1මාගේ සුළු අනුවණකමක් ගැන ඉවසන මෙන් ඉල්ලමි. ඔබ ඉවසන බවට මට සැකයක් නැත.
2නිර්මල කන්‍යාවක වැනි ඔබ, ක්‍රිස්තුන් වහන්සේ වන එක ම ස්වාමියා හට සරණ පාවා දීම පිණිස මා ගිවිසුම් දුන් බැවින්, මම දිව්‍යමය හිතවත්කමකින් ඔබ ගැන හිතවත් වෙමි.
3
4යමෙක් ඔබ වෙත පැමිණ අප ප්‍රකාශ නොකළ වෙන ජේසුස් කෙනෙකුන් ප්‍රකාශ කරයි නම්, ඔබ කලින් නොලැබූ වෙනත් ආත්මයක් හා ඔබ නොපිළිගත් වෙන සුබ අස්නක් ඉදිරිපත් කරයි නම්, එවැන්නෙකු පිළිගැනීමට ඔබ සූදානම් ය. එය හරි කදිම යි!
5එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය ප්‍රේරිතයන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි.
6මම කතාවෙහි අදක්ෂවූවත්, දැනඋගත්කමින් අදක්ෂ නොවෙමි. මේ බව හැම අවස්ථාවක දී, හැම අන්දමකින් ම ඔබට පැහැදිලි ලෙස දැක්වීමි.
7ඔබ උසස් කරනු පිණිස මා පහත් වීමෙන් ද දෙවියන් වහන්සේගේ සුබ අස්න ඔබට නොමිලයේ දේශනා කිරීමෙන් ද මා කළේ වරදක් ද?
8ඔබට සේවය කරන පිණිස, අන් සභාවලින් පැහැරගන්නා සේ ඔවුන්ගෙන් වැටුප් ගතිමි.
9
10ග්‍රීසියේ පෙදෙස්වල මා මේ කරන පාරට්ටුව නිහඬ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබමි යි ක්‍රිස්තුන් වහන්සේගේ සත්‍යය මා තුළ ඇති සේ ම දිවුරා කියමි.
11මෙසේ කියන්නේ මා ඔබට ප්‍රේම නොකරන නිසා ද? නැත. මා ඔබට ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.
12අප හා සම තත්ත්වයක් ඇතැ යි පාරට්ටු කරගැනීමට අවස්ථා සොයන අයට කිසි අවස්ථාවක් නොදීම පිණිස මා දැන් කරන දේ මතු ද කරගෙන යමි.
13එබඳු අය ව්‍යාජ ප්‍රේරිතවරයෝ ය, ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයන් මෙන් වෙස් වළාගත් වංචනික සේවකයෝ ය.
14එය පුදුමයක් නොවේ. සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් වෙස් වළාගනියි.
15ඒ නිසා ඔහුගේ සේවකයන් ද, දමිටුකමේ සේවකයන් මෙන් වෙස් වළාගැනීම පුදුමයක් නොවේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියා අනුව සිදු වේ.
16මම අඥානයෙක් ය කියා කිසිවෙක් නොසිතිය යුතු යයි මම නැවතත් කියමි. ඔබ එලෙස සිතන්නහු නම් මට මඳක් පාරට්ටු කරගැන්මට හැකි වන සේ, අඥානයෙකු ලෙස වුව ද මා පිළිගන්න.
17සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි.
18බොහෝ දෙනෙකු ලෞකික ලෙස පාරට්ටු කරගන්නාක් මෙන්, මම ද පාරට්ටු කරගනිමි.
19ඔබ ඥානවන්තයෝ ලූ! එහෙත් අඥානයන් පිළිගන්නහු ය.
20යමෙකු ඔබ වහල්කොට ගත්තත්, ගසාකෑවත්, කොන්කළත්, හෙළා දැක්කත්, ඔබේ මුහුණට පහර දුන්නත් ඔබ ඉවසන්නහු ය.
21මෙසේ කිරීමට තරම් මා දුර්වල වී නම් මම ලජ්ජා වෙමි. යමක් ගැන යමෙක් ආඩම්බර වේ නම්, මටත් එලෙස ආඩම්බර විය හැකි ය. මා එසේ කියන්නේ අඥානකමින් ය.
22ඔව්හු හෙබ්‍රෙව්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ඉශ්රායෙල්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ආබ්‍රහම්ගේ පෙළපතින් පැවත එන්නෝ ද? මමත් එසේ ම ය.
23
24
25
26
27මහත් දුෂ්කරතා මැද මම වෙහෙස මහන්සි වී වැඩ කෙළෙමි. නොයෙක් විට නිදි නොලැබ සිටියෙමි; සාගින්නෙන් ද පිපාසයෙන් ද පෙළුණෙමි; බොහෝ විට ආහාර ද ඉඳුම්හිටුම් ද ඇඳුම්පැළඳුම් ද නැති ව සිටියෙමි.
28මේ බාහිර දේ හැර, සියලු සභාවන් ගැන මාගේ සිතේ බරක් දිනපතා ම මට ඇත.
29යමෙක් දුර්වල නම් ඒ දුර්වලකම මටත් නොදැනේ ද? යමෙක් පාපයට වැටුණොත් මම සංවේගයෙන් නොදැවෙම් ද?
30පාරට්ටු කරගැනීම අවශ්‍ය ම නම්, මම මාගේ දුර්වලකම සම්බන්ධ කාරණ ගැන පාරට්ටු කරගන්නෙමි.
31මා බොරු නොකියන බව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ සදහට ම පැසසුම් ලබන දෙවියන් වහන්සේ දන්නා සේක.
32
33මම, කූඩයක බහා, පවුරේ කපොල්ලකින් බස්වනු ලැබ ඔහු අතින් ගැළවී ගියෙමි.