1
2ඒ ස්ත්‍රී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ වචනය ලෙස කරමින් ඇගේ ගෙවැසියන් සමඟ පිටත් ව ගොස් පිලිස්තිවරුන්ගේ දේශයෙහි සත් අවුරුද්දක් සිටියා ය.
3සත් අවුරුද්ද කෙළවර දී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවා ය. තවද, ඈ ඇගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිල්ලක් කිරීමට පිටත් ව ආවා ය.
4එකල්හි රජ, “එලිෂා කළ සියලු පුදුම දේවල් මට කියන්නැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කතා කරමින් සිටියේ ය.
5ඔහු විසින් මළ කෙනෙකු ජීවත් කරනු ලැබූ සැටි රජුට කියන විට ම බලන්න, එසේ ඔහු විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවු තමාගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිලි කරමින් සිටියා ය. ගෙහාසී කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ සිටින්නේ ඒ ස්ත්‍රිය ය; මේ සිටින්නේ එලිෂා විසින් නැවත පණ දෙන ලද ඇගේ පුත්‍රයා ය”යි කී ය.
6රජු ද ස්ත්‍රියගෙන් ඇසූ විට ඈ ඔහුට සියල්ල කීවා ය. තවද, රජ තෙමේ ඈ ගැන එක්තරා මුලාදෑනියෙකුට නියම කොට, “ඈට අයිති වූ සියල්ල ද ඈ දේශය අත්හැර ගිය දා පටන් මේ වන තුරු ඇගේ ඉඩමෙන් හටගත් සියලු පල ද ඈට ලබා දෙන්නැ”යි කී ය.
7එලිෂා දමස්කයට පැමිණියේ ය. එකල්හි සිරියාවේ බෙන්-හදද් රජ ලෙඩින් සිටියේ ය. එවිට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා මෙහි ආවේ ය”යි ඔහුට දන්වන ලදී.
8රජ හසායෙල්ට කතා කොට, “ඔබ තෑග්ගක් රැගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සම්මුඛවන්න ගොස්, ‘මේ ලෙඩෙන් මම සුව වෙම් දැ’යි ඔහු ලවා සමිඳාණන් වහන්සේගෙන් විචාරන්නැ”යි කීවේ ය.
9එවිට හසායෙල් තෑග්ගක් ගෙන දමස්කයේ නන් වැදෑරුම් ඉස්තරම් හොඳ දේවල් ඔටුවන් සතළිස්දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියෙහි සිට, “ ‘මේ ලෙඩෙන් මම සුව වන්නෙම් ද’ කියා විචාරන්නට ඔබේ පුත් සිරියාවේ රජු වන බෙන්-හදද් මා ඔබ ළඟට එව්වේ ය”යි කී ය.
10එලිෂා ද උත්තර දෙමින්, “ඔබ ගොස්, ‘සැබැවින් ඔබ සුව වන්නෙහි ය’යි ඔහුට කියන්න. එහෙත්, ඔහු සැබැවින් නසින බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි ඔහුට කී ය.
11තවද, සංවේගයට පත් වන තුරු ම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු දෙස බලා සිට පසු ව ඇඬුවේ ය.
12එවිට හසායෙල්, “මාගේ ස්වාමියා අඬන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබ ඉශ්රායෙල් ජනයාට කරන්න යන නපුර මා දන්න නිසා ය. ඔබ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිම ගසා මරා, ඔවුන්ගේ ගර්භණීන් දෙපළුකර දමන්නෙහි ය”යි කී ය.
13
14ඔහු එලිෂා වෙතින් ගොස් තමාගේ ස්වාමියා ළඟට පැමිණි විට, “එලිෂා ඔබට කීවේ කුමක් දැ”යි ඔහුගෙන් ඇසුවේ ය. “සැබැවින් ම ඔබ සුව වනු ඇත කියා මට කීයේ යැ”යි ඔහු පැවසී ය.
15පසු දා ඔහු දළ රෙද්දක් ගෙන වතුරේ පොඟවා ඔහුගේ මුහුණ පිට එළා තැබී ය. එයින් ඔහු මැරුණේ ය.
16ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ ආහබ්ගේ පුත් ජෝරාම්ගේ පස් වන අවුරුද්දේ ජෙහෝෂාපාට් ජුදාහි රජ ව සිටිද්දී ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් ජෙහෝරාම් රජ විය.
17ඔහු තිස්දෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ අට අවුරුද්දක් රජකම් කෙළේ ය.
18ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුව සරණ පාවාගෙන සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
19
20
21එවිට ජෝරාම් තමාගේ සියලු රථ රැගෙන ශායීර් නම් ස්ථානයට ගොස්, රෑ කාලයේ නැඟිට තමා වටකරගෙන සිටි ඒදොම්වරුන්ටත්, රථාධිපතීන්ටත් පහර දුන්නේ ය. එකල සෙනඟ තමන්ගේ කූඩාරම්වලට පලා ගියහ.
22මෙසේ ඒදොම්වරුන් අද දක්වා ජුදාවරුන්ගේ රාජ්‍ය පාලනය ඉවත දමා තිබේ. එම කාලයේ දී ලිබ්නාවරු ද කැරලි ගැසූ හ.
23ජෙහෝරාම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
24ජෙහෝරාම් මියගිය පසු තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.
25ඉශ්රායෙල් රජු වූ ආහබ්ගේ පුත් ජෝරාම්ගේ දොළොස් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන ජෙහෝරාම්ගේ පුත් අහසියා රජ විය.
26අහසියා විසිදෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම අතලියා ය. ඈ ඉශ්රායෙල් රජු වූ ඔම්රිගේ දුවක් ය.
27ඔහු ආහබ්ගේ වංශය ගිය මාර්ගයේ ගමන් කරමින් ආහබ්ගේ වංශය කළ ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. විවාහයෙන් ඔහු ආහබ්ගේ පවුලට බෑණා විය.
28ඔහු ආහබ්ගේ පුත් ජෝරාම් සමඟ සිරියාවේ රජු වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධ කරන්නට ගියේ ය. සිරියන්වරු ජෝරාම්ට තුවාළ කළෝ ය.
29ජෝරාම් රජ තමා සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධ ව යුද්ධ කරද්දී රාමාහි දී සිරියන්වරුන් ඔහුට කළ තුවාළ ජෙශ්‍රෙයෙල්හි සුව කරගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජු වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෝරාම් රෝගාතුර ව සිටි නිසා ඔහු බලන්නට ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.