1
2ඔහු වතුර පොකුණ වාත්තු කර සෑදුවේ ය. එහි ගැටියේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා මීටර් හතරයි දශම හතරකි. එය වටකුරු ව තිබුණේ ය. එහි උස මීටර් දෙකයි දශම දෙකකි. එහි වට ප්‍රමාණය මීටර් දහතුනයි දශම දෙකකි.
3එහි පහළ කොට්ඨාශයේ මීටර් දශම පහකට ගව රූප දහය බැගින්, එය වාත්තු කරන විට වාත්තු කළ දෙපේළියක ගව රූප වටේට ම තිබිණි.
4ඒ පොකුණ ගව රූප දොළොසක් පිට තැබී ය. රූප තුනක් උතුරු දෙසට ද තුනක් බටහිර දෙසට ද තුනක් දකුණු දෙසට ද තුනක් නැගෙනහිර දෙසට ද හැරී තිබිණි. වතුර පොකුණ ඒවාට උඩින්, ඒවා පිට, විය. ඒවායේ පසුපස කොට්ඨාශ සියල්ල ම ඇතුළට තිබිණි.
5එහි ඝනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය කුසලාන් ගැටියක හැඩේට මෙන් මානෙල් මලක් ලෙස සාදා තිබිණි. එහි වතුර ප්‍රමාණය ලීටර් හැටදහසක් පමණ විය.
6
7
8
9පූජකයන්ගේ මළුව ද මහ මළුව ද ඒ මළුවට දොරවල් ද සාදා, ඒ දොරවල් ලෝකඩෙන් වැසුවේ ය.
10ඔහු දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරෙහි වතුර පොකුණ තැබුවේ ය.
11තවද, හූරාම්, සැළිත්, හැඳිත්, තාලිත් සෑදුවේ ය. මෙසේ හූරාම් දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සලමොන් රජ උදෙසා කළ වැඩ ඉෂ්ට කොට නිම කෙළේ ය.
12ඒ වැඩ නම්, කුළුණු දෙක ද, කුළුණු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙක ද, කුළුණු මුදුන් පිට වූ පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද,
13කුළුණු පිට තිබුණු පේකඩවල ගෝල වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයක් ද යන මේවා ය.
14ඔහු මැසි ද සෑදුවේ ය. මැසි පිට භාජන ද
15වතුර පොකුණ ද ඒ යට ගව රූප දොළොස ද
16සැළි ද හැඳි ද මස් කොකු ද ඒවායේ සියලු බඩු ද ඔහු සෑදුවේ ය. ඔහුට පියෙකු වූ හූරාම්-අබි සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා සලමොන් රජුට ඒ බඩු ඔප දැමූ පිත්තලෙන් සෑදුවේ ය.
17ජොර්දාන් සමභූමියෙහි සුක්කොත් ද ශෙරෙදා ද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තු කරවී ය.
18මෙසේ සලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේ ය. ලෝකඩවල බර දැනගත නොහැකි විය.
19සලමොන් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු බඩු වන රන් පූජාසනය ද, පිදීමේ රොටි තිබුණු මේස ද,
20දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට නියමයේ සැටියට දැල්වීමට පවිත්‍ර රන් පහන් රුක් ද, ඒවායේ පහන් ද,
21රනින් එනම්, ඉතා අනර්ඝ රනින් මල් ද පහන් ද අඬු ද සෑදුවේ ය.
22පවිත්‍ර රනින් පහන් කතුරු ද තලි ද හැඳි ද ගිනි කබල් ද සෑදෙව්වේ ය. මාලිගාවට ඇතුළු වන තැන එනම්, අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් ද ගෘහයේ එනම්, මාලිගාවේ දොරවල් ද රනින් විය.