1ඉශ්රායෙල් රජු වන ජෙරොබෝවම්ගේ විසිහත් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන අමශියාගේ පුත් උශ්ශියා රජ විය.
2දහසය අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමේ පණස්දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙකොලියා ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.
3තමාගේ පිය වූ අමශියා කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.
4එසේ වුවත්, දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ දේවාලවල පූජා කොට සුවඳ ද්‍රව්‍ය පිදූ හ.
5සමිඳාණන් වහන්සේ රජුට පහර දුන් සේක. ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨ රෝගියෙකු ව, වෙන ම ගෙයක වාසය කෙළේ ය. රජුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.
6උශ්ශියාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
7
8ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්අට වන අවුරුද්දේ දී ජෙරොබෝවම්ගේ පුත් ශෙකරියා සමාරියේ ඉශ්රායෙල්හි හය මාසයක් රජකම් කෙළේ ය.
9ඔහු තමාගේ පියවරුන් කළ පරිදි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඉවත් නො වී ය.
10ජාබෙශ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට සෙනඟ ඉදිරියේ ඔහුට පහර දී මරා, ඔහු වෙනුවට රජ විය.
11ශෙකරියාගේ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
12
13ජාබෙෂ්ගේ පුත් ෂල්ලුම් ජුදාහි රජ වන උශ්ශියාගේ තිස්නව වන අවුරුද්දේ දී රජ වී මාසයක් සමාරියෙහි රජකම් කෙළේ ය.
14එවිට ගාදීගේ පුත් මෙනහෙම් තිර්ශා සිට පිටත් වී සමාරියට අවුත් ජාබෙශ්ගේ පුත් ෂල්ලුම්ට සමාරියේ දී පහර දී ඔහු මරා, ඔහු වෙනුවට රජ විය.
15ෂල්ලුම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ කුමන්ත්‍රණය ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
16එකල මෙනහෙම් තිප්සාටත්, එහි සිටි සියල්ලන්ටත්, තිර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේ ය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහර දී එහි සිටි සියලු ගර්භණීන් දෙපළු කරදැමී ය.
17ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්නව වන අවුරුද්දේ දී ගාදීගේ පුත් මෙනහෙම් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ දස අවුරුද්දක් රජකම් කෙළේ ය.
18ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු තමාගේ සියලු දවස්වල ඉවත් නොවී සිටියේ ය.
19අසිරියාවේ රජ වූ පූල් දේශය ආක්‍රමණය කෙළේ ය. මෙනහෙම් ද රාජ බලය තමා අතේ තහවුරු කරගැනීමට, පූල් තමාට උදව් වන පිණිස රිදී කිලෝග්‍රෑම් තිස්හතරදහසක් ඔහුට දුන්නේ ය.
20මෙනහෙම් තෙමේ අසිරියාවේ රජුට දෙන පිණිස එක් එක්කෙනාගෙන් රිදී කාසි පණහක් බැගින් ඉශ්රායෙල්හි සියලු පොහොසත් බලවතුන්ගෙන් අය කෙළේ ය. එවිට අසිරියාවේ රජ දේශයේ නොනැවතී හැරී ගියේ ය.
21මෙනහෙම් අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
22මෙනහෙම් ද මියගිය පසු ඔහුගේ පුත් පෙකහියා ඔහු වෙනුවට රජ විය.
23ජුදාහි රජ වූ උශ්ශියාගේ පණස් වන අවුරුද්දේ දී මෙනහෙම්ගේ පුත් පෙකහියා සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දෑවුරුද්දක් රජකම් කෙළේ ය.
24ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.
25ඔහුගේ අශ්ව රථාධිපතියා වන රෙමලියාගේ පුත් පෙකා, ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මිනිසුන් පණස්දෙනෙකුත් කැඳවාගෙන අවුත්, සමාරියෙහි රජවාසලේ බලකොටුවේ දී ඔහු මරා ඔහු වෙනුවට රජ විය.
26පෙකහියාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
27ජුදාහි රජු වන උශ්ශියාගේ පණස් දෙ වන අවුරුද්දේ දී රෙමලියාගේ පුත් පෙකා සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී විසි අවුරුද්දක් රජකම් කෙළේ ය.
28ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.
29ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.
30උශ්ශියාගේ පුත් ජෝතාම්ගේ විසි වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා රෙමලියාගේ පුත් පෙකාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට, ඔහුට පහර දී මරා ඔහු වෙනුවට රජ විය.
31පෙකාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
32රෙමලියාගේ පුත් ඉශ්රායෙල්හි රජු වන පෙකාගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ උශ්ශියාගේ පුත් ජෝතාම් රජ විය.
33විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි.
34ජෝතාම් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කරමින් තමාගේ පියා වූ උශ්ශියා කළ සියල්ල ලෙස කෙළේ ය.
35එහෙත්, ගිරිකුළු දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල සුවඳ ද්‍රව්‍ය පිදූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහු ය.
36ජෝතාම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
37ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේ සිරියාවේ රජ වූ රෙශින් ද රෙමලියාගේ පුත් පෙකා ද ජුදාට විරුද්ධ ව සටනට යවන්න පටන්ගත් සේක.
38ජෝතාම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජ විය.