1රෙමලියාගේ පුත් පෙකාගේ දහහත් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෝතාම්ගේ පුත් ආහාස් රජ විය.
2ආහාස් විසි අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු තමාගේ පිය වූ දාවිත් මෙන් නොව තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ නොකර,
3
4ඔහු ගිරිකුළු දේවාලවලත්, හෙල් පිටත්, සියලු අතු පතර ඇති ගස් යටත් පූජා ඔප්පු කොට සුවඳ ද්‍රව්‍ය පිදී ය.
5
6ඒ කාලයේ දී සිරියාවේ රජ වන රෙශින්, ඒලත් දේශය නැවත සිරියාවට ලබාගෙන ජුදාවරුන් ඒලත් කෙරෙන් පහකරදැමී ය. සිරියන්වරු ඒලත්ට අවුත් අද වන තුරු එහි වසති.
7එකල ආහාස් අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් වෙත දූතයන් යවා, “මම ඔබේ මෙහෙකරුවා ය; ඔබේ පුත්‍රයා ය. ඔබ අවුත් මට විරුද්ධ ව නැඟිට සිටින සිරියාවේ රජුන්ගේ අතිනුත්, ඉශ්රායෙල් රජුන්ගේ අතිනුත් මා ගැළවුව මැනව”යි කියා යැවී ය.
8තවද, ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අසිරියාවේ රජුට තෑග්ගක් වශයෙන් යැවී ය.
9අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.
10ආහාස් රජ අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් සම්බ වන්න දමස්කයට ගොස් දමස්කයේ තිබුණු පූජාසනය දැක, පූජාසනයේ සියලු වැඩවල හරි සැලැස්මක් ද එහි දිග පළල ආදිය ද උරියා පූජකයාට එවී ය.
11උරියා පූජක තෙමේ පූජාසනය ගොඩනැඟුවේ ය. ආහාස් රජ දමස්කයෙන් එවූ සියල්ලේ හැටියට උරියා පූජක තෙමේ ආහාස් රජ දමස්කයෙන් එන්නට පෙර එය සෑදුවේ ය.
12රජ දමස්කයෙන් අවුත්, ඒ පූජාසනය දැක, ඊට ළං ව ඒ මත පූජා කෙළේ ය.
13ඔහු තමාගේ දවන යාග පූජාවත්, ආහාර පූජාවත් පුදා, තමාගේ පානීය පූජාව වත් කොට තමාගේ සහභාගිකමේ පූජාවල ලේ පූජාසනය මත ඉස්සේ ය.
14
15ආහාස් රජ පූජකයා වූ උරියාට අණ කරමින්, “උදේ දවන යාග පූජාවත්, සවස ආහාර පූජාවත්, රජුගේ යාග පූජාවත්, ඔහුගේ ආහාර පූජාවත්, දේශයේ මුළු සෙනඟගේ දවන යාග පුජාවත්, සවස ඔවුන්ගේ ආහාර පූජාවත්, ඔවුන්ගේ පානීය පූජාවලුත් මහා පූජාසනය මත දවා, දවන යාග පූජාවේ සියලු ලේත්, පූජාවේ සියලු ලේත් එය මත ඉසින්න. ලෝකඩ පූජාසනය වනාහි මාගේ පේන කීම පිණිස වන්නේ ය”යි කී ය.
16ආහාස් රජු අණ කළ සියල්ල පූජක වන උරියා ඉටු කෙළේ ය.
17
18සබත් දවසේ යාම පිණිස මාලිගාවෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගය ද රජුට ඇතුළු වීමට තිබුණ බාහිර ස්ථානය ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව දෙසට හරවා තැබී ය.
19ආහාස් කළ අනෙක් ක්‍රියා ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
20