ට අනතුරක් කරන ලෙස දාවිත් තමාගේ සෙනඟට ඉඩ නෑර මේ වචනවලින් ඔවුන් වළක්වා ගත්තේ ය. සාවුල් ගුහාවෙන් පිටත් ව ගියේ ය.
8ඉන්පසු දාවිත් නැඟිට ගුහාවෙන් පිටතට ගොස්, “මාගේ ස්වාමීනි, රජ්ජුරුවන් වහන්සැ”යි හඬගැසුවේ ය. සාවුල් පස්සට හැරී බැලූ කල, දාවිත් මුණින්තළා වී වැඳ,
9සාවුල්ට මෙසේ කීවේ ය: “ ‘දාවිත් ඔබට අනතුරු කරන්නට සොයන්නේ ය’යි කියන මිනිසුන්ගේ වචනවලට ඔබ සවන් දෙන්නේ මන් ද?
10සමිඳාණන් වහන්සේ අද ගුහාවේ දී ඔබ මා අතට පාවා දුන් බව ඔබේ ඇස්වලින් ම මේ දවසේ දී පෙනෙනු ඇත. සමහරු ඔබ මරන්නට කියා මට කී හ. එහෙත්, මම ඔබට කරුණා කෙළෙමි. මන්ද, ‘මාගේ ස්වාමියා සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධ ව මාගේ අත ඔසවන්නේ නැතැ’යි මම කීමි.
11තවද, මාගේ පියාණෙනි, මේ බලන්න, ඔබේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනව. මා ඔබ නොමරා, ඔබේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක් වත්, අපරාධයක් වත් නැති බව ද, මා ඔබට විරුද්ධ ව පව් නොකළ බව ද දැනගත මැනව. එසේ වුව ද මාගේ ප්‍රාණය නසන්නට ඔබ මා ලුහුබැඳ එන්නෙහි ය.
12සමිඳාණන් වහන්සේ ඔබ හා මා අතරේ විනිශ්චය කොට, මට විරුද්ධ ව ඔබ ක්‍රියා කර ඇති බැවින්, ඔබට දඬුවම් කරන සේක්වා. මම නම් ඔබට කිසිම අනතුරක් නොකරමි.
13පැරැණි ආප්තෝපදේශයේ හැටියට දුෂ්ටයාගෙන් දුෂ්ටකම නික්මෙයි. එහෙත්, මම ඔබට දුෂ්ටකමක් නොකරන්නෙමි.
14
15සමිඳාණන් වහන්සේ විනිශ්චයකාරයාණන් වී මාගේ පැමිණිල්ල අසා ඔබත් මාත් අතරේ විනිශ්චය කර, ඔබේ අතින් මා ගළවන සේක් වා!”
16දාවිත් මේ වචන සාවුල්ට කියා නිම කළ පසු සාවුල් කතා කොට, “දාවිත්, මාගේ පුත්‍රය, ඔය ඔබේ හඬ ද?” කියා ශබ්ද නඟා හැඬුවේ ය.
17ඔහු දාවිත්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ මට වඩා දැහැමි ය. මන්ද, මා ඔබට නපුර කළ නමුත්, ඔබ මට යහපත කෙළෙහි ය.
18සමිඳාණන් වහන්සේ ඔබ අතට මා පාවා දුන් විට පවා, ඔබ මා නොමරා, මට යහපත කළ බව අද ඔබ මට පෙන්වා දුන්නෙහි ය.
19මිනිසෙකුට සිය සතුරා අසු වුණොත්, ඔහුට සුව සේ යන්නට ඉඩ හරියි ද? එබැවින් ඔබ අද දවසේ මට කළ මේ දේ නිසා සමිඳාණන් වහන්සේ ඔබට යහපත් විපාකයක් දෙන සේක් වා!
20සැබැවින් ම ඔබ රජ වන බවත්, ඉශ්රායෙල්වරුන්ගේ රාජාධිපත්‍යය ඔබ අතේ ස්ථිර ව පවතින බවත් මම දනිමි.
21ඒ නිසා මට පසුව එන මාගේ වංශය ඔබ විසින් සිඳ දමනු නොලබන ලෙසත්, මාගේ පිය වංශයෙන් මාගේ නාමය නැති කර නොදමනු ලබන ලෙසත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙන්න.”
22දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේ ය. ඉක්බිති සාවුල් ගෙදර ගියේ ය; දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඔවුන් සැඟවී සිටි ස්ථානයට ගියහ.