1දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක.
2සලමොන් සියලු ඉශ්රායෙල්වරුන්ට එනම්, සහශ්‍රාධිපතීන්ට හා ශතාධිපතීන්ට ද විනිශ්චයකාරයන්ට ද පිය වංශවල ප්‍රධානීන් වන මුළු ඉශ්රායෙල්හි අධිපතීන් සියල්ලන්ට ද කතා කෙළේ ය.
3ඉක්බිති සලමොන් ද ඔහු සමඟ මුළු සභාව ද ගිබියොන්හි ගිරිකුළට ගියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් පාළුකරයේ දී සාදන ලද දෙවියන් වහන්සේගේ සම්මුඛ මණ්ඩපය එහි තිබූ බැවිනි.
4
5
6එහි සමිඳාණන් වහන්සේ අබිමුව සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට තිබෙන ලෝකඩ පූජාසනය පිට සලමොන් දවන යාග පූජා දහසක් ඔප්පු කෙළේ ය.
7එදා රාත්‍රියේ දෙවියන් වහන්සේ සලමොන්ට පෙනී, “මා විසින් නුඹට දෙනු ලැබිය යුත්තේ කුමක් ද කියා ඉල්ලන්නැ”යි ඔහුට වදාළ සේක.
8සලමොන් කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකමට පත් කළ සේක.
9
10එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය.
11දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්‍රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා,
12ප්‍රඥාවත්, දැනගැන්මත් මම නුඹට දෙමි. තවද, නුඹට පළමුවෙන් සිටි කවර රජෙකුට වත් නොතිබුණ, නුඹට පසු ව කවර රජ කෙනෙකුට වත් නොලැබෙන තරම් වස්තුවත්, සම්පතත්, ගෞරවයත් නුඹට දෙන්නෙමි”යි වදාළ සේක.
13එවිට සලමොන් ගිබියොන්හි ගිරිකුළෙහි තිබුණ සම්මුඛ මණ්ඩපය වෙතින් ජෙරුසලමට ආවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ රජ විය.
14
15ඇරත්, රජ රන් රිදී ජෙරුසලමෙහි ගල් මෙන් ද කිහිරි ගස් පාත රටෙහි අත්තික්කා ගස් මෙන් ද ගණනින් වැඩි වන්න සැලැස්සුවේ ය.
16
17ඔව්හු රථයකට රිදී කාසි හයසියය බැගින් ද අශ්වයෙකුට එකසියපණහ බැගින් ද ගෙවා මිසර දේශයෙන් ගෙනාවෝ ය. එසේ ම ඔව්හු හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත්, සිරියාවේ රජුන්ටත් ගෙනවුත් දුන්නෝ ය.