1
2ඔහු තමා රජකමට පත් වූ හතර වන අවුරුද්දේ දෙ වන මාසයේ දෙ වන දා එය ගොඩනඟන්න පටන්ගත්තේ ය.
3දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට සලමොන් දැමූ අත්තිවාරම මෙය වේ. පළමුවෙන් තිබූ නියමිත මිම්මේ හැටියට එහි දිග මීටර් විසිහතකි; පළල මීටර් නවයකි:
4ඉස්සරහ තිබුණු ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙස ම මීටර් නවයකි; උස මීටර් පණස්හතරකි. එහි ඇතුළත ඔහු පවිත්‍ර රන් ආලේප කෙළේ ය.
5ඔහු ලොකු මාලිගාවේ ඇතුළ දේවදාර ලීවලින් වසා, එහි පෙරූ රත්රන් ආලේප කොට, ඒ මතු පිට තල්ගස් ද දම්වැල් ද සාදා,
6අලංකාරය පිණිස අනර්ඝ ගල්වලින් මාලිගාව සැරසුවේ ය. ඒ රන්, පර්වායිම් නම් ස්ථානයේ රන් ය.
7ඔහු මාලිගාව ද බාල්ක ද උළුවහු ද එහි බිත්ති ද දොරවල් ද රනින් ආලේප කෙළේ ය. බිත්තිවල කෙරුබ් රූප ද කැටයම් කෙළේ ය.
8
9ඇණවල බර රන් ග්‍රෑම් පන්සියහැත්තෑවකි. ඔහු උඩුමහල් තලයෙත් රන් ආලේප කෙළේ ය.
10
11කෙරුබ් රූප පියාපත්වල දිග මීටර් නවයකි. එක පියාපතක් මීටර් දෙකයි දශම දෙකකි. එකක් මාලිගාවේ බිත්තියට ස්පර්ශ වන ලෙස ද, අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් දික් ව, අනික් කෙරුබ් රූපයේ පියාපතකට ස්පර්ශ වන ලෙස ද තිබුණේ ය.
12අනික් කෙරුබ් රූපයේ පියාපතක් මීටර් දෙකයි දශම දෙකක් දිග ව මාලිගාවේ බිත්තියට ස්පර්ශ වන ලෙස ද, අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් දිග ව අනික් කෙරුබ් රූපයේ පියාපතකට ස්පර්ශ වන ලෙස ද තිබුණේ ය.
13මේ කෙරුබ් රූපවල පියාපත් මීටර් නවයක් විහිදී තිබුණේ ය. ඒවා කෙළින් පිහිටා තිබිණි. ඒවායේ මුහුණු මාලිගාව දෙසට විය.
14
15මාලිගාව ඉදිරිපිට ඔහු මීටර් පහළොවයි දශම පහක් උස ඇති කුළුණු දෙකක් සෑදුවේ ය. එක එකේ මුදුන පිට තිබුණ පේකඩය මීටර් දෙකයි දශම දෙකකි.
16දිව්‍ය-වාක්‍යස්ථානයෙහි තිබුණ පරිදි ඔහු දම්වැල් සාදා ඒවා කුළුණු මුදුන්වල තබා දෙළුම් සියයක් ලෝකඩවලින් සාදා ඒවා දම්වැල්වල එල්ලුවේ ය.
17ඔහු මාලිගාව ඉදිරිපිට ඒ කුළුණු, එකක් දකුණු පැත්තේ ද එකක් වම් පැත්තේ ද පිහිටුවා, දකුණු පැත්තේ එකට, ‘එතුමාණෝ පිහිට වන සේක’ යන අර්ථය ඇති ‘ජාකීන්’ යන නම ද, වම් පැත්තේ එකට, ‘එහි ශක්තිය තිබේ’ යන අර්ථය ඇති ‘බෝවස්’ යන නම ද තැබී ය.